IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජනපති ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි?

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට  බාර දුන් වහාම නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන්වූ පාර්ලිමේන්තු කටයුතු  හෙට (13) දිනයේම ආරම්භ කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට හෙට  (13) බාරදීමට නියමිතය. එම ලිපියට ජනාධිපතිවරයා අද  අත්සන් තබා ඇතැයිද  ආරංචිමාර්ග වලින් පැවසිණ.

ජනාධිපතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දීමෙන් පසු     ඔහු විසින්  ඒ පිළිබඳව  විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හෙට  (13) දිනයේම රටට  දැනුම් දෙනු ඇතැයිද  එම ආරංචි  මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් පසු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ පිළිබඳව දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුවෙයි. මේ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ලබන  15  වැනිදා සිකුරාදා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇත.

අභිනව ජනාධිපතිවරයකු පත්කරගැනීම සඳහා නාම යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ පසුගියදා තීරණය කළහ . ඒ අනුව කතානායකවරයා ඒ තීරණය ජනාධිපතිවරයාට දැනුම් දුන් අතර සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා  කතානායකවරයාට දැනුම් දුන්නේ  ඉන් අනතුරුවය.



අදහස් (5)

ජනපති ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබයි?

ganegoda Tuesday, 12 July 2022 07:31 PM

මාටියා ගහපු ජාතික ධනය ආපහු දෙන බවටත් සහතික විය යුතුයි.

:       0       0

ණය. ණය.. ණය Tuesday, 12 July 2022 07:35 PM

කොවිඩ් 19 වසංගතය විසින් අවුරුදු එකහමාරක් පමණ කාලයක් රට වසා දැමීමෙන් අනතුරුව ගෙවී ගිය අතේ සතේ නැති බංකොළොත් සහ නන්නත්තාර යුගය අවසන් කිරීම සඳහා නැවත වතාවක් රට විවෘත කෙරුණි. රජයේ නායකයා ජනාධිපති බැවින් වසංගතය නිසා ඇතිවන සියලු හානිවල යම් ප්‍රමාණයක වරදක් ඔහු පිටද පැටවෙයි. ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත්වන විටත් මේ රට යහපාලන රජයේ ස්වකීය පාලන සමය තුළ ඩොලර් බිලියන විශාල සංඛ්‍යාවක් ණයට ගෙන ආතල්ද ගෙන තිබිණි. ඇත්තම කතාව නම් ගෝඨාභය මුලින්ම අස්වීමට තිබුණේ ජනාධිපති වූ පසු එම ණය තත්ත්වය හරියාකාරව නිරීක්‍ෂණය කිරීමේදීය. දැන් ඒ ණය ගෙවන්නට "අකුමුදි" හනුමාටවත් බැරිය...

:       0       0

ජගත් ලියනගේ Tuesday, 12 July 2022 07:42 PM

එයා දැන් සාර්ථක උනා ද?

:       0       0

කාලි Tuesday, 12 July 2022 09:17 PM

ඔය ගොන් වැඩේ නවත්වලා නැවතත් ජනපති වෙන්න. ඔච්චර බාල්දු වෙන්න එපා.

:       0       0

පුරවැසියෙක් Tuesday, 12 July 2022 10:43 PM

ඔබතුමා මේ වෙලාවේ ගත්තු තීරණය හරි... දවසක ඔබතුමාගේ වටිනාකම තේරෙයි මේ කට්ටියට එතකොට ප්‍රමාද වැඩියි. ඔබතුමාගේත් වැරැදි තිබුණා. බුද්ධිමතුන්ට සවන් නොදීම අනික නාමල් වැන්නවුන් කරපු මෝඩවැඩ බැසිල් ආදීන්... තෙරුවන් සරණයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site