11 - 12 බැංකු විවෘතයි රජයේ නිවාඩු දිනයන් දෙකක් බවට පත්කළ ඇතිකර ලබන සදුදා සහ අගහරුවාදා (11 සහ 12) සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සාමාන්‍ය පරිදි විවෘත කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 09 April 2022
දෝශාභියෝගයකටත් අත්සන් එකතු කිරීම් ඇරඹෙයි විශ්වාසභංග යෝජනාවට අමතරව ජනාධිපතිවරයාට එරෙහිව දෝශාභියෝග යෝජනාවක් සඳහාද සමගි ජන බලවේගය අත්සන් එකතු කරමින් සිටින බව වාර්තා වේ. 09 April 2022
ඖෂධ මිලත් වැඩි කරන්න අවසර ආනයනික ඖෂධ මිල සියයට 20 කින් ඉහළ දැමීමට ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර දී තිබේ. 09 April 2022
විරෝධතාකරුන්ගෙන් ගාලුමුවදොර පිරෙයි ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් මිලියනයක් කොළඹට කැඳවීමේ විරෝධතාවයට මේ වන විට දහස් සංඛ්‍යාත ජනතාවක් කොළඹ ගාලු මුවදොර අසලට එක්රොක් වී සිටිති. 09 April 2022
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පල්ලෙහාට කඩාගෙන යන වාහනයක් වගෙයි රටේ ආර්ථිකය එක රැයකින් උඩට ගත නොහැකි බවත් ඒ සඳහා කාලයක් අවශ්‍ය බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. 09 April 2022
පාර්ලිමේන්තුවේ මල්වඩමක් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා රජයට විරෝධය පළ කිරීම සඳහා මල් වඩමක් පාර්ලිමේන්තුවට ගෙන ඒමෙන් කලබලකාරී තත්වයක් ඇතිවිය. 09 April 2022
රට අතහැර යන්නන් තවත් ඉහළට රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් වෙනත් රටවලට යෑමේ අරමුණින් විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) සකස් කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව සියයට 30-40 අතර සංඛ්‍යාවකින් වැඩිවී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 09 April 2022
මැතිසබයේ ගැලරි දිගටම වැසෙන හැඩ පාර්ලිමේන්තුවේ අමුත්තන්ගේ සහ මහජන ගැලරි තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 09 April 2022
අර්බුදය විසඳීමට දෙස් විදෙස් විශේෂඥයන්ගේ සහාය රටේ පවතින ව්‍යවස්ථාදායක සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා දේශීය සහ විදේශීය විශේෂඥයන් පිරිසකගේද ( දේශපාලන සහ ව්‍යවස්ථාදායක ) සහය සහ උපදෙස් ලබාගැනීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 09 April 2022
ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති. 09 April 2022
වැස්ස තව තවත් වැඩි වෙයි දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදීත් බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 April 2022
‘‘සහල් මිල ගණන් දරා ගන්න බෑ‘‘ සහල් මිල ගණන් දරාගත නොහැකි මට්ටමක ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 09 April 2022
රටේ අර්බුදයට එරෙහිව අදත් තැන තැන සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් කොළඔ ගාලුපාරේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් කළ අතර රටේ පවතින අර්බුදයට විසැඳුම් ඉල්ලා අදත් තැන තැන විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්විණි. 08 April 2022
තමිල්නාඩුවෙන් ශ්‍රී ලංකාවට සහනයක් දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය සලකා බලමින් ශ්‍රී ලංකාවට සහල්, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යැවීමට තමිල්නාඩුව සූදානම් යැයි එම ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලිං පවසා ඇත. 08 April 2022
ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරයි ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා සැලකිය යුතු ලෙස සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. 08 April 2022
කොළඹ රකින ජන පවුර ආණ්ඩුවට සහායදී උද්ඝෝෂණයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට සහාය පළ කරමින් කොළඹ රකින ජන පවුර සංවිධානය කරන ලද සාමකාමී පෙළපාලියක් අද (8) පැවැත්විණි. 08 April 2022
ඉන්දීයාවෙන් ණයට දෙන තෙල් බාගයකටත් වඩා අරන් අවසන් ඉන්දීය ණය ආධාර යටතේ ඉන්ධන මිලදීගැනීම සඳහා මෙරටට ලැබෙන ඇමෙරිකානු ඩොලර් කෝටි 50 න්, ඩොලර් කෝටි 29 ක් වටිනා ඉන්ධන මේ වන විටත් ලබාගෙන ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ සභාපති සුමිත් විජේසිංහ මහතා අද (8) පැවසීය. 08 April 2022
විදුලියට ඉන්ධන ඉල්ලා ගොනු කළ පෙත්සම විසිවෙයි විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන විදුලිබල මණ්ඩලයට අඛණ්ඩව ලබා දෙන ලෙසට බලශක්ති අමාත්‍යවරයාට නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිසම ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) ප්‍රතික්ෂේප කළේය. 08 April 2022
කොවිඩ් ආසාදිතයන් 80ක් කොවිඩ් ආසාදිතයින් තව 80 දෙනෙක් අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 08 April 2022
ලබන සතියේ දින තුනක් විදුලිය අඛණ්ඩව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 13 වැනිදා සිට 15 දක්වා දින තුනේ විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 08 April 2022
පාර්ලිමේන්තුව ලබන 19 වැනිදා දක්වා කල් තැබේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තුව ලබන 19 දක්වා කල් තැබීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (8) පස්වරුවේ තීරණය කළේය. 08 April 2022
අර්බුදය විසඳන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයි රට වර්තමානයේ මුහුණ දී සිටින අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ ඇතුළත් තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බවත් එම තේරීම් කාරක සභාව දින පහක් තුළ පිළිගත හැකි ව්‍යවස්ථාමය විසඳුමකට එළඹීමට කටයුතු කළ යුතු බවත් දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කතානායකවරයාට ලිපියක් යොමුකර තිබේ. 08 April 2022
පාර්ලිමේන්තුව අසල විරෝධතාකරුවන්ට කඳුලු ගෑස්-ජල ප්‍රහාර පාර්ලිමේන්තු මාර්ගය අසලට පැමිණි විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ. 08 April 2022
අලි සබ්රි නැවතත් මුදල් අමාත්‍ය ධූරයට? මුදල් අමාත්‍ය ධූරයේ තවමත් කටයුතු කරන බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 April 2022
ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් ජනපතිට ලිපියක් සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට වහාම කටයුතු කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර ඇත. 08 April 2022
රුසියන් ප්‍රහාරයෙන් යුක්රේනයේ 35 ක් මරුට යුක්රේනයේ ක්‍රමාටොර්ස්ක් නගරයට රුසියන් හමුදා එල්ල කළ ප්‍රහාරයකින් යුක්රේන සිවිල් වැසියන් 35 දෙනකු මියගිය බවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් බටහිර මාධ්‍ය වාර්තා කළේය. 08 April 2022
කොරෝනා තවත් මරණයක් කොවිඩ් ආසාදිත රෝගී මරණයක් ඊයේ (7) දිනයේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) නිවේදනය කළේය. 08 April 2022
ස්වාධින භික්ෂු එකමුතුව සත්‍යග්‍රහයක් අරඹයි ස්වාධීන භික්ෂු එකමුතුව සංවිධානය කරන ලද මහා සංඝරත්නයේ සාමකාමි සත්‍යයක් ග්‍රහය විහාර මහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසල මේ වන විට පැවැත්වෙයි. 08 April 2022
විරෝධතාවෙන් කොටා පාර අවහිර වෙයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ සිවිල් ක්‍රියාකාරීන් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් කැළණිය විශ්ව විද්‍යාලයේ සිට පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් තිබේ. 08 April 2022
‘තනතුරු නැතුව වාහන පාවිච්චි කළොත් කාට කාටත් වගකියන්න වේවි්‘ ඇමැති තනතුරු නැතුව වාහන පාවිච්චි කරන්නේ නම් කවුරු කවුරුත් ඒවට වගකියන්න වේවි යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 April 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026