
(නිමල් ජයරත්න)
දිඹුලාගල පැළෑටියාව ආරාමයකට පහරදී දේපලවලට හානි කිරීම සම්බන්ධව සිදුකර ලද පැමිණිල්ලකට විමර්ශනය කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුට උණුවතුර ප්‍රහාරයක් එල්ල කිරීම නිසා පොලිස් කොස්තාපල්වරයා පිලිස්සුම් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව මනම්පිටිය පොලීසිය කියයි.
දිඹුලාගල පැළෑටියාව සුනේත්‍රාරාම මෙහෙණි ආරාමයේ මෙහෙණින් වහන්සේ විසින් හත්වැනිදා තම ආරාමයට බීමතින් සහ නිරුවතින් පැමිණි දෙදෙනකු පහරදී දේපළවලට බරපතළ හානි සිදුකර ඇති බවට මනම්පිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව හා ක්‍රියාත්මක වූ පොලිසිය එම සැකකරුවන් අත් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ මෙසේ උණුවතුරෙන් පොලිස් කොස්තාපල්වරයාට ප්‍රහාරයක් එල්ල කොට ඇති බවද පරීක්ෂණයේදී සිදුකරන මනම්පිටිය පොලිසිය කියයි.
මෙම සිද්ධියට සම්බන්ධ මගුල්දමන පැළෑටියාවේ පදිංචි අවුරුදු 35 සහ 37, වයසේ පසුවන අයියා, මලෝ, දෙදෙනා අත්අඩංගුවට ගෙන 08 වෙනිද සවස මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd