‘උද්ඝෝෂණ නවත්වන්න එපා‘ ආණ්ඩුවට එරෙහිව ගෙන යන උද්ඝෝෂණ තීව්රර කළ යුතු මෙන්ම උද්ඝෝෂණ නතර නොකළ යුතු බවත් පොදු ජනතාව ගෙන යන උද්ඝෝෂණවලට ජාතික ජනබලවේගය උපරිම සහයෝගය ලබා දෙන බවත් ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 08 April 2022
නිවැසියන් සහ සුනඛයා සිහිසුන් කර රන්බඩු කොල්ල කාලා දඹුල්ල මිරිස්ගෝනියාව හන්දියේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසට අද (08) අලුයම ඇතුළු වූ කොල්ලකවන් පිරිසක් නිදා සිටි නිවැසියන්ට යම් රසායනික ද්‍රව්‍යක් මුහුණු වලට අල්ලා තදින් නින්ද යාමට සලස්වා නිවසේ තිබූ මුදල් රන් භාණ්ඩ සහ මෝටර් රථයක් කොල්ලකා පලාගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 08 April 2022
අලි සබ්රි තවමත් මුදල් ඇමැති ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම භාර ගෙන නැති හෙයින් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මුදල් අමාත්‍ය ධූරයේ තවදුරටත් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 April 2022
රුපියල තව තවත් බාල්දු වෙයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු ඩොලරයේ අගය අද (8) දිනයේ රුපියල් 325 ක් දක්වා ඉහළ දමා තිබුණි. 08 April 2022
සජබෙන් රජයට එරෙහිව විශ්වාසභංගයක් ආණ්ඩුව නායකයන් ඉවත් වන්නේ නැතිනම් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 April 2022
දුරගමන් පෞද්ගලික බස්වලට ලංගමෙන් ඩීසල් සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ධාවනය කිරීමට නියමිත දුරගමන් සේවා විශේෂ පෞද්ගලික බස් රථවලට ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඩීසල් ලබාදෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. 08 April 2022
එජාප මන්ත්‍රී විරෝධතාවෙන් මීරිගම සභාව දෙවරක්කල් තබයි මීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන අතරතුර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අද (8) දහවල් 11.40ට පමණ විරෝධතාවක යෙදීම හේතුවෙන් සභාපති වරයාට සභාව දෙවරක්කල් තැබීම ට සිදුවිය. 08 April 2022
සතොසෙන් තවත් සහන මල්ලක් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග පහක් ඇතුළත් සහන මල්ලක් රුපියල් 1,950 කට හෙට (9) සිට සතොසින් මිලදීගත හැකි බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි. 08 April 2022
ගල්කිස්ස අධිකරණයේ නීතිඥවරු විරෝධතාවයක ගල්කිස්ස අධිකරණයේ ජ්‍යෙෂ්ඨ සහා කණිෂ්ඨ නීතිඥ මහත්ම මහත්මීන් ආණ්ඩුවට සිය විරෝධය පලක්රමින් ගල්කිස්ස අධිකරණ භූමිය ඉදිරිපිට අද (8) උදෑසන විරෝධතාවයක නියැලිණි. 08 April 2022
චමින්ද, තිස්ස කුට්ටිආරච්චි මැති සබයෙන් ඉවතට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි සහ සමගි ජන බලවේගයේ එම දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වේත්‍රධාරී වරයාට උපදෙස් දුන්නේය . 08 April 2022
රනිල්ගේ ඉල්ලීමකට පාර්ලිමේන්තුව විනාඩි පහකට කල්තබයි පාර්ලිමේන්තුව කරනවා නම් හරියට කරමු නැතිනම් අත්හිටවමු යැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 08 April 2022
අර්බුදය අවසන් වනතුරු පාර්ලිමේන්තු එන්නේ නෑ තමා මේ අර්බුදය අවසන් වනතුරු මේ සභාවට නොපැමිණ බව බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 April 2022
රාජ්‍ය-අර්ධ රාජ්‍ය සේවකයෝ වැඩවරති රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් ආණ්ඩුවට විරෝධය දක්වමින් අද (8) ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජනය හේතුවෙන් රටපුරා බොහෝ රාජ්‍ය ආයතන අකර්මණ්‍ය වී ඇති බව වාර්තා වේ. 08 April 2022
‘‘විධායකය සහ ව්‍යවස්ථාධායක එක්ව රට ස්ථාවර කරන්න‘‘ රටතුළ ගොඩනැගෙමින් පවතින දැවැන්තත මහජන විරෝධය සැලකිල්ලට ගනිමින් අන්තර්වාර රජයක් පිහිටුවීමට විධායකය සහ පාර්ලිමේන්තු හැකි ඉක්මණින් කටයුතු කළ යුතු බවත් මෙම ප්‍රවණතාව දිගින් දිගටම පැවතුණහොත් මහජනතාවට සහ ආර්ථිකයට බරපතල හානි වන ප්රචණ්ඩත්ව රැල්ලක් ඇති විය හැකි බවත් වාණිජ මණ්ඩල සහ වෙළෙඳ සංගම් රැසක් කථානායකවරයා ඇතුළු වගකිවයුත්තන්ට ලිපියක් ඔස්සේ පෙන්වාදී තිබේ. 08 April 2022
නියෝජ්‍ය කතනායක ධුරයට යළි රංජිත් සියඹලාපිටිය තමා තවදුරටත් නියෝජ්‍ය කතානායක ධූරයේ කටයුතු කිරීමට තීරණය කළ බව මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 April 2022
අධිභාර පනතට කතානායකගේ සහතිකය අධිභාර පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 08 April 2022
කට පුංචා රංගල වැඩ මහනුවර රංගල එළුගොල්ල ප්‍රදේශයේ අද අලුයම සිදුවූ වෙඩි තැබීමක් 32 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි රංගල පොලිසිය කියයි. 08 April 2022
අමාත්‍යංශයේ වාහන 18ක් ඇමතිගේ ගෙදර වැඩට අමාත්‍යංශයේ වාහන 18ක් තමන්ගේ පෞද්ගලික පරිහරණයට යොදාගත් ඇමැතිවරයෙක් ඉන්නවා. 08 April 2022
දඹුල්ලේ එළවළු තොග ගොඩ ගැසෙයි විවිධ ප්‍රදේශවලින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු තොග මිලදී ගැනීමට වෙළඳුන් නොපැමිණීම ගොවීහු මේ වනවිට දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. 08 April 2022
අනිද්දා තෙක් තද වැසි දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් අනිද්දා (10) තෙක් බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 April 2022
නව මහ බැංකු අධිපති-මුදල් අමාත්‍යංශ නව ලේකම් වැඩ බාර ගනිති ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පත් කෙරේ. 07 April 2022
ඩීසල් නැව දින 11 කට පසු නිදහස් කරගනී ඩොලර් ගෙවාගැනීමට නොහැකිව දින 11 ක් ශ්‍රී ලංකා මුහුදු සීමාව නතර කළ තිබූ නෞකාවේ ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ඩොලර් මිලියන 52 ක් ගෙවා අද (7) පස්වරුවේ නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 April 2022
ජනපති-රනිල් අතර විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවූක් අද(7) පැවැත්විණ. 07 April 2022
අගමැතිවරයෙක්-ඇමැති මණ්ඩලයක් පත්කර ගන්න ව්‍යවස්ථාපිත බලයක් තියෙනවා යෝජනා සම්මතයක් මගින් නව අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලය පත්කරගැනීමේ ව්‍යවස්ථාපිත බලයක් පාර්ලිමේන්තුව සතු බැවින් මේ අවස්ථාවේ වහාම ඒ සඳහා කටයුතු කළ යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා මහතා පැවසීය. 07 April 2022
හාල් ටොන් 40,000 ඉන්දියාවෙන් ඉන්දීය ඩොලර් බිලියනක ණය යෝජනාව යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික්ටොන් 40,000 ක් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවට ළගාවන බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි. 07 April 2022
උද්ඝෝෂණවලට දරුවන් යොදාගන්න එපා කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශ වල මේ දිනවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණ හා විරෝධතා පෙළපාලි සදහා දරුවන් සහභාගි කරවීමෙන් වළකින ලෙසට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා මවුපියන් හා බාරකරුවන්ගෙන් ඉල්ලා සිටියි. 07 April 2022
සති අන්තයේ ලයිට් කැපෙන්නේ පැය 3 යි එළඹෙන සති අන්තයේ සෙනසුරාදා පැය 2 ක් සහ ඉරිදා පැයක් ලෙස පැය තුනක් පමණක් විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර දුන් බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 07 April 2022
ගොවීන්ට කෝටි 21 වන්දි ලෙස ගෙවලා ගොවිජන රක්ෂණ මණ්ඩලය 2021 වසරේ යලකන්නයේ සිදු වූ පාඩු වෙනුවෙන් ගොවීන්ට රුපියල් කෝටි 21ක වන්දි මුදලක් ගෙවා තිබූ බව එම මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පවසයි. 07 April 2022
අලුත් අවුරුදු දින දෙකේ ලයිට් කපන්නේ නෑ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී තිබෙන මේ මස 13 සහ 14 දෙදින විදුලි කප්පාදු නොකිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘ලංකාදීප’යට පැවසීය. 07 April 2022
අවුරුදු සමයේ ප්‍රයිවට් බස් නෑ පවතින ඩීසල් හිගය හේතුවෙන් අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙවර විශේෂ බස්රථ සේවා ක්‍රියාත්මක නොවන බව පෞද්ගලික බස් රථ සංගම් සඳහන් කරයි. 07 April 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026