(එම් කේ .නන්දසේන)
නිවසේ ඇති ආහාර හිඟයට පිළියමක් ලෙස පලා ටිකක් කැඩීමට දෙටගමුව වැවට ගිය පිරිසක් අතර සිටි 13 හැවිරිදි දරුවකු කිඹුලෙක් ඩැහැගෙන යද්දී අසල සිටි පිරිස වැවට පැන දරුවා බේරාගෙන ඇතැයි පොලිසිය කියයි.
සිය පුංචි අම්මා ඇතුළු ඥාතීන් පිරිසක් සමග පලා කඩමින් සිටියදී එකවර වැවෙන් මතු වූ කිඹුලා දරුවා ඇදගෙන යද්දී අසල සිටි පිරිස කෑමොර ගැසීම නිසා ඒ ආසන්නයේ නිවෙස් වල සිටි තරුණයන් පිරිසක් වැවට පැන කිඹුලත්, ළමයත් ගොඩට ඇදගෙනවිත් දැඩි වෙහෙසක් දරා ළමයා මුදාගෙන කතරගම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළහ.
සිය පුංචි අම්මත්, සීයත් නැන්දත් ඇතුළු අසල්වැසි පිරිසක් සමග පලා කඩමින් සිටියදී වැවෙි සිටි කිඹුලෙකු ගොඩට පැන දරුවාගේ වම් අතින් අල්ලා දියට පැන ඇත.
ළමයාගේ සීයා ඇතුළු පිරිස කිඹුලාත් සමග ළමයා ගොඩට ඇද ගෙන විත් වම් අතේ එල්ලී සිටි කිඹුලාගේ හිසට ගල්, පොලු වලින් පහර දී මුඛය විවරකොට මුදාගෙන ඇති නමුත් අත කැඩී එල්ලෙමින් පැවති බව ළමයා බේරා ගත් තරුණයෙක් පැවසීය.
මෙම ළමයා කතරගම රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ඒ අසල නිවසක ඉන්ධන හිඟකම නිසා නතර කොට තිබූ මෝටර් රථයකිනි.
රෝහලේ වෛද්‍යවරු මූලික ප්‍රතිකාර කොට ළමයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යැවීමට උත්සාහ ගෙන ඇතත් ගිලන් රථයේ ඉන්ධන නොමැති කම නිසා එය අසීරු වී තිබේ. මෙම අවස්ථාවේ ළමයාගේ මවු පියන් වාහනයක් සොයා දැඩි අසීරුවට පත්ව සිටියදී අයත් ලොරි රථයකින් දෙබරවැව මූලික රෝහල වෙත රැගෙන යාමට සිදුවූ බව මව්පියෝ පවසති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ආහාර හිඟයට පලා කැඩූ දරුවාට කිඹුල් ප්‍රහාරයක්
මැක්ස් Sunday, 17 July 2022 04:58 PM
ඒ පුතාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු. එසේම, කිඹුල් කටින් දරුවා මුදා ගැනීමට එඩිතරව කටයුතු කළ සැමටත් ප්‍රණාමය පුද කරමු...!