(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස, සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානයෙන් සුළු මොහොතකට පෙර සිංගප්පුරුව බලා පිටත් වූ බව බංගලාදේශ මාධ්‍ය වාර්තා කළේය.
සෞදි ගුවන් සේවයට අයත් එස්.වී 788 ගුවන් යානය සිංගප්පූරු වේලාවෙන් පස්වරු 7 ට පමණ සිංගප්පූරුවට ගොඩ බෑමට නියමිත බව බංගලාදේශ මාධ්‍ය සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ජනාධිපති සිංගප්පූරුව බලා පිටත් වෙයි
sam Thursday, 14 July 2022 01:03 PM
මේ වෙලාවේ කීයටවත් අස්වෙන්න එපා... අපේ රට, ජාතිය, ආගම, හමුදාව මේ වෙලාවේ රැකිය යුතුයි...!
Ruwan RThursday, 14 July 2022 03:26 PM
හැංගිලා ඉඳගෙනද?
රනේ Thursday, 14 July 2022 01:15 PM
එතන ඉඳන් අපායට ළඟයිද?
dilan Thursday, 14 July 2022 01:17 PM
ගෝඨා එහෙට යන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලා ගන්න. ප්‍රභාකරන්ට ගහපු ගෝඨාට ඕක සුළුදෙයක්..!
fairoos Thursday, 14 July 2022 01:21 PM
ජාතිවාදයෙන් රට කරන්න ඇවිල්ලා රටට කරපු විනාශය... කොහේ ගියත් සොබාදහමින් පඩිසන් ලැබේවි..!
දාස Thursday, 14 July 2022 01:23 PM
යන්න ඕනේ අපායට..!
Janaka Thursday, 14 July 2022 01:30 PM
දිට්ඨධම්ම වේදනීය කර්මය නම් පුදුමාකාර සත්‍යයක්. ඉස්සර මෙයාගේ තර්ජන, චණ්ඩිකම්, සහ සුදුවෑන් වලට මිනිස්සු කොච්චර නම් මර බයේ හැංගි හැංගි දුවන්න ඇත්ද? අද එයාට ඒ මර බය දසදහස් ගුණයකින් දැනෙනවා ඇති. අද එයා විසින් ඒ මිනිස්සුන්ටම බයේ හැංගි හැංගි දුවන විදිය හරිම පුදුමයි. ඒක අද අපිට ඇස් පනාපිටම පෙනෙනවා නේද? මෙයාගේ බලය තියෙන කාලේ සිංහල අපිටම මෙහෙම කරා නම් යුද්දේ කාලේ යාපනේ අහිංසක අසරණ දෙමළ මිනිස්සුන්ට කොහොම කරන්න ඇත්ද? අද එයාට ලසන්ත, ප්‍රගීත්, තාජුදීන්, ඇතුළු දහස් ගණනකගේ පවුල් වලට දීපු ගින්දර බුර බුරා නැවත පැමිණ ඇත. රාජපක්ෂ පවුල මේ සියල්ල කළේ මුදලට තිබුණු අධික තණ්හාව නිසයි. අද කොපමණ මුදල් කන්දරාවක් එකතුකරන් තිබුණත් මෙයාලගේ හිත්වල තිබෙන මරබය අපිට හිතාගන්නවත් බැරිතරම් වෙන්න පුළුවන්. අන්තිමට ලෝකයේ කිසිම රටකට යන්න බැරිවුණු තරමටම වැඩ වුණා. ගියත් හැම තප්පරයකම මර බයේ ජීවත් වෙන්න වීම මාරම මාරයි. "තණ්හාය ජායතී සෝකෝ... තන්හාය ජායතී භයං"...
B42009Thursday, 14 July 2022 02:56 PM
ජානක ඔබගේ අදහස කියෙව්වහම මට ප්‍රභාකරන් කිව්ව දෙයක් මතක් වුණා " සිංහලයාට ඕනෑම දෙයක් මතක තියෙන්නේ හත් දවසේ දානය දෙනකම් විතරයි - ඊට පස්සේ කුළල් කාගන්න එක තමයි කරගන්නේ කියලා..! ඇත්ත...! එදා රට බේරලා දුන්නේ නැතිනම් අද ඔය අරගල කාරයින් ගැන කුමන කතාද..? අනික ප්‍රභාගේ කාලේ අම්මා, තාත්තා එකම බස් එකේ වැඩට ගියේ නෑ මරණ බියට..! ඒ තරම් අවධානමක් රටේ තිබුණු යුගයක්...
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 14 July 2022 01:35 PM
ඉක්මණින් අස්වීමේ ලිපිය එවන්න. රාජපක්ෂ ශාපය මේ රට කොයිතරම් විනාශ කළාද? ඔබලා රටෙන් ගිහිල්ලා හෝ රට ගැන කිසිම කැක්කුමක් නැහැ...
Wasantha Thursday, 14 July 2022 01:55 PM
මිලියන් ගානක් මිනිසුන්ට කල මෙ අපරාදය විඳවන්න විඳවන්නම. කොහෙන් පැන්නත් කර්මය කියන එකෙන් බෙරෙන්න බැහැ.
kamal Thursday, 14 July 2022 01:55 PM
කල පවු සින්ගපුරුවට හෝ ඩුබයි වලට ගොස් මහ හරින්න බැහැ. තමන් කරපුවා තමන් දන්නවානෙ.
de silva Thursday, 14 July 2022 02:16 PM
මහලොකු රට රකින විරුවා. පොඩි කොල්ලො සෙට් එකකට බයවෙලා, ඔලුව අවුල් වෙලා ලෝකය වටේ දුවනවා. ඔය සින්දුව ලියලු කෙනා කවුද?
gune Thursday, 14 July 2022 02:25 PM
දැනුත් ඉස්සර වගේ පැජරෝ එකෙන් බහිනකොට කුඩේ අල්ලන කෙනෙක් ඉන්නවද?
Lalith M Thursday, 14 July 2022 04:19 PM
මොන පැජෙරෝද හලෝ. බෙන්ට්ලි නැතිනම් කැඩිලැක් හෝ ටෙස්ලා. යන්න එන්න ලියර් ප්‍රයිවට් ජෙට් එකක්.ඒකටනේ මෙච්චර මාටිය ගැහුවේ.
samanThursday, 14 July 2022 04:31 PM
සිංගප්පූරුවේ බයියන් නැහැ බන්...!
Appuhami Thursday, 14 July 2022 02:48 PM
පොඩි කොල්ලෝ සෙට් එකට බය වුණු විරුවා නැට්ට අස්සේ ගහන් ගිය ලස්සන. දැන් ඉතින් හොරා කාපු සල්ලි දෙන්න...
ganegoda Thursday, 14 July 2022 02:53 PM
ඔය කොහේ ගියත් අපිට කමක් නැහැ. ආපහු එන්න විතරක් එපා..
Aruna Thursday, 14 July 2022 02:55 PM
ඔබතුමාට නිදුක් නිරෝගි විශ්‍රාම දිවියක් පතමි..!
අකුරෙගොඩ හැංගි මුත්තා Thursday, 14 July 2022 02:58 PM
මාලදිවයිනේ ඉඳලා සිංගප්පූරුවට යන්න පැය 7ක් යනවද...? ගුවන් යානය තල්ලුකරගෙන වෙන්ටැති යන්නේ..
Prabha Thursday, 14 July 2022 03:13 PM
සිංගප්පූරුව බලා පලායයි කියලා කිව්වානම් හරි...
Ruwan R Thursday, 14 July 2022 03:32 PM
කිව්වා කිව්වා.. ඇහුවෙම නැහැනේ... සාර්ථක වෙනකන්නේ හිටියේ. දැන් නම් මාරම සාර්ථකයි.
de silva Thursday, 14 July 2022 04:50 PM
ජාත්‍යන්තර වරෙන්තුව අනුව අල්ලගත්තොත් ඇමෙරිකාවේ හරි, එංගලන්තේ හරි නඩු අහලා එහෙම හිරේ දමන්න.... දේශපාලන හොරු මොන වරද කළත් මෙහෙ දඬුවම් ලැබෙන්නේ නැහැ. ලැබුණත් ඇපීල් කරලා පාර්ලිමේන්තු ඇවිත් අපිව දිගටම කාබාසිනියා කරනවා...
Kumara Thursday, 14 July 2022 07:02 PM
විකාර තමයි..!
kumara hemantha Thursday, 14 July 2022 07:03 PM
මට වැරදුණා කොල්ලෝ...!