IMG-LOGO

රාජපක්ෂ පවුල අල්ලන්න ජාත්‍යන්තර වරෙන්තු ඉල්ලයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ හිතවතුන් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කළ යුතු බව බ්‍රිතාන්‍ය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ශ්‍රීමත් එඩ් ඩේවි මහතා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

රාජපක්ෂ පාලනයේ දුෂණ වංචා,බදු කප්පාදුව,ආරක්ෂක වියදම අහස උසට නැගීම සහ පමණ ඉක්මවූ පොලිස් බලතල හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි බ්‍රිතාන්‍ය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ශ්‍රීමත් එඩ් ඩේවි මහතා ප්‍රකාශ කළේය.බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්වී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහායවීමට පූර්ණ ආර්ථික සහ දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා කටයුතු කළ යුතු බව ශ්‍රීමත් එඩ් ඩේවි මහතා පැවසුවේය.

බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙක් ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්වී ශ්‍රී ලංකාවට ඉක්මණින් ආර්ථික පැකේජයක් ලබා දීමට කටයුතු කළ යුතු බවත් එයට දේශපාලන පැකේජයක් ඇතුළත් විය යුතු බවත් එයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ හිතවතුන් අත් අඩංගුවට ගන්නා ජාත්‍යන්තර වරෙන්තුවක්ද ඇතුළත් විය යුතු බවත් ශ්‍රීමත් එඩ් ඩේවි මහතා ප්‍රකාශ කර ඇත.   



අදහස් (18)

රාජපක්ෂ පවුල අල්ලන්න ජාත්‍යන්තර වරෙන්තු ඉල්ලයි

පහලගෙදර පුංචිබණ්ඩා Thursday, 14 July 2022 03:54 PM

අනුන්ට වරෙන්තු නිකුත් කරන්න කලින් ඔබලගේ රටේ අයට සීතල කාලේ මැරෙන්න කලින් රුසියාවෙන් ණයට හරි ගෑස් ටිකක් ඉල්ලා ගන්න..

:       77       66

fairoosThursday, 14 July 2022 04:42 PM

රාජපක්ෂලාට කඩේ යන අය තවත් ඉන්නවනේ..? දැන්වත් ඔය වහල්කමින් මිදෙන්න. රටට මෙච්චර වෙලත් මොවුන්ගේ කට...

:       0       0

Dream Thursday, 14 July 2022 03:56 PM

කොහොමද ඩයස්පෝරාව සුද්දව බිලි බාගත්තු හැටි...! එංගලන්තයේ ප්‍රශ්ණ නැතුවාටද..? සුද්දන් ගැනවත් නොහිතන අවස්ථාවාදී සුද්දෙක්... අර 'පැතුම් කර්නර්ගේ' කියන අරගලකාරයා එංගලන්තයේ පදිංචි පැත්තේ ඉන්න සුද්දෙක්නේ මෙයා!

:       54       60

Pakeer Thursday, 14 July 2022 04:11 PM

දැන් සනීපද?

:       0       0

susantha Thursday, 14 July 2022 04:12 PM

එක පවුලක බල තණ්හාව වෙනුවෙන් කෝටි 2ක ජනතාව බිල්ලට දෙන්න බෑ තවත්. ලංකාවේ ලොවෙත් නීතියක් ඉෂ්ඨ නොවෙන එකේ ඔන්න ඔය කට්ටිය ජාත්‍යන්තරෙන්වත් අල්ල ගනිල්ලා...

:       0       0

මැක්ස් Thursday, 14 July 2022 04:18 PM

බළලා මල්ලෙන් එළියට පනිමින් ඇත. මෙය හුදෙක් නිර්පාක්ෂික හෝ නිර්⁣දේශපාලන අරගලයක් නොවන බවට ඇති අදහස නිවැරදි බව පෙනේ.

:       58       57

kasun Thursday, 14 July 2022 04:24 PM

අපේ රට කාලා කාලා ගිහින් මදිවට දැන් එනවා අපේ මගුල් කියවන්න. තව ටික දවසකින් LTTE අයත් කියයි ඕකම...!

:       0       0

gayan Thursday, 14 July 2022 04:25 PM

අපේ රටේ ඉන්න කුහකයෝ නම් ඒකටත් කැමැති වෙයි...

:       0       0

කිරි පුතා Thursday, 14 July 2022 04:30 PM

මෙන්න ලංකාවේ අරගලය සහ කොටි ඩයස්පෝරාව අතර පාලම කතාකරයි...

:       0       0

Kule Thursday, 14 July 2022 05:08 PM

ඉරාකයට, ලිබියාවට කරපු හානිය ඒ කරපු අය ඉස්සෙල්ලා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරන්න.

:       0       0

ranjith Thursday, 14 July 2022 05:54 PM

යහපත් මනුස්සයෙක් විදිහට ධාර්මිෂ්ඨව රට පාලනය කළානම් ගොවීන් අමාරුවේ දාලා ර බංකොළොත් කරලා මිනිස්සු පාරට ඇදලා දැම්මේ නැතිනම් ඔය කරදර මුකුත් නෑ.

:       11       47

චන්දන Thursday, 14 July 2022 05:57 PM

කට කතාවට වංචා දූෂණ කියලා හරියන්නේ නැහැ කියලා එයාලත් දන්නවා. රාජපක්ෂ පවුලට තවම ඒ සම්බන්ධ කිසිඳු නඩුවක් නැහැ. ඉස්සර වෙලා නඩු දාන්න. පස්සේ වරෙන්තු ඉල්ලන්නේ...

:       0       0

lakvidu Thursday, 14 July 2022 06:09 PM

එක එක්කෙනාට මේ විදිහට අපේ රටට ඇඟිල්ල ගහන්න ඉඩ සැලැස්සුවේත් රාජපක්ෂලාගේ කෙරුවාවම තමයි.

:       11       33

samThursday, 14 July 2022 07:47 PM

ලංකාව තාම බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ද?

:       0       0

අරගලයා Thursday, 14 July 2022 06:32 PM

අරගලය යට ඉන්නේ කවුද කියලා දැනුයි තේරුණේ. ආයේ නම් පැත්ත පළාතේ යන්නේ නෑ.

:       27       29

mangala Thursday, 14 July 2022 07:55 PM

බළලා මල්ලෙන් එළියට පැන ඇත. සිංහල බෞද්ධයින් අරගලයට දැක්වීම සුද්දගේ දක්ෂකමද, නැත්නම් සිංහල බෞද්ධයාගේ මෝඩකමද? කොහොම වුණත් අඩුවැඩි වශයෙන් රාජපක්ෂලත් මේ ගැන වගකිව යුතුයි...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 15 July 2022 08:00 AM

රටේ සේසතම හොරකම් කොට, නෙළුම් කුළුණ, නැව් එන්නේ නැති වරාය, ප්ලේන් නොඑන ගුවන් තොටුපළ ආදිය ඉදිකොට, තමන් වටේ සිටි නෑයින්ට හා හිතවතුන්ට රටම හොරාකෑමට ඉඩදුන් දූෂිත රාජපක්ෂවරුන් හා හෙංචයියන් අත්අඩංගුවට ගෙන හොරාකෑ දේ නැවත අපේ රටට ලබාදීමට ජාත්‍යන්තරය ඉදිරිපත් වීම සතුටට කරුණක්... රටම බංකොළොත් කළ දූෂිත හොරුන් අල්ලා ගන්න උදව් කරණා විට එයට විරුද්ධ ඇතැම් හෙන්චයියන්ගේ විරුද්ධ වීම සදාචාර සම්පන්න නොවන බව අපි දනිමු. පිටරටවල සිටිනා අපේ මිනිසුනි, ඔබ සැමගේ සහායත් මේ සඳහා ලැබදෙන්න...!

:       0       0

Bamunuarachchi Friday, 15 July 2022 01:52 PM

මොන වැරැද්දටද සුද්දෝ ගෝඨාභය අත්අඩංගුවට ගන්නේ? බොල සුද්දෝ රටක ආර්ථිකය රඳා පවතින්නේ පඩියෙන් ජීවත් වෙන මිනිස්සුන්ගෙන්ද? රටේ ව්‍යාපාර වැඩිදියුණු වීමෙන්ද? අනවශ්‍ය ලෙස බදු ගැසුවොත් බදුබර යන්නේ කාටද? අඩු කරන සෑම බදුබරකින්ම ජනතාවට සහන ලැබෙන්නේ නැත. සමහර ආයතනවල ඔවුන්ගේ සේවාවල අයකිරීම මෙපමණයි. වැට් බදු මෙපමණයි කියා පෙන්වනවා. එවිට වැට් බද්දේ අඩුවීම සේවා ලාභියාට ලැබෙනවා. නමුත් බදුබර වැඩි වුණෙත් ව්‍යාපාර ගෙනයාමට බැරිවී ව්‍යාපාර වැසෙනවා. එතකොට පඩියෙන් ජීවත් වුණු ගොයියා ගෙදර. පාරට ජාත්‍යන්තර සහාය දෙන්න ජෙප්පන්, පෙරෙට්ටන්, කුරුට්ටන් පන්නා දමන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 486 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 298 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site