IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මන්දිරවලටවූ විනාශය ගැන විගණනයක්

 

(සුජිත් හේවාජුලිගේ )

අරගල කරුවන් අතින් විනාශ වූ  ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ නගරයේ මන්දිර වල  දේපළ  සම්බන්ධයෙන් විගණනයක් ආරම්භ කිරීමට  රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරයේ  පෞරාණික දේපළ  රැසක් විනාශ වී ඇති බව  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු  පසුගියදා තහවුරු කළහ. මෙම ක්‍රියාවන්ට සම්බන්ධ වූ පුද්ගලයන්ට එරෙහිව පුරාවිද්‍යා ආඥා පනත යටතේ නඩු පැවරීමටද   අවශ්‍ය පියවර ගෙන ඇතැයි  රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.

එම විනාශයන් සම්බන්ධයෙන්  දෙපාර්තමේන්තුවද පසුගියදා පරීක්ෂණයක් ආරම්භ කළේය.

මන්දිරවල තිබී විනාශ වූ දේපළ  අතර පෞරාණික වටිනාකම් සහිත  ඒවා  රැසක් වේ



අදහස් (12)

මන්දිරවලටවූ විනාශය ගැන විගණනයක්

Nissanka Saturday, 16 July 2022 03:17 PM

පාලකයින්ගෙන් රටට වුණු විනාශය ගැන මුලින්ම විගණනය කරමු...

:       121       53

DarshanaSaturday, 16 July 2022 04:10 PM

පාලකයින් රට විනාශ කරන හින්දා ඔවුන්ගෙන් රට බේරාගන්න ආපු අයත් ගෝත්‍රික විදිහට වැඩ කළාම.. පාලකයිනුයි, ආපු ගෝත්‍රිකයෝයි අතර වෙනසක් තිබේද?

:       31       121

sugath Saturday, 16 July 2022 04:55 PM

දේශපාලකයින් මේ රටට කළ විනාශය ගැන හොයන්ටත් ඔය උවමනාවම තිබ්බා නම් තමයි හොඳ...

:       28       65

Jayarathna Saturday, 16 July 2022 05:03 PM

රාජ්‍ය දේපල විනාශ කිරීම කවුරු කළත් සම්පූර්ණයෙන් වැරැදියි. හැබැයි ඉතින් දේපල විනාශය විගණනය කරන්න තියෙන හදිස්සිය දේශපාලකයින්වත් විගණනය කරන්න තිබුණා නම් තමයි වටින්නේ....

:       8       67

Nihal Harischandra Sunday, 17 July 2022 11:34 AM

සම්පූර්ණ ඇත්ත. දේශපාලුවන් රටට කරපු විනාශය සොයන්න කවුරුවත් නෑ. ඒ කරපු විනාශයේ ප්‍රථිපලයක් විදියට තමයි ඝෝඨාභයටත් යන්න වුනේ...

:       0       0

Dharmatileke Saturday, 16 July 2022 05:47 PM

පෞරාණික දේවල් තිබිය යුත්තේ කටුගෙවල් වල මිස දේශපාලනේ නිලනිවෙස්වල නොවේ...

:       0       0

BT Saturday, 16 July 2022 07:07 PM

වැරදිකරුවන්ට නිසි දඬුවම් දිය යුතුමයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල තාප්ප, ගොඩනැගිලි සහ අනෙකුත් පොදු දේපළ විනාශ කරන සංස්කෘතියත් නැතිකළ යුතුයි. ඊට සුදුසුම ක්‍රමය වන්නේ විශ්වවිද්‍යාල පරිශ්‍රවල නඩත්තුව සඳහා සෑම ශිෂ්‍යයෙක්ගෙන්ම වසරක් පාසා යම්කිසි ගාස්තුවක් අය කිරීමයි. නොමිලේ ලැබෙන දේ වරප්‍රසාදයක් බවත්, අයිතිවාසිකම් සහ යුතුකම් යනු එකම කාසියේ දෙපැත්තක් බවත් තේරුම් ගත් ශිෂ්‍ය පරපුරක් බිහි කිරීමට දැන් කාලය එළඹ තිබේ.

:       0       0

සෙනෙවිරත්න Sunday, 17 July 2022 05:43 AM

රටට ලොකුම හානිය, ඕක තමයි වගේ ඕවායේ ලැගලා හිටපු උන්නැහේලා ගනිපු තීරණ නිසා රටම පෝලිම්වල, ඔය කියන බඩු කටුගේ තියන්න එපායැ එහෙනම්? අරගල කාරයින් කටුගෙට පැන්නේ නැහැනේ. හැබැයි ඔය මන්දිරවල හිටපු අය නම් කටුගෙට පැන්නා. ඒවා එහෙම්ම යට ගියා. අරගලකරුවන් මන්දිරවලට හානි කරන්න සැබෑ වුවමනාවක් තිබුණා නම් එය අල්ලාගත් වහාම කරනවා නේද? නමුත් ඕවා කළේ නරඹන්නෝ...!

:       0       0

සෙනෙවිරත්න Sunday, 17 July 2022 05:44 AM

අරගල කරුවන් මන්දිරවලට ගෙන්න ගත්තු අයට එරෙහිව පියවරක් නැද්ද...?

:       0       0

Nihal Harischandra Sunday, 17 July 2022 11:30 AM

එම මන්දිරවල පුරාණ වටිනාකමක් ඇති භාණ්ඩ අස්ථාන ගතවූයේ ආර් ප්‍රේමදාස කාලයේ.

:       0       0

Kapila Sunday, 17 July 2022 11:32 AM

දේශපාලකයින් බිලියන ගණන් ගැහැව්වේ... ඒවා හොයන්න කවුරුවත් නැහැ.

:       0       0

fairoos Sunday, 17 July 2022 02:12 PM

රනිල් හදන්නේ ඕවා අරගල කරුවන්ගේ එකවුන්ට් එකට දාන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 503 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site