IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


‘‘සාමකාමීව කටයුතු කරන්න‘‘

සාමකාමීව කටයුතු කරන්නැයි සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සන්සුන්ව කටයුතු කරන්නැයි නැවත නැවතත් ප්‍රකාශ කරන බවත් දීර්ඝකාලීන ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ගෙනෙන විසඳුම් සඳහා කඩිනමින් පියවර ගන්නැයි ද රටේ යහපත උදෙසා කටයුතු කරන්නැයි ද සියලු පාර්ශවවලට අවධාරණය කරන බව ඇය කියයි.

සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව සඳහන් කරන ඇමෙරිකානු තානාපතිවරියා නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යා යුතු යැයි ද පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල රාමුවට අනුව සාමකාමීව බලය හුවමාරු විය යුතු යැයි ද වගවීම, විනිවිදභාවය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ යහපත් අනාගතයක් උදෙසා ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා සාමකාමී බලහුවමාරුව අත්‍යවශ්‍ය යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කරයි. 

 

055

 



අදහස් (2)

‘‘සාමකාමීව කටයුතු කරන්න‘‘

Ranga Wednesday, 13 July 2022 10:47 PM

ඔයාලගෙ ප්ලෑන්ස් නේ.. බැරිද ඊළඟ ජනාධිපති වෙන්න..?

:       0       0

Bamunuarachchi Thursday, 14 July 2022 07:03 AM

කාටද මේ කියන්නේ...? රටේ ත්‍රස්තවාදී පක්ෂයකට නේද? මොවුන් 1989 කාලේ හැඳින්වූයේ ත්‍රස්තයින් කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site