IMG-LOGO

ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට ඉන්දියාව අතදෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

චීනය,ඉන්දියාව සහ ජපානය සමඟ ශ්‍රී ලංකාව පැවැත්වීමට අපේක්ෂා කරන යෝජිත විදේශ ආධාර සමුළුවට ඉන්දියාව සහභාගී වන බව සහතික කර ඇතැයි  ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව නිව්ස් 18 ඉන්දීය  පුවත් සේවය සඳහන් කළේය.

හදිසි මානුෂීය ආධාර ඔස්සේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීමට ඉන්දියාව පියවර ගැනීමට ඉඩ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළ බව නිව්ස් 18 පුවත් සේවය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවෙන් ලැබෙන ඉල්ලීම් වලට ප්‍රතිචාර ලෙස ආහාර සහ ඖෂධ සඳහා අවශ්‍ය සියලුම ආකාරයේ සහාය මානුෂීය ආධාර ඔස්සේ ලබා දෙන බවට ඉන්දියාව සහතික වී ඇතැයි ඒ පිළිබඳ දැනුමක් ඇති ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව නිව්ස් 18 පුවත් සේවය ප්‍රකාශ කළේය.

ඉහළ යන උද්ධමනයත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ හිඟයත් හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් උදව් ඉල්ලා ඇතැයි නිව්ස් 18 පුවත් සේවය සඳහන් කළේය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට,මූල්‍ය සහාය ලබාගැනීමට සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට ණය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් උදව් ඉල්ලා සිටියත් ආහාර අර්බුදයක් ඇති වේ යැයි බියක් හට ගැනීම හේතුවෙන් මානුෂීය ආධාර ලබා ගැනීම සඳහා තම අසල්වැසියා වන ඉන්දියාව වෙත නැඹුරු වූ බව ආරංචි මාර්ග පවසා ඇත.       



අදහස් (0)

ලංකාවේ ආහාර සුරක්ෂිතතාවට ඉන්දියාව අතදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site