IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


වල්අලි ප්‍රහාරවලින් ගොවියෝ තුනක් මරුට

(ක.ග.කරුණාරත්න, චාපා මධුභාෂිණි,නිමල් ජයරත්න සහ ජයරත්න වික්‍රමාරච්චි)

පොලොන්නරුව දිඹුලාගල, මැදිරිගිරිය නවනගරයේදී සහ සාලියවැව නීලබැම්ම බලකොටුව ප්‍රදේශයේවලදී වල් අලි ප්‍රහාර තුනකින් ගොවියන් තිදෙනකු මියගොස් ඇතැයි  පොලිසිය කියයි.

මැදිරිගිරිය නවනගරයේ පදිංචි ඩී.බී.ටී.ජී. සරත්චන්ද්‍ර නමැති 65 හැවිරිදි  තිදරු පියකු ද දිඹුලාගල පැලැටියාවවේ පදිංචි 47 හැවිරිදි ඩී.එම්. සෙනෙවිරත්න බණ්ඩා නමැති 47 හැවිරිදි තිදරු පියකු ද සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේ පදිංචි ආර්.පී.ඩී. පේමදාස  නමැති 76 හැවිරිදි ගොවියකු ද මෙසේ මියගොස් ඇත.

ඩී.එම්. සෙනෙවිරත්න බණ්ඩා දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකගේ සැමියකු බවද  පොලිසිය සඳහන් කරයි. ඔහු මහවැලි සී කලාපයේ වෙහෙරගල කොට්ඨාස කාර්යාලයේ ආයතන සංවර්ධන නිලධාරියකු ලෙස ද කටයුතු කරයි. කුඹුරට පැමිණෙන වල් අලින්ගෙන් වී වගාව ආරක්ෂාකර ගැනීම සඳහා පැල් රකිමින් සිටියදි ඊයේ 2.30ට මෙම වල්අලි ප්‍රහාරයට ලක්ව ඇත. අලි ප්‍රවාරයට ලක්ව සිටි ඔහු අසල්වාසීන් විසින් මනම්පිටිය රෝහලට රැගෙන ගොස් ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහලට මාරු කර යවා ඇත. ඔහු පොලොන්නරුව රෝහලට රැගෙන යනවිට මියගොස් සිටි බව පොලිසිය කියයි.

මැදිරිගිරිය නවනගරයේ වල්අලි ප්‍රහාරයට ලක් වූ සරත්චන්ද්‍ර නමැති තිදරු පියා  හිතවතකු සමග දර්ශනපුර සිය වගා බිම් වල් අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට ගිය අවස්ථාවේ වගා වනසමින් සිටි වල් අලියකු ඔවුන් පසුපස පන්නා ඇත.

පසුව ඔවුන් අසල නිවෙසකට දිවගොස් ඇතත් මියගිය අය දිව යද්දී ඇද විටුණු අවස්ථාවේ වල්අලියා පහරදී මරා දමා ඇතැයි පොලිසිය පවසයි.

සාලියවැව පේමදාස නමැති ගොවි මහතා කිසියම් අවශ්‍යාවයකට නිවසෙන් බැහැරට පැමිණි අවස්ථාවේ වල්අලි ප්‍රහාරයට ලක්ව ඇත.



අදහස් (2)

වල්අලි ප්‍රහාරවලින් ගොවියෝ තුනක් මරුට

දේවප්‍රිය Sunday, 17 July 2022 12:55 PM

වල්අලින්ගෙන් බේරෙන්න හොඳම ක්‍රමය අවට මීමැස්සන් ඇති කිරීමත් දෙහි, දොඩම් ගස් වැවිමත්. අප්‍රිකානු රටවල් මේ ක්‍රම හොඳ හැටි ප්‍රයෝජනයට ගන්නවා...

:       0       1

දේවා Sunday, 17 July 2022 12:57 PM

වල් අලින්ගෙන් බේරෙන්න හොඳම ක්‍රමය අවට මීමැස්සො ඇතිකිරීමත් දෙහි දොඩම් ගස් වැවීමත් වේ. අප්‍රිකානු රටවල් මේ ක්‍රම හොඳ හැටි ප්‍රයෝජනයට ගන්නවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site