IMG-LOGO

බිත්තර මිල පාලනයට ඉන්දියාවෙන් බිත්තර ගේන්න

(මහින්ද නිශ්ශංක සහ දෙවලපොල කීර්ති ප්‍රනාන්දු)

බිත්තර මිල වැඩි කිරීම පාලනය කිරීම සඳහාත් අඩු මිලට  ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට වහා මැදිහත් වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටී.

ඉන්දියාවේ බිත්තරයක විකුණුම් මිල මේ වන විට රුපියල් දහ අටක් පමණ වන බවත් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර ඉතාමත් පහසුවෙන් මෙරට දී රුපියල් විස්සකට බිත්තරයක් ලබාදීමට හැකි බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන මහතා පවසයි

බිත්තරයක මිල අද වන විට  රුපියල් 58 ක්,60ක්,65ක් ,වශයෙන් හිතූ හිතූ මිලට අලෙවි කරමින් පාරිභෝගිකයා ගසා කන බවත් පවසන ඔහු බිත්තර මිල අධික ලෙස ඉහළ යාම සමස්ත බේකරි නිෂ්පාදනයට ම ද විශාල වශයෙන් බලපාන අතර පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට හේතුවක් වන බව ද ඔහු කියා සිටී .

බිත්තර නිෂ්පාදකයන් හත් අට දෙනෙකු සංවිධානාත්මකව බිත්තර මිල වැඩි කරන බව පවසන ජයවර්ධන මහතා බිත්තර නිෂ්පාදකයන්ට ජනතාව සූරා කන්නට ඉඩ දී රජය නිහඬව බලා සිටිනවා ද යන්න ප්‍රශ්න කර සිටින බවද පවසයි.

සාමාන්‍යයෙන් බිත්තරයක් නිෂ්පාදනය කිරීමට මාස හතක් පමණ ගත වන බවත් බිත්තර මිල දරා ගත හැකි වන අන්දමට බිත්තර මිල අඩුවන තෙක් බිත්තර ආනයනය කර ජනතාවට සහන සලසන ලෙස සංගමය ඉල්ලා සිටින බවද ජයවර්ධන මහතා පවසයි.

 



අදහස් (10)

බිත්තර මිල පාලනයට ඉන්දියාවෙන් බිත්තර ගේන්න

ravin Wednesday, 10 August 2022 04:27 PM

නියම අදහස... නරකද තමුන්ගේ අම්මා, අප්පාවත් ඉන්දියාවෙන්ම ගෙන්න ගත්තා නම්...මෙයා කියන හින්දා නරකද අපි සියලු බේකරි නිෂ්පාදන ඉන්දියාවෙන්ම ගෙන්නුවානම්?

:       0       0

Radika Wednesday, 10 August 2022 05:57 PM

ආනයනය කරන විට ඩොලර් වැයවන බව ඇත්ත. නමුත් අසාධාරණ ලෙස පාරිභෝගිකයන් සූරා කෑමට ඉඩ දෙන්නත් බැහැ

:       3       11

සමන් - ඕමානයWednesday, 10 August 2022 08:20 PM

ලංකාවේ දේශීය බිත්තර නිෂ්පාදනය ව්‍යාප්ත කරන්න පුළුවන්. කුඩා පරිමාණයෙන් (ගෙවතු මට්ටමෙන්) වුණත් එය කළ හැකියි. ඒ මගින්, ඉල්ලුම සැපයුම සමතුලනය කරන්න පුළුවන් නම්, මිලත් අඩුවෙයි... නමුත්, පිටරටින් බිත්තර ආනයනයට ඉඩ දුන්නොත්, ලංකාවේ බිත්තර නිෂ්පාදන කර්මාන්තය නැත්තටම නැතිවෙයි. යන්තම් හම්බ කරගන්නා ඩොලර් ටිකත් වැයවෙයි. අපේ අරමුණ විය යුත්තේ දේශීය නිෂ්පාදන නගා සිටුවීමද, නැත්නම් එය කාබාසිනියා කිරීමද?

:       0       0

Bamunuarachchi Wednesday, 10 August 2022 07:07 PM

අන්න කලොත් නියමයි ඉන්දියාවෙන් බිත්තර ගෙන්වමු.

:       7       7

chandima Wednesday, 10 August 2022 07:22 PM

අපේ රටේ ගෙවල්වල හැමෝටම වගේ ගෙවත්තක් තියෙනවා. ගම් කිකිලියෝ හතර පස්දෙනෙක් හැදුවනම් කුකුල් කෑම් ඕනත් නැහැ. බිත්තර ලැබෙනවා. නරකද වැඩේ පටන්ගත්ත නම්,

:       10       5

ගම්පතියාWednesday, 10 August 2022 07:53 PM

එතකොට සිකුරාදා නිවාඩු දීලා හදපු ගෙවතු රැකගන්නේ කොහොමද ගම් කිකිළියන් ඔක්කොම හාරලා විනාශ කරනවා...

:       0       0

raviWednesday, 10 August 2022 10:11 PM

ඉන්දියාවෙන් බිත්තර ගෙන්නන්න හිතාගෙන ඉන්න කට්ටිය වෙන්න ඇති වැඩේට ඩිස්ලයික් දාල තියෙන්නේ?

:       0       0

BamunuarachchiThursday, 11 August 2022 04:24 PM

නියමයි වැඩේ පටන් ගත්තොත්... ඉස්සර ගෙවල්වල පොඩි කුකුල් කූඩුවක් තිබුණා...

:       0       0

පුරවැසියා...... Wednesday, 10 August 2022 08:20 PM

බිත්තර, පාන් බනිස් වැනි දේවල් වගේම අද වෙළඳ පොලේ බිස්කට්, යෝගට් දේවල් පවා සමාගම් කරුවන් විසින් හිතුමතේ දරාගත නොහැකි මට්ටමකින් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් සොයාබැලීමක් විය යුතු අතර සෑම ද්‍රව්‍යයක් සෑම භාණ්ඩයකම මිල ගණන් වැඩි කිරීම පිණිස පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය ලබාදීමේ ක්‍රමවේදයක් කඩිනමින් ඇති කිරීමට රජයේ අවධානය යොමුවිය යුතුයි...!

:       0       0

Ass Thursday, 11 August 2022 01:33 PM

බිස්කට් වගේ බිත්තරත් වර්ජනය කරමු. බිත්තර කියන්නේ කල්තබා ගන්න පුළුවන් දෙයක් නොවී. සති දෙකෙන් විතර බිත්තර නරක් වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site