ප්රියන්ත කුමාරගේ සිරුර මෙරටට
පාකිස්තානයේ , සියල්කොට් ප්රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවය කරමින් සිටියදී , ඉකුත් 03 වැනි සිකුරාදා පහර දී මරා , පුළුස්සා දැමූ ශ්රී ලාංකික කළමනාකරු දියවඩනගේ දොන් නන්දසිරි ප්රියන්ත කුමාරගේ මහතාගේ මළසිරුරේ භෂ්මාවශේෂ අද (06) සවස 05.10 ට පාකිස්තානයේ ලාහෝර් ගුවන් තොටුපළේ සිට , ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 186 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .