(ඉන්දිකා රාමනායක)
ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ සුනාමි ගම්මානයේ දී ඊයේ (7) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කින්නියා කුට්ටකරච්චි 05 යන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30-33 යන වයසේ පසුවන තරුණයින් දෙදෙනකු බවත්, ඔවුන් යතුරු පැදියෙන් ගමන් කරුමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවද පොලිසිය සදහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලැබු තරුණයින් දෙදෙනා ත්‍රිකුණාමයල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
මෙම වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් සම්බන්ධයෙන් විමරශන සහ තුවාලකරුවන්ගේ ප්‍රකාශ මත සැකකරුවන් තිදෙනා කින්නියා ප්‍රදේහයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙඩි තැබීමට උපයෝගි කරගත් ටී 56 ගිනි අවිය හා පතරොම් නන්ඩුකුඩා කලපුව අසල සගවා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd