(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දුන් වහාම නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන්වූ පාර්ලිමේන්තු කටයුතු හෙට (13) දිනයේම ආරම්භ කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට හෙට (13) බාරදීමට නියමිතය. එම ලිපියට ජනාධිපතිවරයා අද අත්සන් තබා ඇතැයිද ආරංචිමාර්ග වලින් පැවසිණ.
ජනාධිපතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දීමෙන් පසු ඔහු විසින් ඒ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් හෙට (13) දිනයේම රටට දැනුම් දෙනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් පසු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ පිළිබඳව දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතුවෙයි. මේ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ලබන 15 වැනිදා සිකුරාදා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇත.
අභිනව ජනාධිපතිවරයකු පත්කරගැනීම සඳහා නාම යෝජනා කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.
රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ පසුගියදා තීරණය කළහ . ඒ අනුව කතානායකවරයා ඒ තීරණය ජනාධිපතිවරයාට දැනුම් දුන් අතර සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා කතානායකවරයාට දැනුම් දුන්නේ ඉන් අනතුරුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාටියා ගහපු ජාතික ධනය ආපහු දෙන බවටත් සහතික විය යුතුයි.
කොවිඩ් 19 වසංගතය විසින් අවුරුදු එකහමාරක් පමණ කාලයක් රට වසා දැමීමෙන් අනතුරුව ගෙවී ගිය අතේ සතේ නැති බංකොළොත් සහ නන්නත්තාර යුගය අවසන් කිරීම සඳහා නැවත වතාවක් රට විවෘත කෙරුණි. රජයේ නායකයා ජනාධිපති බැවින් වසංගතය නිසා ඇතිවන සියලු හානිවල යම් ප්‍රමාණයක වරදක් ඔහු පිටද පැටවෙයි. ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත්වන විටත් මේ රට යහපාලන රජයේ ස්වකීය පාලන සමය තුළ ඩොලර් බිලියන විශාල සංඛ්‍යාවක් ණයට ගෙන ආතල්ද ගෙන තිබිණි. ඇත්තම කතාව නම් ගෝඨාභය මුලින්ම අස්වීමට තිබුණේ ජනාධිපති වූ පසු එම ණය තත්ත්වය හරියාකාරව නිරීක්‍ෂණය කිරීමේදීය. දැන් ඒ ණය ගෙවන්නට "අකුමුදි" හනුමාටවත් බැරිය...
එයා දැන් සාර්ථක උනා ද?
ඔය ගොන් වැඩේ නවත්වලා නැවතත් ජනපති වෙන්න. ඔච්චර බාල්දු වෙන්න එපා.
ඔබතුමා මේ වෙලාවේ ගත්තු තීරණය හරි... දවසක ඔබතුමාගේ වටිනාකම තේරෙයි මේ කට්ටියට එතකොට ප්‍රමාද වැඩියි. ඔබතුමාගේත් වැරැදි තිබුණා. බුද්ධිමතුන්ට සවන් නොදීම අනික නාමල් වැන්නවුන් කරපු මෝඩවැඩ බැසිල් ආදීන්... තෙරුවන් සරණයි...!