‘මන්දපෝෂිත දරුවන් වැඩි වෙලා‘ ආහාර හිඟය නිසා දරුවන්ගේ මන්දපෝෂණය සීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 31 May 2022
රන්ජන් ශාස්ත්‍රවේදී උපාධි පරික්ෂණයට අධිකරණය අපහාස කිරීමේ චෝදනාවට වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරික්ෂණයට ලබන මස 4 වැනිදා සහභාගි වන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන සහ මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා පැවසීය. 31 May 2022
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වෙළෙඳ ප්‍රජාවට පණිවුඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ වුවද ප්‍රමාණය ඉක්මවා ආනයනය නොකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙළෙඳ ප්‍රජාව ගෙන් ඉල්ලීමක් කළේය. 31 May 2022
‘21 ගේන්නේ දේශපාලනය ස්ථාවර කරන්න‘ ආර්ථික අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කළ යුතු නිසා 21 වෙනි සංශෝධනය ඉදිරිපත් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 31 May 2022
සමගි වනිතා බලවේගයෙන් සජබ මහලේකම්ට ලිපියක් තීරණාත්මක මොහොතක පක්ෂය පාවා දී කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් නැවත පක්ෂයට එක් කර නොගැනීමට සහ නැවත නාමයෝජනා ලබා නොදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් සමගි වනිතා බලවේගය පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. 31 May 2022
මහවැස්සෙන් සා.පෙළට බාධා කොළඹ ප්‍රදේශයට අද (31) පෙරවරුවේ ඇඳහැලුණු අධික වර්ෂාවෙන් බොරැල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල ජලයෙන් යටවීමෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගත විය. 31 May 2022
කෝටි 4ක රන් තලෙයිමන්නාරමෙන් අල්ලයි රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් රත්තරන් කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් තලෙයිමන්නාරම ප්‍රදේශයේදී ශ්‍රී ලංකා රේගුවේ කන්කසන්තුරය උප නිවාරණ කාර්යාලයීය නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 31 May 2022
අගමැතිගේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පවතින අයහපත් ආර්ථික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට හා රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙනයාමට අවශ්‍ය අරමුදල් සපයාගැනීම සඳහා පාර්ලිමේන්තුව වෙත පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 31 May 2022
බොරතෙල් මිල යළිත් ඉහළට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. 31 May 2022
ගංඟා හතරක් ආශ්‍රිතව ගං වතුර අවදානමක් තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංගා හතරක ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 31 May 2022
සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් දැනුම් දිමක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්ය මණ්ඩල සාමාජිකයන් නැවත දැනුම් දෙන තෙක් සඳුදා, බඳාදා සහ සිකුරාදා පමණක් සේවයට වාර්තා කළ යුතු බවත් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා නිවසේ සිට සේවය කළ යුතු බවත් එම අධිකාරිය දැනුම් දී තිබේ. 31 May 2022
රණවිරු පුතුට ඇත සිව් දෙවි රැකවරණ දිවයිනේ පළාත් රැසකට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇද හැළෙන තද වැසි නිසා ගංගා ඇළ දොල පිටාට මට්ටමට පැමිණ ඇති බව ද සහ පහත් බිම් රැසක ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි. 31 May 2022
ඉන්දියාවෙන් තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක් ඉන්දියාව සැපයූ තවත් ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රමාණයක් මේ වන විට ශ්‍රී ලංකාවට ළගා වී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. 31 May 2022
ගෑස් මෙට්‍රික්ටොන් 2,500 ක් සති අන්තයේ එනවා ලිට්රෝ සමාගම ආනයනය කළ තවත් ගෑස් මෙට්‍රික්ටොන් 2500ක තොගයක් රැගත් නෞකාවක් එළඹෙන සති අන්තයේ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා පැවසීය. 31 May 2022
විසිඑකට සරත් විරුද්ධයි ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 31 May 2022
‘‘මහින්ද ඉවත් කිරීම ජීවිතයේ ගත් අසීරුම තීන්දුවයි‘‘ තම දේශපාලන ජීවිතයේ දී ගත් අසීරුම තීන්දුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීන්දුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 31 May 2022
පළාත් රැසකට වැසි සහිත තද සුළං ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 31 May 2022
‘‘21 යෝජනා තෙල් පෝලිම්වලට බෙදන්න‘‘ විසි එක් වෙනි සංශෝධනයෙන් ජනතාවගේ බඩ කට පිරෙන්න නම් එම සංශෝධනයේ පිටපත් තෙල් පෝලිම්වල සිටින ජනතාව අතරේ බෙදා දෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසීය. 31 May 2022
සැමියාගේ පිහි පහරින් බිරියත් මස්සිනාත් මරුට දීර්ඝ කාලයක් තිස්සේ සිට පැවැති පවුල් ආරවුලක් දුර දිග යාමෙන් සැමියාගේ පිහිපහරින් බිරිය සහ බිරයගේ සහෝදරයකු මියගොස් ඇතැයි නවගත්තේගම පොලීසිය කියයි. 31 May 2022
තාත්තයි දුවයි අභිරහස් ලෙස මැරිලා කළුතර හීනටියන්ගල ප්‍රදේශයේ සිය නිවෙස තුළ සැක කටයුතු අන්දමින් පියකු සහ දියණියකට මියගොස් සිටියදී සොයාගත් බව පොලිසිය පවසයි . 31 May 2022
අඩුපාඩු හැදුවොත් 21ට සජබ සහාය විසි එක් වන සංශෝධනය ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කෙටුම්පතේ ඇති ඇතැම් කරුණු පිළිබඳ එකඟතාවයක් නොමැති බව සමගි ජන බලවේගය ප්‍රධාන විධායක නිලධාරී නීතීඥ අජිත් පී පෙරේරා මහතා කොළඹදී අද (30) ප්‍රකාශ කළේය. 30 May 2022
අයේශා අවසන් ගමන් යයි සහසිකයකු අතින් ඝාතනයට ලක් වූ අටුලුගම පාතිමා අයේශා දැරියගේ අවසන් කටයුතු දහස් ගණනකගේ සෝසුසුම් මැද අටුලුගම මහ පල්ලිය සුසාන පොදු සුසාන භූමියේදී මධ්‍යයේ අද රාත්‍රියේ දී සිදු කෙරිණි 30 May 2022
බ්‍රිතාන්‍ය අගමැතිගෙන් අගමැති රනිල්ට පොරොන්දුවක් අපනයන මූලික කරගත් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පවසා තිබේ. 30 May 2022
බොරලැස්ගමුව නගර සභාපති අත්අඩංගුවට අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොරදී ඉකුත් (9) දින ඇති වූ සිද්ධියට අදාළව බොරලැස්ගමුව නගරාධිපති අරුණ ප්‍රියශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. 30 May 2022
මොනාලීසාට කරදර කරන්න හදලා ! ආබාධිත මහලු කාන්තාවක ලෙස වෙස් වළා ගනිමින් රෝද පුටුයකින්, ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර කෞතුකාගාරයට ඇතුළු වුණු පිරිමි පුද්ගලයෙක් එම කෞතුනාගාරයේ ආරක්ෂිතව ප්‍රදර්ශනයට තබා ඇති ’මොනාලීසා’ සිතුවමට හානි සිදු කිරීමට උත්සහ කළේය. 30 May 2022
’’රැට්ටා’’ අත්අඩංගුවට ගාලු මුවදොර අරගල භූමියේ ක්‍රියාකාරී සාමාජිකයෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සුරම්‍ය හෙවත් රැට්ටා අද (30) පස්වරුවේ කොම්පඤ්ඤ කොම්පඤ්ඤ වීදිය පොලිසිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 30 May 2022
බැස්ටියන් මාවතේ වෙඩි තැබීම ගැනත් තොරතුරු එළියට? පිටකොටුව, බැස්ටියන් මාවත බස් නැවතුම්පොල ආසන්නයේ අද (30) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කැලේදිවුල්වැව, මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචි ලක්ෂිත විරාජ් ලියනගේ නම් 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි. 30 May 2022
21 සම්මත කළොත් දේශපාලන අර්බුදයක් වේවි යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ හොත් දැනට පවතින ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වන බව නිතීඥ කනිෂ්ක විතරණ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (30) ප්‍රකාශ කළේය. 30 May 2022
කොත්තු බාස් දැරියගේ මරණය ගැන වමාරයි බණ්ඩාරගම අටුළුගම නව හැවිරිදි ෆාතිමා අයේශා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන කොත්තු හදන්නකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 30 May 2022
පාස්කු සැකකරුවන් පහකගෙන් යළි ප්‍රශ්න කරයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 05 දෙනකු සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් පවත්වන ලෙසට නිතිපතිවරයාගෙන් ලද උපදෙස් ප්‍රකාරව එම සැකකරුවන් මාස තුනක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට අද (30) අවසර දුන්නාය. 30 May 2022
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026