(ටී.කේ.ජී.කපිල සහ විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම මාලදිවයින බලා නික්ම ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය.
ජනාධිපතිවරයා,ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීවරයකු මෙසේ පිටත්ව ගොස් තිබේ.
මොවුන් සිව් දෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය ලියකියවිලි , කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත , ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් විසින් රැගෙන විත් අනුමත කර ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් - 32 ( ඒ.එන්.- 32 ) වර්ගයේ විශේෂ ගුවන් යානයකින් අද අලුයම 01.45 ට පමණ බලා කටුනායක ගුවන් හමුදා කදවුරෙන් පිටත්ව ගොස් තිබේ .
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා ජෙට් යානයකින් රටින් පිටව ගිය බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම 3 ට පමණ මාලදිවයිනේ මලේ අගනුවරට පැමිණි බව බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
638
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති රටින් යයි
naleen Wednesday, 13 July 2022 07:42 AM
අද සිට ආරම්භ වන්නේ මීළඟ ජනාධිපති වීම සඳහා පැවැත්වෙන මහා බලු පොරයටයි...
priyamal Wednesday, 13 July 2022 08:12 AM
අරගල කරුවන්, සියලු දේශපාලන පක්ෂ නව ආණ්ඩුවට එකතු කර ගත යුතුය. ඔවුන්ට ඇමති කම් ලබා ගත යුතුය. මේ සිදුවන සියල්ලට ඔවුන් වගකිවයුතු සහ පිළිතුරු දිය යුතුය. ඔවුන්ගේ සෑම වචනයකටම ඔවුන් වගකිය යුතුය.
Achala Perera Wednesday, 13 July 2022 08:34 AM
ගෝටා අපේ වීරයා. අපි ඔහු වෙනුවෙන් අපේ මරණය දක්වා සටන් කරන්නෙමු.
Sunil Wednesday, 13 July 2022 09:22 AM
වසර 2 1/2 වැනි සුළු කාලයකදී හොඳින් තිබූ රටක් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා යන්නේ. පවුල්වාදයේ සහ නොහැකියාවේ ප්‍රතිඵල...
සිල්වා Wednesday, 13 July 2022 09:45 AM
හා... මුස්ලිම් මළසිරුරු මාලදිවයිනට යවන්න තැත් කළ ජනාධිපතිට වෙච්ච දෙයක්. අනේ ඔහුම මාලදිවයිනට යන්න ගියා.
Prasheen Wednesday, 13 July 2022 09:47 AM
හරි තීරණ හරි වෙලාවට ගත්ත නම් නම්බු පිට යන්න තිබුනා..
මැක්ස් Wednesday, 13 July 2022 09:48 AM
වෛරයෙන් වියරැ වැටී සිටින ලේ මාපිලුන් පිරිසක් හමුවේ වෙන මොනවා කරන්න ද? තෙරැවන් සරණයි.
Mf Wednesday, 13 July 2022 10:12 AM
ජනාධිපතිවරයා රටින් පනී..!
shiha Wednesday, 13 July 2022 11:09 AM
මේ සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගත යුතුයි..
දාස Wednesday, 13 July 2022 11:33 AM
කතෘ තුමා මේ යෝදය රටින් පැනගියා කිව්ව නම් නේද උචිත
Soma dubayi Wednesday, 13 July 2022 11:52 AM
අපේ හදවතේ ජනාධිපතිතුමා හැමදාම ඔබතුමායි, අපේ රට දියුණු කරන්න මේ කුමන්ත්‍රණකාරයෝ ඔබතුමාට ඉඩ දුන්නේ නෑ එහෙත් ලඟදිම නැවතත් රාජපක්ෂ පාලනයක් යටතේ රට ගොඩ ගමු,