(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළ දැමීමත් සමඟ ඉතිරි වී තිබෙන කුඩා කර්මාන්ත වැසීයෑමේ දැඩි අවධානමකට පත්ව ඇති බවත් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කර්මාන්තවල විදුලි ගාස්තු වැඩිවූයේ කෙසේදැයි පැහැදිළි කළ යුතු බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ ජාතික සංවිධායක නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය.
ඉන්ධන අර්බුදය හේතුවෙන් කුඩා කර්මාන්ත සියයට 50 ක පමණ ප්‍රමාණයක් වැසී ගිය බව කී නිරුක්‍ෂ කුමාර මහතා කුඩා කර්මාන්තවලින් මීට පෙර විදුලි ඒකකයක් සඳහා අයකළ ගාස්තුව රුපියල් 50 කින් පමණ ඉහළ යන බව ද සඳහන් කළේය.
බොහෝ කුඩා කර්මාන්තවල රුපියල් 3,000 ක්ව පැවැති මාසික විදුලි බිල මෙම ගාස්තු ඉහළ දැමීමත් සමඟ රුපියල් 9000 ක් 10,000 ක් බවට පත්වන බවත් සත්ව ආහාර නිෂ්පාදනය සහ යෝගට් වැනි කර්මාන්ත දැඩි අර්බුදයකට පත්වන බවත් ඒ මහතා කීය.
ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කර්මාන්තවලින් සාමාන්‍යයෙන් ඒකකයකට රුපියල් 12 ක් පමණක් අයකළ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් කුඩා කර්මාන්ත මකර කටේ
Bamunuarachchi Wednesday, 10 August 2022 06:49 PM
විදුලි බල මණ්ඩලයේ කෙරෙන නාස්තිය, දූෂණය, බෝනස් කෙරුවාවල් නැති කළොත් විදුලි ගාස්තු අඩු කරගන්න පුළුවන්. ඔන්න ඔය දුෂණ නැති කරන්න අරගල කරන්න. ඩයස්පෝරාවේ සල්ලි ඕනේ නැහැ අපි සල්ලි දෙන්නම් අරගල කරන්න.
podi mole Wednesday, 10 August 2022 07:33 PM
අනුන්ට බණ කිය කියා, අනුන්ට සල්ලී දීලා අරගල කරවන්න යන්නෙ නැතුව ඔහේම කරලා පෙන්නන් කෝ ඒ අරගලය
BamunuarachchiThursday, 11 August 2022 07:11 AM
රටේ අරගල කරවන්න වෙනම කොට්ඨාශයක් ඉන්නවා. එයාලා ගාව ගුරු අරගලයේදී සිවුරු දාගන්න සිවුරු තිබෙනවා. සිවුරු දාගත්ත අයම ගොවි අරගලයේදී අමුඩ ගහගන්න අමුඩ තිබෙනවා. එකට ට්‍රේන් වෙච්ච සෙට් එක ඉන්නවා . එයාලා ගාව අමුඩත් තියනවා සිවුරුත් තිබෙනවා. අපි මොකටද නිකන් පැට්‍රෝල් පුච්චා ගන්නේ? සල්ලි ටිකක් දීලා වඩේ කර ගන්නවා මිසක්. මොකද ඩයස්පෝරාවේ සල්ලි විතරද සල්ලි? අපේ සල්ලි, සල්ලි නොවෙයිද?
සිල්වා Wednesday, 10 August 2022 08:35 PM
විදුලි ගාස්තු වැඩි කිරීමෙන් බලාපොරොත්තු වන දෙයක් තමයි පරිභෝජනය අඩු කිරීම. කුඩා කර්මාන්ත වැසීයාම රජයට ප්‍රශ්නයක් නොවේ.