මහින්ද හිටපු විදුහල්පති යළි රිමාන්ඩ්
ගාල්ල මහින්ද විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 21,56,200 කූඨ ලේඛන සකස් කර වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහින්ද විදුහලේ හිටපු විදුහල්පතිවරයා සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ලිපිකාරිනිය 16 වන දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද සවස නියෝග කළේය.