(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ව්‍යවස්ථාව අනුව යමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට සුදානම් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඩලස් අලහප්පෙරුම මහතා විශේෂ නිවේදනයක් කරමින් මේ බව පවසා ඇත.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායකයින් ගේ රැස්වීමේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ඉල්ලා අස්වීම තහවුරු කරන ලද අතර ඔහුගේ ඉදිරි ධුර කාලය සම්පූර්ණ කිරීම සඳහා ව්‍යවස්ථානූකූලව පාර්ලිමේන්තුවේ පවත්වන ඡන්දයකින් අභිනව ජනාධිපතිවරයා තොරා පත් කර ගත යුතු බව ඔබ දැනටමත් දන්නා කරුණකි.
ශ්‍රි ලාංකේය ජනතාව ඉතිහාසයේ පෙර අත්නොදුටු දේශපාලන,ආර්ථික හා සමාජීය ක්‍රියාකාරකම් රැසක් අත්විඳිමින් සංක්‍රාන්ති සමයක් ගතකරමින් සිටී.
ආර්ථික අර්බුදයක් ඔස්සේ පැන නැඟුණු ජනතා විරෝධය දේශපාලන බල අධිකාරින් බිඳ දමන්නට සමත් වී ඇත. ඒ හේතුවෙන් ම මේ වන විට ජනතා අපේක්ෂාවන් ගේ දිශානතිය වෙනස් වී ඇත.
මෙවැනි තත්ත්වයක් යටතේ මෙරට ජනතාව තව දුරටත් පීඩාවට, අසීරුතාවට හෝ ඉච්ඡාභංගත්වයට පත්විය යුතු නැති බව මම තරයේ විශ්වාස කරමි.
කුඩා පාසල් දරුවා ගේ සිට විශ්‍රාමික වැඩිහිටියා දක්වා පවතින අර්බුදවලට තිරසාර විසඳුමක් ලබාගැනීමේ නොනිත් ආශාවකින් හා උනන්දුවකින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
දියුණු සංස්කෘතික සමාජයක් ලෙස මේ සියල්ලට විසඳුම් සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථානූකූල දේශපාලන රාමුවක් තුළ ය.
දශක තුනක නොකිලිටි ක්‍රියාකාරී දේශපාලනයක නිරත වී ඇති මා සෑම විටම මෙරට ජනතාව ගේ පැත්තේ සිටගෙන ඇති බව නොරහසකි.
වත්මනෙහි පවතින දේශපාලන ව්‍යාකූලත්වයන් පාර්ලිමේන්තුව තුළින් කඩිනමින් විසඳාගත යුතු බව අවිවාදිත සත්‍යයකි. පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් අප සියලු දෙනා එකඟ වන ආර්ථික සැලසුමක් සකස් කර කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු වේ. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත මහා සංඝරත්නය ප්‍රමුඛ සහෝදර ආගමික නායකයන්, තරුණ දේශපාලන ක්‍රියාකාරීන් ගේ සහ වෘත්තියවේදීන් ගේ සහය ලබාගත යුතු ය.
මා ඔවුන් සියලු දෙනාගේම සහය සහ එකඟතාව ලබාගත හැකි මිත්‍රශීලී විශ්වාසනීය දේශපාලනඥයෙකු බව සහතික කර කිව හැකි ය.
දේශපාලන පාට කණ්නාඩිවලින් බැහැරව සමස්ත පොදුජන යහපත උදෙසා මෙන්ම ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් මෙරට ස්ථාපිත කිරීමේ අවංක චේතනාව පෙරදැරිව, පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ව්‍යවස්ථාව අනුව යමින් දැනට පුරප්පාඩු වී ඇති රටේ විධායක ජනාධිපති ධුරය සඳහා තරඟ කිරීමට සුදානම් බව මම මෙරට ජනතාවට ගෞරවයෙන් දන්වා සිටින අතර ඒ සඳහා සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සාමකාමී දියුණු ශ්‍රි ලංකාවක් ගොඩනැගීම අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නොමද සහය ද අපේක්ෂා කරමි.
නීතියේ ආධිපත්‍යය හා ජාතින් අතර එකඟතාව සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා මේ මාතෘ භූමිය රැගෙන යාමට කළ හැකි, කළ යුතු යුතුකම් හා කැපකිරීම් සඳහා මම එක සිතින් කැපවන බව වගකීමෙන් ප්‍රකාශ කර සිටිමි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන වචන මාලාවක්. කෝ ආර්ථික ප්‍රතිපත්ති? වැඩ පිළිවෙල? වැඩේ කරලා ඉවර වෙලාද වතුර සොයන්න ඉන්නේ?
ව්‍යවස්ථානුකූලව සහ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල සියල්ල සිදුවිය යුතු අතර එය බහුතර ජනතාවගෙ අයිතිවාසිකම හා මතය ද වේ.
ඔබතුමාව නෙවෙයි ඔය ඉල්ලන්නේ...!
හොරාකාපු සල්ලි සහ දේපල පවරා ගැනීමට හැකිද.එය සමස්ත ජනතාවගේ බලාපොරොත්තුවයි. එසේ නතුව ණය ගැනීමෙන් පමණක් රට තවත් අඝාදයට යයි..
රට වෙනුවෙන් මෙතෙක් කල වැඩ මොනවාද? ජනාධිපති කියන්නේ රටක් මෙහෙයවිම.. අවංක කම විතරක් මදි නෙ. පලපුරුද්දක්, සැලසුමක් ඕන නේද?
ජය වේවා! රනිල්ගෙන් අපිව ගලවා ගනිත්වා!
අර කොහෙන්ද මන්දා හිනායනවා මේ විපරිත කතා ඇහුවාම. "නායකත්වයේ ලක්ෂණ" කිසිදා නොපෙන්වූ පුද්ගලයෙක් මේ රටේ නායකයා වුණොත් ඉතින් දෙයියන්ගේම පිහිටයි මේ රටේ ජනතාවට.... "අර කැහි ගෑණි දීලා හොටු ගෑනි ගත්තා"වගේ වෙයි...!
මහින්ද චින්තනේ 1,2 ලියලා දීලා බලය ගන්න පාර කපපු කෙනා... ඩලස් චින්තනේ ඉදිරිපත් කෙරුවා නම් හොඳ නැද්ද?
මෙයත් ඇමෙරිකන් පුරවැසියෙක් කියලා දන්නේ කීයෙන් කී දෙනාද? අහුවෙන්න නම් එපා. පොහොට්ටුවේ ගෑවිච්චි කෙනෙක් හරි ඉන්නවා නම් හොරෙක් මිසක් සුදනෙක් වෙන්නේ නැහැ මේ ආත්මෙට...
අනේ ආයෙමත් නන්නත්තාර වෙච්ච කෙනෙක් ගේන්න එපා. මෙයාට ගෙදර පාලනය ගැනවත් තේරුමක් නැහැ..!
අනිවාර්යයෙන් ඔබ ජනාධිපති වෙනවා...
කොහොමත් කතාවට නම් දක්ෂයිනේ... වැඩ නැහැ. ඔය බළලා එළියට පැන්නේ. ඒකට ඉඳගෙන කන අයට නම් දෙන්න එපා.
රට්ටු හිනස්සන වැඩ... දොරටුපාලයා රජ වූ හැටි කතාව මතක් වෙනවා. ඔහුට මාස තුනක්වත් රජකමේ ඉන්න ලැබුණේ නැහැ. රජකම නොදැන හිටි නිසා...!
පුතාණෝ නැතිව වෙන අයෙක්... ෆොන්සේකා වගේ කෙනෙක් නම් හොඳයි.
ඉතුරු අවුරුදු දෙකත් රනිල්ම ජනාධිපති ධුරයේ හිටපුදෙන්...!
පතෝල වගෙයි. ගුණත් නෑ. අගුණත් නෑ. ඔය තනතුරට එහෙම කෙනෙක් හරියන්නෙත් නෑ...!
වැඩපිළිවෙළ මොකක්ද? ආර්ථික ප්‍රතිපත්තියක් එහෙම තියෙනවද? අඩුගානේ එක ඩොලර් එකක් හොයාගන්න විදිහක්...
අනේ අපිව තවත් අමාරුවේ දාන්නේ නැතුව කොනකට වෙලා ඉන්න ඩලස්. පහුගිය කාලේ කිසිම දේකට කට හොල්ලපු නැති ඔයා ඇවිල්ලා මොනවා කරන්නද?
රනිල් ජනාධිපති වෙනවා, පොහොට්ටුවේ එකම ගැලවුම්කරු රනිල්...
අනේ මෙහෙමත් රටක්. අරගල කරල ජීවිතත් පූජා කරල අන්තිමට ජනපති ඩලස් වෙලා අගමැති සජිත් වෙයි. මට මතක් උනේ අර කියමන.. ඒකක් කඩතොලු මකාගන්නට ගොසින් මට උන කාරියා, දෙකක් කඩතොලු හදා දුන්නයි කම්හලේ ආචාරියා
ඔබතුමා ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් පමණයි සුදුස්සෙක් වන්නේ. එයයි අද මහජනතාව ඉල්ලන්න සිස්ටම් චේන්ජ් එක.
පොහොට්ටුවේ වෙන සුදුසුකම් ඇති අය නැතුවයැ. රත්තරන්, ජොනී, අප්‍රසන්න, කුඩු ලන්සා එහෙම...
දකුනේ කෙනෙක් නමි ආයේ එපෝ. බෙන්තර ගගින් මෙහාට ඇස් ඇරපු නැති බලල් පැටියෙක්වත් ගෙනාවෙි නැ මුතුන්මිත්තෝ.
ඔය හැමෝම සතියෙ දවස් 5 මාරුවෙන් මාරුවට ජනාධිපති තනතුරෙ වැඩ බැලුවනම් නරකද මොකද දැන් හැමෝටම ආසාවක් ඇතිවෙලා ඝො ගමක් හදාගන්න . මෙ රටට ඔ් ඩොලර් හොයාගන්න පුලුවන් සහ අඩුම එය සම්බන්දීකරනය කරන්න පුලුවන් කෙනෙක් . දැන් ඔය සියලු ඩෙනාම තවත් ජනතවට පව් නොදී ගෙවල් වලට වෙලා ලැබෙන පින් විශ්‍රාම වැටුපත් අරන් හිටියනම් හැමෝම හොදයි 94 ඉදන් මෙයාල රටට කරපු වැඩ 5ක් පිලිවලින් කියන්න. හැම පනතටම අත උස්සපු අය විශේෂයෙන් 19, 20 මොන කතාද මෙව අනෙක් සියලු දෙනාගෙ අද්‍යාපන සුුසුකම් ප්‍රසිද්ධ කරන්න වත්කම් ප්‍රසිද්ධධ කරන්න, දැන් හැමෝගෙම ගැලරි ටෙ නවත්තමු.
මේ වෙලාවේ කරන්නට හොඳම දේ තමයි මැතිවරණයක් පවත්වා සැබෑ ජනතා නියෝජිතයින් පත්කර ගැනීම.
රනිල් කියන්නෙ බුද්දිමත් නායකයෙක්, JR ගේ රජය කාලේ දක්ෂ ඇමතිවරයෙක්. අධ්‍යාපන හා ය්‍යවන කටයුතු ඇමතිවරයා සිටි කාලයේ ඔහු ඉතා අගනා සේවයක් කලා අදටත් තරැණ තරුණියන් එවැනි දේ වලින් ප්‍රතිලාබ ලබනව. පාලකය රැකඩයක් විය යුතු නැත. මේ රටට අවශ්‍ය කරන්නෙ සක්තිමත් නායකයෙක්. එවැන් නායකත්වයක් රනිල් ට ඇත.
හොඳ දේශපාලකයෙක්...!
ඉක්මනට ජනාධිපති සුට් මහගන්න . අරයනම් සෑහෙන කලක ඉදල පියානෝ වායනා කර කර බලාගෙන ඉන්නේ සුට් මහගෙන . සුබ පාර්ථනා කරනවා .
මෙයා එහෙම වැඩක් කරපුකෙනෙක්වත් චින්තනයක් තියෙන කෙනෙක්වත් නෙවෙයි බොරු කතාව විතරයි
මෙයාට වඩා මුල්ලේරියාවෙ රෝහලේ සිටින ටිකට් කපන්න ආසන්න කෙනෙක් නම් කලොත් හොදයි පීරිස් මහත්තයෝ එහෙම කෙනෙක් පොහොට්ටු ජාතික ලැයිස්තුවෙන් අරගෙන බලන්න
රත්තරන්ගේ මගපෙන්වීමෙන්, කුඩු ලංසාගේ උපදෙස් පරිදි, ජොනීගේ දර්ශණයෙන්, බැසිල්ගේ ආශිර්වාදයෙන් ලංකාව හොරුන්ගෙන්, කුඩ්ඩන්ගෙන් ස්වයංපෝෂිත රටක් කරාවි...
රටට දෙයියන්ගේම පිහිටයි..
ජනාධිපති කමට කොට වැඩි... ටිකක් උසට හිටියානම්...!
මෙයා ජනාධිපති වෙන්ඩ හදන්නෙ රනිල් ඉල්ලපු IMF ලෝන් එක හොරකම් කර ගන්ඩද?
ජනතාවගේ බදුමුදල් වලින් සුඛෝපභෝගී ජීවිත ගත කරන්න කවුද අකමැති...?