(බිමල් ශ්‍යාමන් ජයසිංහ පානදුර සුමිත් පොතුපිටිය)
බෑණා සහ මාමණ්ඩිය අතර කලක සිට පැවති ආරවුලක් දුරදිග යාමෙන් බෑණා විසින් මාමණ්ඩිය තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර දකුණ ගල් අස්ස හේන පදිංචිව සිටි කේ ඩබ්ලිව් ගුණසිරි 72 හැවිරිදි දෙදරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බෑණා ලේ තැවරුණු මන්නයක් සමඟ විනාඩි කීපයක් තුළදී අත්අඩංගුවට ගත් බව කළුතර දකුණු පොලිසියේ නිලධාරීයෙක් පැවසීය.
සැකකරු සහ මරණකරු එකම නිවසක පදිංචිව සිටින අතර සැකකරු රැකියාවක් නොකිරීම සම්බන්ධයෙන් මරණකරු විසින් නිරතුරුවම දොස් පැවරීම මෙම ඝාතනයට ආසන්නම හේතුව බවට විමර්ශනවලදී අනාවරණ බව පොලිසිය කියයි .
මීට දින දෙකකට පමණ ඉහතදී නිවසින් පිට වී තිබූ සැකකරු අද (8) මාමණ්ඩිය අලූයම නිවසින් පිටතට පැමිණෙන තෙක් මුළුතැන් ගෙයි වහලය මත සැඟව සිට මුළුතැන් ගෙට ඇතුළුවන උළුවස්ස අසලදී මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ල කර තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කළුතර දකුණ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්‍රිශාන්ත උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් පොලිස් සැරයන්වරුන් වන7859 ප්‍රියදර්ශන 96850 බණ්ඩාර97414 අමරසිංහ මහත්වරු පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාඩගම්කාරයෝ නාට්‍යයේ සරාගේ මස්සිනා වගේ කෙනෙක් අපායට පාර කපාගෙන තියෙනවා..