පැරාලිම්පික් රන් පදක්කමක් දිනූ දිනේෂ්ට කොළඹින් නිවසක්
ජපානයේ ටෝකියෝහි දී පැවති 2020 පැරාලිම්පික් තරඟාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් දිනාගත් හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත මහතාට නිවසක් ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.