(ටී.කේ.ජී.කපිල සහ විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම මාලදිවයින බලා නික්ම ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය.
ජනාධිපතිවරයා,ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීවරයකු මෙසේ පිටත්ව ගොස් තිබේ.
මොවුන් සිව් දෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය ලියකියවිලි , කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත , ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් විසින් රැගෙන විත් අනුමත කර ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් - 32 ( ඒ.එන්.- 32 ) වර්ගයේ විශේෂ ගුවන් යානයකින් අද අලුයම 01.45 ට පමණ බලා කටුනායක ගුවන් හමුදා කදවුරෙන් පිටත්ව ගොස් තිබේ .
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා ජෙට් යානයකින් රටින් පිටව ගිය බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම 3 ට පමණ මාලදිවයිනේ මලේ අගනුවරට පැමිණි බව බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද සිට ආරම්භ වන්නේ මීළඟ ජනාධිපති වීම සඳහා පැවැත්වෙන මහා බලු පොරයටයි...
අරගල කරුවන්, සියලු දේශපාලන පක්ෂ නව ආණ්ඩුවට එකතු කර ගත යුතුය. ඔවුන්ට ඇමති කම් ලබා ගත යුතුය. මේ සිදුවන සියල්ලට ඔවුන් වගකිවයුතු සහ පිළිතුරු දිය යුතුය. ඔවුන්ගේ සෑම වචනයකටම ඔවුන් වගකිය යුතුය.
ගෝටා අපේ වීරයා. අපි ඔහු වෙනුවෙන් අපේ මරණය දක්වා සටන් කරන්නෙමු.
වසර 2 1/2 වැනි සුළු කාලයකදී හොඳින් තිබූ රටක් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා යන්නේ. පවුල්වාදයේ සහ නොහැකියාවේ ප්‍රතිඵල...
හා... මුස්ලිම් මළසිරුරු මාලදිවයිනට යවන්න තැත් කළ ජනාධිපතිට වෙච්ච දෙයක්. අනේ ඔහුම මාලදිවයිනට යන්න ගියා.
හරි තීරණ හරි වෙලාවට ගත්ත නම් නම්බු පිට යන්න තිබුනා..
වෛරයෙන් වියරැ වැටී සිටින ලේ මාපිලුන් පිරිසක් හමුවේ වෙන මොනවා කරන්න ද? තෙරැවන් සරණයි.
ජනාධිපතිවරයා රටින් පනී..!
මේ සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගත යුතුයි..
කතෘ තුමා මේ යෝදය රටින් පැනගියා කිව්ව නම් නේද උචිත
අපේ හදවතේ ජනාධිපතිතුමා හැමදාම ඔබතුමායි, අපේ රට දියුණු කරන්න මේ කුමන්ත්‍රණකාරයෝ ඔබතුමාට ඉඩ දුන්නේ නෑ එහෙත් ලඟදිම නැවතත් රාජපක්ෂ පාලනයක් යටතේ රට ගොඩ ගමු,