යතුරු පැදිය පෙරළී තරුණ යුවළ මරු දකිති තරුණ යුවළක් ගමන් ගත් යතුරු පැදියක් අද අළුයම බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ දී අනතුරකට ලක්වීමෙන් ඔවුන් දෙදෙනා මෙම ස්ථානයේදීම මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 02 January 2022
පළාත් කීපයකට අදත් ගිගුරුම් සහිත වැසි උතුරු, නැගෙනගිර, උතුරු මැද සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (2) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 January 2022
ඩුබායි එක්ස්පෝ ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අනිද්දාට ඩුබායිහිදී මේ දිනවල පැවැත්වෙන ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනය අනිද්දාට (03) යෙදී ඇත . 01 January 2022
ඉන්දියාවෙන් ඩොලර් කෝටි 100ක ණයක් ඩොලර් හිඟයට පිළියමක් ලෙස, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 100ක පමණ ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇතැයි වාර්තා වේ. 01 January 2022
සෙල්පියෙන් ආ මරුවා පියා සහ පුතා ඩැහැගනී දෙනියාය ,පල්ලෙගම සත්මාල ඇල්ලේ දිය නෑමට පැමිණි එකම පවුලේ පිය පුතු දෙපළක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි දෙනියාය පොලිසිය කියයි. 01 January 2022
‘‘ජනතා ප්‍රශ්නවලට උත්තර නැත්නම් තනතුරු දමා යනවා‘‘ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන්නේ නම් තනතුරු අත්හැරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසීය. 01 January 2022
ඉංජිනේරුවා ගමන් ගත් කාරය දුම්රියේ ගැටී ගිනි ගනී පෑලියගොඩ වනවාසළ දුම්රිය අසලදී ඉංජිනේරුවරයකු පැදුවු සුඛෝපභෝගී මෝටර් රථය දුම්රියක ගැටීමෙන් ඉංජිනේරුවරයා එම ස්ථානය දින මිය ගිය බව පෑලියගොඩ පොලිසිය පවසයි. 01 January 2022
ගෑස් පෝලිම් තවත් සති තුනක් මීට පෙර වසරක කාලය තුළදී දිනකට ගෑස් වෑල් 300 ක් පමණ මාරු කර ඇති බවත් වර්තමානයේ දිනකට වෑල් 3000 ක් පමණ මාරු කරන බවත් වෑල් මාරු කිරීමේ ධාරිතාව 20,000 දක්වා වැඩි කිරීමට මේ වනවිට කටයුතු කරගෙන යන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය. 01 January 2022
ආගම දහමට මුල්තැන දී නව වාර්ෂය පිළිගනී 2022 නව වසර උදාවීමත් සමඟ ආගමික වතාවත්වල නිරත වී ආශීර්වාද ලබා ගැනීමට පැමිණි ජනතාවගෙන් වෙහෙර විහාර ඇතුළු ආගමික ස්ථාන පිරී ගොස් තිබිණි. 01 January 2022
පොලිසියෙන් සිඟන්නන්ට සංග්‍රහයක් 2022 නව උදාවත් සමග නව වර්ෂයේ පළමු ප්‍රජා පොලිස් සත්කාරය ලෙස කොළඹ නගරය තුල ජීවත් වන කිසිවෙකුගේ හවුහරණක් නොමැති 600 කට අධික පිරිසක් කොළඹ නගරයේ පොලිස් ස්ථාන 24 ට කැදවා ඹවුන්ගේ රැවුල්, කොණ්ඩය කපා පිරිසිදු කර අළුත් ඇදුම් ලබාදී උදෑසන කිරිබත් සංග්‍රහයක් ද ලබාදීම සිදුකෙරුනි. 01 January 2022
පොහොර සමාගම් එකොළහකට කෝටි 150ක් වැඩියෙන් ගෙවලා අඩු මිලට ගෙන්වූ පොහොර සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලය පොහොර සමාගම් එකොළහකට රුපියල් කෝටි 150 කට වැඩි මුදලක් 2018-2020 අතර කාලයේදී වැඩිපුර ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණයවී ඇත. 01 January 2022
මැතිසබයේ ආහාර පිල්ලි යෑමෙන් කෝටි දෙකක පාඩුවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ නිලධාරීන්ගේ පරිභෝජනය සඳහා ගෙන එනු ලබන ආහාර ද්‍රව්‍යවලින් සියයට 30ක් පමණ නාස්තිය සහ දූෂණය නිසා අහිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 01 January 2022
අද කාලගුණය උතුරු, නැගෙනගිර, උතුරු මැද සහ ඌව පළාත්වලත්, මාතලේ, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද(1) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 January 2022
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ යයි කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි. 01 January 2022
ඉන්දියාවෙන් ගෙනා දුම්රිය එන්ජින් පැත්තකට දාලා දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 70,000 ක් වැය කරමින් ඉන්දියාවෙන් ආනයනය කළ දුම්රිය එන්ජින් 10 න් හතක් ධාවනය නොකිරීම විශාල මහජන මුදල් නාස්තියක් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෝ පවසති. 01 January 2022
මුදල් ඇමැති යළි දිවයිනට පැමිණෙයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා , ඇමෙරිකා සංචාරය නිමා කර අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය . 01 January 2022
නාවික හමුදාව ඉකුත් වසරේ කෝටි 1600 කුඩු අල්ලයි 2021 වර්ෂයේදී පමණක් නාවික හමුදාව මෙරට මෙන්ම ජාත්‍යන්තර මුහුදේ සිදු කළ මෙහෙයුම්වලින් රුපියල් බිලියන 15.86කට අධික වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති නාවික හමුදාව කියයි . 01 January 2022
ඇමැතිධූර හයක් වෙනස් වෙයි? කැබිනට් මණ්ඩලයේ සංශෝධන කිහිපයක් ඉදිරි දිනවල සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් ලංකාදීපයට වාර්තා වෙයි. 01 January 2022
ඔමික්‍රොන් වයිරසය මහරටත් වැලිවේරිය ප්‍රදේශයෙන් කොරෝනා ඔමිකොන් වයිරසය ආසාදනයන් දෙදෙනකු හමුව ඇති බව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි. 01 January 2022
ලෝ වැසියෝ 2022 පිළිගනිති ! ’කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ තර්ජන පැවැතියත්, ලොව ප්‍රධාන නගර රැසක ඉතා උත්කර්ශවත් අන්දමින් 2022 නව අවුරුදු උදාව පිළිගැණුනි. 01 January 2022
ලීක්ස් කදේ කුඩු සඟවා මාතර බන්ධනාගාරයට විසිකරලා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ලීක්ස් ගසක කද කොටසේ සගවා මාතර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකර තිබියදී බන්ධනාගාර නිලධාරීන්ට අද (31) සොයාගැනීමට හැකිවූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ පුනුරුත්තාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 31 December 2021
අලුත් ආසාදිතයෝ 499 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 499 දෙනකු අද (31) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 31 December 2021
ජනපති-අගමැති නව වසරට සෙත්පතා කිරිවෙහෙර වැදපුදා ගනිති ලබන්නා වූ නව වසරට සෙත් පතා ඓතිහාසික කතරගම පුදබිමෙහි අද (31) පැවැත්වෙන ආගමික වතාවත් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරු ද සහභාගී වූහ. 31 December 2021
අල-ලූනු බද්ද 30 කින් බහී ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 30 කින් අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව මුදල් අමාත්‍යංශය පවසයි. 31 December 2021
තවත් ගෑස් කේස් 10 ක් ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධීන් 10 කට ආසන්න සංඛ්‍යාවක් අද (31) පස්වරුව වන විට දින දෙකකට ආසන්න කාලයක් තුළ පොලිසියට ලැබී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 31 December 2021
තවත් 17 ක් කාෙරා්නාවට බිලි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය. 31 December 2021
ශිවන්යා සොයාගිය දැරියන් මවුපියන් බාරයට රූපවාහිනි නාළිකාවක දිනපතා විකාශය වන ප්‍රසිද්ධ ඉන්දියානු ටෙලි නාට්‍යයක චරිත දෙකක් වන ශිවන්යා සහ ෂේෂා සියසින් දැක බලා ගැනීම සදහා ඉන්දියාවට යාමට නිවසෙන් පැන ගිය ගැහැණු දරුවන් තිදෙනකු හොරොව්පොතාන නගරයේ දී අද (31) දහවල් සොයාගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 31 December 2021
කොවිඩ් ඩෙංගු දෙකම එකවර වැළදුණ රෝගීනුත් හමුවෙලා ඩෙංගු සහ කොවිඩ් යන රෝග දෙකම එකවර වැළදුණ රෝගීන්ද හමුවී ඇතැයි කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා පැවසීය. 31 December 2021
තැපැල් දුම්රියට ‘නිදන මැදිරිය’ අහිමිවෙයි දුම්රිය දෙපාර්තමේන්තුව ඉදිරියේදී ධාවනයට යෙදවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියවල පළමු පන්තියේ නිදන මැදිරිය නොමැති බවට දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 31 December 2021
සේවක හිඟයෙන් බස්රථ දස දහසක් ධාවනයෙන් ඉවතට පෞද්ගලික බස් රථ සේවකයන්ගේ බරපතළ හිඟය හේතුවෙන් බස්රථ දස දහසක් ධාවනයෙන් ඉවත් කරගෙන ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවසීය. 31 December 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026