(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ස්ථාවර රජයක් ඉක්මණින් ඇති නොවූවොත් රට අකර්මණ්‍ය විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු ඇඟවුවේය.
ඉදිරියේදී ඉන්ධන ආනයනය කිරීමට ප්‍රමාණවත් විදේශ විනිමය ශ්‍රී ලංකාවට සොයා ගත හැකි වේ දැයි විශාල අවිනිශ්චිතතාවයක් තිබෙන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බී.බී.සී නාලිකාවේ නිව්ස් නයිට් වැඩසටහනට සහභාගී වෙමින් ප්‍රකාශ කළේය.
එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනක් ලබා ගැනීමේ සඳහා පැවැත්වෙන සාකච්ඡා වල ප්‍රගතිය ස්ථාවර රජයක් පත්වීම මත රඳා පවතින බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශාල නොසන්සුන්තාවයක් ඇති වී තිබෙන බව ආචාර්ය වීරසිංහ මහතා සඳහන් කළේය.
මෙම මස අවසන් වන තෙක් අවම වශයෙන් ඩීසල් නෞකා 3කට සහ පෙට්‍රල් නෞකා එකකට හෝ දෙකකට මූල්‍ය පහසුකම් ලබා දීමට මහබැංකුවට හැකියාව ලැබුනත් ඉන්පසු පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට හැකිවේදැයි විශාල අවිනිශ්චිතතාවයක් තිබෙන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.
පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය සොයා ගත නොහැකි වුවහොත් එවිට රට වසා දැමීම හා සමාන තත්ත්වයක් ශ්‍රී ලංකාවේ උද්ගත විය හැකි බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේ ය.තීරණගත හැකි ජනාධිපතිවරයෙක්,අගමැතිවරයෙක් සහ කැබිනට්ටුවක් අවශ්‍ය වන්නේ එම නිසා බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.එවැනි යාන්ත්‍රණයක් නොමැති වුවහොත් ජනතාවට දුක් විඳීමට සිදුවෙනු ඇතිබව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලදී ධනාත්මක ප්‍රගතියක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුවත් එයද රඳා පවතින්නේ කෙතරම් ඉක්මණින් ස්ථාවර රජයක් පත්වන්නේද යන සාධකය මත බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
’’ස්ථාවර රජයක් පත් නොකලොත් රට අකර්මණ්‍ය වෙයි’’
sharm warn Friday, 15 July 2022 03:50 PM
වැඩ බලන්න පත්කරලා තියෙන ජනාධිපති තව මාස 3ක් හිටියොත් ලංකාව රටවල් 5කට විතර විකුණලා තියෙයි. එතකොට ආක්‍රමණය වෙච්චි රටක්වත් තියන එකක් නෑ. තමන්ගේ ගෙට ගිනි තියාගන්න පුළුවන් නම් තව මොනවද?