රංජන්ට උපාධිය හදාරන්න පහසුකම් දෙන්නැයි ඉල්ලීමක්
වසරක 4 ක බරපතල සිරදඬුවම් නියමව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කලා උපාධියක් හදාරමින් සිටින බවත් , එම අධ්‍යාපන කටයුතු සදහා පහසුකම් සලසන ලෙසට බන්ධනාගාර අධිකාරියට නියෝගයක් නිකුත් කරන්නැයි මහතාගේ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.