(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි බිල සියයට 75කින් වැඩි කිරීම සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය ලබන 29 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළේය.
මේ අනුව මෙම විවාදය එදින පෙරවරු 9.30 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වෙනු ඇත.
මෙම විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය පක්ෂය විසිනි.
විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වෙනම විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතරම් විවාද කලත් අවසානයේ අපට උහුලා ගන්න බැරි තරමට බිල වැඩි වෙන බව නම් අපි දන්නවා.
ඒකකයකට වියදම රු30-.32 පමණය. ඒකක120ට වැඩි නම් රු.50-75 ක් ගෙවිය යුතු ඇයි? නිවසක ළමයි, වැඩිහිටි අය කිහිප දෙනෙක් ඉන්න විට ඒකක ගණන වැඩිය. 120ට, 180ට වැඩි ඒකක සඳහා ඉතා වැඩි ලාභයක් ලබන අතර, ආයතන සඳහා අඩු මිලකට ලබා දෙයි. අන් අයට සහන දීමට අපෙන් වැඩියෙන් අය කිරීම අසාධාරණය