(නිමල් ජයරත්න)
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත පිට පළාත්වලින් රැගෙන එන දානමාන අහිමිවිම හේතුවෙන් ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා ඇතුළු සාමණේර හිමිවරුන් විවිධ අසීරුතාවට පත්ව ඇති බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති උතුරු නැගෙනහිර තමන්කඩුව දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් සඳහන් කළහ.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භාවනා යෝගි භික්ෂූන් වහන්සේලා විසිපස් නමක්ද, සාමණේර භික්ෂුන් වහන්සේලා පනස් නමක් පමණද, ආරණ්‍ය සේනාසනයේ වැඩවසන භික්ෂූන් වහන්සේලා විසිනමක් ඇතුළුව සියයකට ආසන්න සංඛ්‍යාවක් නේවාසිකව වැඩ වාසය කරන අතර ආසන්න ගම්මානවලින් පැමිණෙන හීල් දානය, දහවල් දානය, ඉඳහිට ලැබෙන අතර පිට පළාත්වලින් පැමිණෙන විශේෂ දාන රැගෙන ඒමට ඉන්ධන පහසුකම් නොමැති බවට එම දායකයන් සඳහන් කර බවද දිඹුලාගල නාහිමියෝ සඳහන් කරති.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන භික්ෂූන් වහන්සේලාට ආරාධනය ලැබෙන දානමාන කටයුතුවලට වැඩම කිරීමට විහාරස්ථානයේ තිබෙන කැබ් රථයට ඉන්ධන පහසුකම් නොමැති වීම නිසා එම දානවලට වැඩම කරවීමටද අසීරු වී ඇති බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූහු සඳ හන් කළහ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමුකරන ලෙස දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමියන් ඉල්ලීමක් කර සිටියහ.
ඉන්ධන අර්බුදය දිගටම පැවතුනහොත් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන සියලු භික්ෂූන් වහන්සේලාට මෙන්ම සාමණේර හිමිවරුන්ට දානමාන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වීමට ඉඩකඩ ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් සිහිපත් කළහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඉන්ධන හිඟය දිඹුලාගල ආරණ්‍යටත් දැනිලා
අනුරුද්ධිකා රණවීර Friday, 15 July 2022 11:35 AM
බුදුන් වැඩි මග තෝරාගැනීමට කාලයයි. පිණ්ඩපාතිකව දානයට කාලයයි. දුප්පතුන්ටත් දානමය කුසලය ලබාගන්න පුළුවන්... ස්වාමීන් වහන්සේලාගේ ශරීර නිරෝගි, සුවපත් වේවි. එහෙම වුණා නම් දේශපාලනය මෙතරම් වැරැදි නොකරාවි...!