IMG-LOGO

විදුලි කප්පාදුව ගැන අලුත් සැලැස්මක්

(ඩයනා උදයංගනී)

විදුලි කප්පාදුව සිදුවන කාලය අඩුකරමින් වැසිකාලය දක්වා ක්‍රමයෙන් ඉදිරියට ගෙනයාමේ සැලැස්මක් විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

රට තුළ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත්, බ්‍රහස්පතින්දායින් පසුව ඛනිජතෙල් අර්බුදය නිමා කරන බවට බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා එහිදී සහතික වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට අක්‍රීයව ඇති ඇඹිලිපිටිය, සපුගස්කන්ද, මාතර බලාගාරවලට අවශ්‍ය ඉන්ධන කඩිනමින් ලබාදීමට ද එහිදී තීන්දුවක් ගත් බව ඇමතිවරයා කීවේය.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ඉන්ධන ගෙන්වීම සඳහා මසකට ඩොලර් මිලියන 400ක් එනම් දිනකට ඩොලර් මිලියන 13ක් පමණ අවශ්‍ය වන බව කී ඇමතිවරයා එම ඉන්ධනවලින් සියයට 30ක් පමණ වැයවන්නේ විදුලි නිෂ්පාදනයට බව ද කීවේය.

රටේ ජනගහණයෙන් තුනෙන් එකකට පමණ විදුලිය ලැබෙන්නේ නොරොච්චෝලේ බලාගාරයෙන් වුවත් එයට ද බොහෝ දෙනකු විරුද්ධ වූ බව පෙන්වාදුන් ඇමතිවරයා හබරණ දක්වා සම්ප්‍රේෂණ මාර්ග පවා සකස් කළ සාම්පූර් බලාගාරය පසුව බලයට ආ රජය නවතාදැමූ බවත්, එවැනි දේ මෙම අර්බුදයට හේතු වූ බවත් පැවසීය.



අදහස් (1)

විදුලි කප්පාදුව ගැන අලුත් සැලැස්මක්

Lalith M Wednesday, 09 March 2022 06:55 AM

ඉතින් සාම්පූර් දැන් පටන්ගන්න පුලුවන් නේද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site