යල කන්න මඟ හරින්න එපා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධවී පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අද (30) උපදෙස් දුන්නේය. 30 May 2022
නිශාන්තගේ V8 ජිප් රියට ගල් ගැසූවන් අල්ලන්න පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැමිණී ජලසම්පාදන ව්‍යාපෘති අමාත්‍යාංශයට අයත් වී 8 වර්ගයේ ජීප් රථයට කොළඹදී ඉකුත් 09 වැනිදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලදී ගල් ගසා හානි කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා කුරුදුවත්ත පොලීසියට අද (30) නියෝග කළේය. 30 May 2022
බේකරි 2,000 ක් වැසෙයි දිවයින පුරා ඇති බේකරි 7000න් 2000කට අධික ප්‍රමානයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 30 May 2022
සතියකට පසු ගෑස් සැපයුම හෙට ඇරැඹෙයි ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සැපයිම නැවත හෙට (31) පස්වරුවේ ආරම්භ කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (30) පස්වරුවේ පැවසීය. 30 May 2022
ශ්‍රී ලංකාවේ පළමු වීදි පුස්තකාලය විවෘත කරයි ශ්‍රී ලංකාවේ පළමු වීදි පුස්තකාලය අද(30) විවෘත කෙරිණි.ශ්‍රී ලංකාවේ පළමු වීදි පුස්තකාලය පකිස්තාන රජයේ පරිත්‍යාගයකි.සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පොත් පුස්තකාලයෙන් ලබාගත හැක. 30 May 2022
අයි.ආර්.සී ප්‍රහාරයෙන් කොස්තාපල් රෝහලට මාලිගාවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු මාලිගාවත්ත පොලිස් වසමේ මිල්ටන් පෙරේරා මාවතේ කාල්ටන් පෙර පාසල ඉදිරිපිට අතුරු මාර්ගයේදී දිවයිනේ නමගිය අපරාධකරුවකුගේ පිහි පහරකට ලක්වීමෙන් ඔහු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට අද (30) පෙරවරුවේ ඇතුළත් කරනු ලැබීය. 30 May 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාවිරහිත වෙයි මාස දෙකට පසුව සෙනසුරාදා (28) නැවත ආරම්භ කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කාර්මික දෝෂයක් හේතුවෙන් අද (30) පෙරවරුවේ ක්රියාවිරත වූ බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 30 May 2022
ළමා අපචාර වාර්තා කිරීමේදී සංවේදීවන්න ළමා අපයෝජන සිද්ධීන් වාර්තා කිරීම ඉතා සංවේදීව සිදුකළ යුතු බවත්, එසේ කිරීමේදී වින්දිතයන් වන දරුවන්ගේ ඡායාරූප පළකිරීමෙන් වැළකිය යුතු බවත් ළමා ආරක්ෂණ සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 30 May 2022
පාපැදි මිල සියයට සියයකින් ඉහළට ඩොලර් ප්රශ්නය නිසා පාපැදි මිල සියයට සියයකින් ඉහළ ගොස් ඇතැයි පාපැදි නිපදවන්නන්ගේ සහ එකලස් කරන්නන්ගේ සංගමයේ ලේකම් රිස්නි ඉස්මත් මහතා ලංකාදීපයට පැවැසීය. 30 May 2022
වෙන් කළ ආසන සඳහා දුම්රිය ගාස්තු වැඩි කරයි වෙන්කළ ආසන සඳහා දුම්රිය ගාස්තුව වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. 30 May 2022
'ජූනි මාසයේ ඉන්ධන ආනයනට ඩොලර් මිලියන 554 ක් අවශ්‍යයි' ජුනි මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 554 ක් පමණ අවශ්‍ය බවත් එම අවශ්‍යතාවයෙන් ඩොලර් මිලියන 100 ක දායකත්වයක් ඉන්දියානු ණය ක්‍රමයෙන් ලැබෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 30 May 2022
අන්තරෙන් අත්පත්‍රිකා බෙදයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සංවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ අත් පත්‍රිකාවක් බෙදා දීමේ වැඩසටහනක් අද (30) කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී සිදු කෙරිණි. 30 May 2022
බිත්තර-කුකුළු මස් මිළ ඉහළට වෙළඳපොලේ බිත්තර, කුකුලුමස්, මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 30 May 2022
ඉන්දීය මානුෂික ආධාර බෙදන්න ඉන්ධන - කාලගුණය හරහට ඉන්දියාවෙන් ප්රදානය කළ සහල් සහ කිරිපිටි බෙදාහැරීමට ඉන්ධන අර්බුදය සහ වර්ෂාව සහිත කාලගුණය බලපෑම් කර ඇති බවත් එම බාධක නොතිබුණේ නම් එම ආහාර මේ වන විට ජනතාවට බෙදීම අවසන් වන බවත් ආහාර කොමසාරිස් ජේ. ක්‍රිෂ්ණමූර්ති මහත්මිය ‘ලංකාදීප’යට පැවසුවාය. 30 May 2022
ගෑස් මෙට්‍රික්ටොන් 3500 ක් එයි ලිට්රෝ ගෑස් සමාගම ආනයන කළ ගෑස් මෙට්‍රික්ටොන් 3500 ක් රැගත් නෞකාව අද (30) පෙරවරුවේ උස්වැටකෙයියාව මුහුදු තීරයට ළගා වූ බවත් එහි ගෑස් ගොඩබෑම අද පස්වරුවේ ආරම්භ කරන බවත් ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 30 May 2022
දේශබන්දුට දින 14ක් නිවාඩු බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දින මහතා දින 14 ක කාලයක් සදහා නිවාඩු ගොස් ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි. 30 May 2022
’’රට’’කජු ලංකාවෙි බින්න බහී රටකජු බෝගය ජාතික අවශ්‍යතා මට්ටම ඉක්මවා දෙගුණයක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 30 May 2022
'ලෝක බැංකුවේ සහය අවශ්‍ය බව ජී.එල්. කියයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,අනෙකුත් ජාත්‍යන්තර ආයතන සහ පරිත්‍යාගශීලි රටවල් පිරිනමන ආධාර ලැබෙන තෙක් ලෝක බැංකුවේ සහාය මෙරටට අවශ්‍ය බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කළමනාකාරිණිය වන චියෝ කන්ඩා මහත්මියගෙන් ඉල්ලා සිටි බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 30 May 2022
අතුරුදන් දෙදරු මවගේ සිරුර මහවැලියෙන් මතුවෙයි දින තුනක් තිස්සේ අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලි ගගේ තිබි අද (30) දින හමු වු බව නාවලපිටිය පොලිසිය පැවසිය. 30 May 2022
‘රට බංකොලොත් යැයි ප්‍රකාශ කළ අය හෙළි කරන්න’ ලංකාව බංකොලොත් බවට ප්‍රකාශයට පත් කළේ කාගේ අවසරයකින් දැයි වහාම හෙලිදරව් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 30 May 2022
'රට ගිනි කන්දක් උඩ' වගා කළ හැකි රජයේ ඉඩම් ඒ ඒ ප්‍රදේශවල ගොවීන්ට වගා කිරීම සඳහා ලබා දෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය. 30 May 2022
'හිමීට ගණන් උස්සා වේගයෙන් බාල්දු වන රුපියලේ අද අගය' ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (30) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 1 ශත 52 කින් ඉහල ගියේය. 30 May 2022
බදුල්ල නගර සභාවෙන් රටටම ආදර්ශයක් ඉන්ධන පිරිමැස්ම සඳහා රටටම ආදර්ශක් ලබා දෙමින් බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා,නාගරික කොමසාරිස් සහ ඉංජිනේරුවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ පිරිසක් රාජකාරි ගමන් සඳහා පාපැදි යොදා ගෙන ඇත. 30 May 2022
පුෂ්පිකා ද සිල්වාගේ නඩුව කල් යයි ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මියහේ හිස රැදි කිරුළ ගලවා තුවාල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වල සාක්ෂි විභාගය ලබන අගෝස්තු මස 22 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද 30 නියෝග කළේය . 30 May 2022
ඖෂධ සංස්ථාවේ ලොක්කන්ටත් කෝප් කමිටුවෙන් කැඳවීමක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝප් කමිටුව) අද (30) පෙරවරු 10.00 ට කැඳවනු ලැබ සිටිති. 30 May 2022
විමල් ට එරෙහි නඩු විභාගයක් කල් යයි එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහි නඩුවේ විභාගය ලබන අගෝස්තු මස 29 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (30) නියෝග කළේය. 30 May 2022
21 ට සියලු දෙනා සහාය දිය යුතුයි යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සියලු පක්ෂ සහාය දිය යුතු බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 30 May 2022
ශෂී වීරවංශගේ අභියාචනය සළකා බැලීම හෙට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මිය ගොනු කළ අභියාචන ඉල්ලීම හෙට 31 දා සලකා බැලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද 30 නියෝග කළේය . 30 May 2022
බැස්ටියන් මාවතේ වෙඩි තැබීමක්:අයෙක් මරුට කොළඹ බැස්ටියන් මාවතේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය. 30 May 2022
මුහුදේ ගිලී සිසුවා අතුරුදන් වයික්කාල වෙල්ලමංකරය දේවස්ථානය අසල මුහුදේ මිතුරන් තිදෙනකු සමග දිය නාමින් සිටි 16 හැවිරිදි පාසැල් සිසුවෙකු දිය රළකට හසුවි අතුරුදහන් වි ඇතැයි වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි. 30 May 2022
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026