IMG-LOGO

ලංකා සභාවෙන් නිවේදනයක්

(යොහාන් භාසුර)

පිටුවහල් කරනු ලැබූ ජනාධිපතිවරයකු, වැඩබලන ජනාධිපතිවරයකු සහ වටලනු ලැබූ අගමැතිවරයකු සිටින බවත් වෙනසක් බලාපොරොත්තු වන තරුණයන් සහ සාමය පවත්වාගැනීමට කටයුතු කළ යුතු ආරක්‍ෂක හමුදා සහ පොලිසිය මෙම තීරණාත්මක අවස්ථාවේදී අවබෝධයෙන් සහ සංයමයෙන් කටයුතු කරමින් වගකීම්සහගතව ක්‍රියාකරන ලෙස ඉල්ලා සිටින බවත් ‘ලංකා සභාව’ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වර්තමාන අර්බුධකාරී තත්වය පාලනය කිරීමට එකඟතාවයකට පැමිණිය නොහැකි අවුල්සහගත තත්වයක පාර්ලිමේන්තුව සිටින බවත් හදිසි නීතිය ජනතාවගේ මූලික අයිතීන් මර්ධනයට හෝ සාමකාමී ජනරාශීයට පීඩා කිරීමට භාවිතා නොකළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.

කලබලකාරී තත්වය හමුවේ සන්සුන්ව සිටින ලෙස සහ රාජ්‍ය දේපළ විනාශ කිරීමට කිසිඳු ලෙසකින් ප්‍රයන්ත නොදරන ලෙසත් සම්පත් ආරක්‍ෂා කරගනිමින් වගකීමට සවිඥාානිකව සිටීම සහ රටේ යහපැවැත්ම උදෙසා ප්‍රඥාාවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව සියලුම පාර්ශව අගය කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් රට තුළ සිදුවෙමින් පවතින සිදුවීම් පිළිබඳව කණගාටුවන අතරම අරාජික තත්වයට ඇඳ වැටීමට හැකියාවක් නොමැති බවත් ‘ලංකා සභාව’ වැඩි දුරටත් සඳහන් කරයි.

ලංකා සභාවේ සභාපති කීර්තිසිරි ප්‍රනාන්දු කුරුණෑගල රදගුරුහිමි සහ දුෂාන්ත රුද්‍රිගු කොළඹ රදගුරුහිමි එම නිවේදනයට අස්සන් තබා තිබේ.



අදහස් (17)

ලංකා සභාවෙන් නිවේදනයක්

chandima Thursday, 14 July 2022 09:38 PM

අවශ්‍ය දේ කරගත්තාට පස්සේ අර කතාව වෙනස් කළාද?

:       0       0

කිරි පුතා Thursday, 14 July 2022 10:51 PM

තම තමන්ගේ ආගමික කටයුතු බලා සිටියේ නම් වඩා මැනවි. ත්‍රස්තවාදී කාලයේවත් , වෙනත් රටේ කිසිඳු ප්‍රශ්නයකදී අසලාවත් නැති අර සභා මේ සභා දැන් වැහි වැහැලා ඇත.මේ හැම කෙනාගේම යටි අරමුණු අපි හොඳින් දනිමු

:       3       26

කමල් Thursday, 14 July 2022 11:42 PM

ලංකා සභාව කොහොමත් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්දයි නේ. අගමික අන්තවාදය පතුරවනවා වගේ පේන්නේ.

:       2       19

Senavi Friday, 15 July 2022 12:53 AM

මේ අය ගිනි අවුලලා... දැන් බයිලා ගහනවා...

:       0       0

Bamunuarachchi Friday, 15 July 2022 07:29 AM

සභාව ඔය ටික පල්ලියේ කියන්න. රටේ ජනතාව කියන්නේ රටේ ඉන්න 9% කතෝලික ජනතාව නොවෙයි. එක මතක තියා ගන්න. කතෝලික බලවේගය නැවත රටේ ඔලුව උස්සනවා වගේයි.

:       7       20

jayasekaraFriday, 15 July 2022 11:50 AM

ඔව් ඇත්ත... නිකන් වැඩක් බලගෙන හිටියනම් හොඩයි.. ඉස්සර මන්නරමෙ රදගුරු රායප්පු ජෝශප් කොටින්ට එලිපිට කඩෙ යනකොට මෙ සභව මීක් නැහැ දැන් එනව මෙතන උපදෙස් දෙන්න...... 9% සභවෙ උන් කටවහගෙන හිටියනම් ඇති.. කොටින්ට කඩෙ ගිහින් එනව මෙතන උපදෙස් දෙන්න....

:       4       10

BTFriday, 15 July 2022 12:59 PM

එම නිවේදනය නිකුත් කළ සභාව කතෝලික පාර්ශවය නොව, ඇන්ග්ලිකානු ක්‍රිස්තියානි පාර්ශවයයි. එය මෙරට ස්ථාපනය වූයේ ඉංග්‍රීසි පාලනය යටතේය. ඊට හේතුව එය මහා බ්‍රිතාන්‍යයේ රාජ්‍ය ආගම වීමයි. "Church of England" නමින් හැඳින්වෙන එම නිකාය බිහිවූයේ 8 වන හෙන්රි රජුට සිය රැජින දික්කසාද කර වෙනත් අයකු විවාහ කරගැනීමට කතෝලික පාප්තුමා අවසර නොදීම හේතුවෙනි. රජු සිය අවශ්‍යතාව සපුරාගැනීමට අලුත් සභාවක් පිහිටුවා තමා එහි නායකයා බවට පත්විය. මේ දක්වාම එහි නායකයා එරට රජ හෝ රැජින හෝ වේ. වර්තමානයේ දෙවැනි එළිසබත් රැජින නායකත්වය දරයි. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඔහුගේ පියා සහ මුත්තා මෙන්ම ජේ.ආර්.ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහගේ පියාගේ පාර්ශවය මෙන්ම ඔහුගේ මව් පාර්ශවයේ මිත්තණිය සහ ඇයගේ පවුලද ඉංග්‍රීසි පාලන සමයේ ඇන්ග්ලිකානු ක්‍රිස්තියානි ලබ්ධිකයන් පත්වූහ. අධ්‍යාපන අවස්ථා, නිලතල සහ තවත් බොහෝ වරප්‍රසාද ලබාගැනීමට එකල එය වාසිදායක විය.

:       0       2

sharm awrnFriday, 15 July 2022 01:50 PM

මේ අය දන්න දෙයක් නෑ. කවුද වගේ ඔහේ කියවනවා. අඩුගානේ රටට මොනවද වෙලා තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. අපිට ආර්ථික වශයෙන් වැටෙන්න තියෙන අනිත්ම බිංදුවටම වැටිලා ඉන්නේ.. මෙයාලට තණකොළ, පුන්නක්කු තියන නිසා තේරෙන්නේ නැහැ...

:       0       2

Prabath Friday, 15 July 2022 07:54 AM

අත්සන් කරලා රෝල්කරලා ගහගන්න. සල්ලි දීලා මිනිස්සු ආගමට බඳවා ගන්නවා වගේ මේකෙත් කරන්න පුළුවන් නම් කරලා බලන්න. දන්නවනේ යන්න වෙන තැන. බලාගෙන පරිස්සමෙන් ඉන්න.

:       0       0

sharm warn Friday, 15 July 2022 08:50 AM

රටම ප්‍රතික්ෂේප කළ කෙනෙක් බලෙන් අගමැති වෙලා දැන් බලෙන් ජනාධිපති වෙලා.. මේක අපිට ඕනෑ දේ නෙමෙයි කොහෙත්ම...

:       0       0

Kalawana Friday, 15 July 2022 10:02 AM

පොල් පැලේට නිතර නිතරම ගොම දියකර ගහන්න වෙනවා නැත්නම් පොල් පැලේ කාල දමාවි

:       1       10

uk ran Friday, 15 July 2022 10:48 AM

ලංකාව බෞද්ධ රටක් . කොහෙවත් යන විනාසකාරීන්ට ට ඔන විදියට නටන්න දුන්නොත් ඉතින් විනසෙම තමා.ආයෙ කොටි නැගිටිනව ඔහොම උනොත්. රටෙ කරුමෙ තමයි මුන් ඉන්න ඒක.

:       4       13

සුජිත් පල්ලේවත්ත Friday, 15 July 2022 12:18 PM

ඔව්. අපි ගිය පෝය දවසෙත් දැක්කා රූපවාහිනියට කඩා වැදිලා, බණ වැඩසටහන් වැදගත් නැහැ... අරගලයට වඩා කියලා කෙනෙක් කියනවා. මට පුදුමේ අරගලයට වහල්වෙලා ඉන්න ඔය අපේ චීවර ධාරීන් මුනිවත රැකීමයි...

:       0       0

ඩෙමියන් Friday, 15 July 2022 11:35 AM

දේශපාලනේට ඇඟිලි ගැසීම සියලු ආගමික පැවිද්දන්ට තහනම් කළ යුතුයි. ඒ අය තමයි තමන්ට සුදුසු නොවන කතා කියා රට අවුල් කරන්නේ....

:       1       8

NandanaFriday, 15 July 2022 01:45 PM

දේශපාලනය කරනවා නම් චීවර, ලෝගු, තෝප්පි, ජටා ගලවලා එන්න..

:       0       0

Ananda Friday, 15 July 2022 01:07 PM

යේසුස් සමිඳුන් ඊශ්‍රායලයේ යුදා දේශයේ වූ ජීවත් වූ සමයේ යුදාගමික ධර්මධරයන් එතුමා හමුවට පැමිණ මෙසේ පැවසූහ. 'අපි නම් මෝසෙස් ගේ (යුදා ඊශ්‍රායල් ජනතාව මිසර දේශයේ වහල්කමින් නිවහල් බවට ගෙනා බලවත් නායකයා) ගෝලයන්ය.අපි මෝසෙස් ගේ ධර්ම විනය අනුගමනය කරන්නෙමු. ඔබගේ ගෝලයන් එසේ නොකරති යනුවෙන් පැවසූහ. මන්ද යත් ගෝලයන් අනුගමනය කළේ ක්‍රිස්තුස් සමිඳුන්ගේ ඉගැන්වීම් බැවිනි. දැන් කණගාටුවට කරුණක් වී ඇත්තේ වර්තමානයේ සමහර ක්‍රිස්තියානි දේව සේවකයන් රැල්ලට හෝ වෙනත් පෞද්ගලික හේතුමත උද්ඝෝෂණ වලදී එළිපිටම කිතුනු ධර්මය වෙනුවට අනෙකක් කිරීමයි...

:       0       4

pakeer Friday, 15 July 2022 02:18 PM

ශ්‍රී ලංකාව කිසිම දවසක පාඩම් ඉගෙන නොගන්න රටක් වෙලා. ඔවුන්ට ඔවුන්ගේ ජාතිය හා ආගම හැර වෙන කිසිම දෙයක් නැහැ. ඔවුන්ට ඔවුන්ගේ ජාතියෙන් ලැබුණු දෙයක්ද නැත. මෙතරම් අනර්ඝ බුදුදහම වන් මැණිකක් තිබුණාද? එයින්ද අත්කරගත් දෙයක් නැත. මොවුන් ගෙම්බන් වැනිය...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 486 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 300 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site