(චන්ද්‍රසේන ගමගේ)

තංගල්ල කාල්ටන් නිවසට ගල් ප්‍රහාර ඒල්ල කිරීම සහ තංගල්ල බෙලිඅත්ත පාරේ පිහිටි කාල්ටන් පෙර පාසලේ පරිපාලන ගොඩනැගිල්ලට ඉකුත් මැයි 9 වැනි දා ගිනී තැබීම යන චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී (ඒජාප) නිහාල් වෙදආරච්චි හෙට දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි තංගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා නියෝග කළේය.

තංගල්ල මුලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් නිහාල් වෙදආරච්චි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

තංගල්ල කාල්ටන් නිවසට ගල් ප්‍රහාර ඒල්ල කිරීම සහ තංගල්ල බෙලිඅත්ත පාරේ පිහිටි කාල්ටන් පෙරපාසැලේ පරිපාලන ගොඩනැගිල්ල ට ගිනී තැබීම යන චෝදනා වලට නිහාල් වෙදආරච්චි අත් අඩංගුවට ගෙන තිබුණි.

වැඩ බලන මහේස්ත්‍රාත් වරයා හමුවේ කරුණු දැක් වූ පොලීසිය ඉහත චෝදනාවලට ඇප ලබා දීමට විරුද්ධ නොවන බව පැවසීය.

ඒහෙත් සැකකරුට පොලීසිය විසින් ගොනුකොට තිබූ තුන් වැනි චෝදනාවට ඇප ලබා දීමට විරුද්ධ වන බව පොලීසිය අධිකරණයට දැන්වීය.

අත් අඩංගුවට ගැනීම සදහා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී පොලිස් රාජකාරියට බාධා කොට ඒ් අවස්ථාවේ ඒම ස්ථානයට පැමිණි අයකු සමාජ මාධ්‍ය හරහා එය සජීවී ලෙස  සමාජ ගත කිරීම නිසා පොලිස් රාජකාරිය අපකීර්තියට පත් කිරීමේ චෝදනා සැකකරුට ගොනු කර තිබුණි.