(ඉන්දිකා රාමනායක)
කොටුව ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී ජනාධිපතිවරයාගේ නිල පුටුවේ අසුන්ගෙන සිටි කාන්තාවන් දෙදෙනකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 සහ 55 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනකු බව පොලීසිය පවසයි .
මෙම සැකකාරියන් දෙදෙනා මන්දිරයට ඇතුළු වී ජනාධිපතිවරයාගේ නිල ආසනයේ වාඩිවී සිටින වී අයුරු ඡායාරූපවල සඳහන්ව ඇත.
ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වූ සැකකරුවන් සහ සැකකාරියන් කිහිප දෙනකුගේ ඡායාරූප කිහිපයක් ඉදිරි දිනක මාධ්‍ය වෙත නිකුත් කර මොවුන් හඳුනාගැනීම සඳහා මහජන සහය ඉල්ලා තිබුණි.
මාධ්‍යවල පළ වූ ඡායාරූප අනුව මෙම සැකකාරියන් දෙදෙනා සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත .
අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා වෙළදසඳස දෙකක් පවත්වාගෙන යන කාන්තාවන් බව ද පොලිසිය පවසයි .
මොවුන් අද (11) අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ජනාධිපතිවරයාට සහ රජය විරෝධය දක්වමින් , ගාලුමුවදොර දී අරගලකරුවන් ආරම්භ කර තිබූ විරෝධතාවයට සහය දක්වමින් ඉකුත් ජුලි මස 9 වැනි දින දස දෙසින් කොළඹට පැමිණි පිරිස ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දින කිහිපය ම රැඳී සිටියහ.
ජනාධිපති ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වීම සහ එහි දේපල සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් රැසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවාට කියන්නේ පාට්. මෙච්චර අපරාධ වෙන රටේ ඕකද හොයන්න තියෙන්නේ....? අනික ඔය පුටුවේ වාඩි වුණා කියලා ඇලිලා නැහැනේ. මැයි 9 රාජපක්ෂලාගේ හයිය අරගෙන ගෝල්ෆේස් හිටපු අයට ගහපු ඊට පස්සේ චේන් කඩාපු, ගෙවල් පුච්චපු, මංකොල්ල කාපු, මිනීමරපු අය අල්ලන්න.
මහා පරිමානයේ හොරු, කුඩුකාරයෝ, මිනීමරුවන්, සල්ලාලයන් ආදී මෙකී නොකී උන් එලියේ????
මේ වැඩ වලින් මේ රජය මිනිසුන්ගේ ක්‍රෝධයට ලක්වෙනවා.
ශිව දේවාලයට යන දෙන්නෙක් වෙන්න ඇති. එතන ගිහිල්ලත් වාඩි වෙනවානේ.
කුඩා දරුවෙක් හැර වෙනත් කෙනෙක් නම් කිසිදාක එවැනි දේවල් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගෙදරදි වුණත් තමන්ගේ සැමියාගේ පුටුවේ බිරිඳ වාඩිවෙන්නේ නැහැ. මෙහෙම දේවල් කුඩා ළමයින් කරනවා. මම කලක් සේවය කල කාර්යාලයේ ප්‍රධානියා නොසිටි දවසක පාසල ඇරී මා හමුවට පැමිණි එක වසරේ සිටි මගේ පුතා කාර්යාලයට පැමිණි වහාම දුවගොස් ලොක්කාගේ පුටුවේ වාඩිවී කැරකෙනවා කීප දෙනෙක් දැකලා තිබුණා. කුඩා දරුවෙක් නිසා ඔවුන් කිසිවක් කියලා නැහැ.
මේ පුටුවේ වටිනාකම, රජ සමයේ පටන් පැවති ඓතිහාසික බව, අපේ ශ්‍රී ලාංකිකත්වය, නොකිලිටි බව, කෙලින් තීරණ ගැනීමේ හැකියාව, මගපෙන්වන්නන්ට (ව්‍යවස්ථාවට අනුව) සවන්දීමේ කුසලතාවය, ආදී කරුණු කාරණා ගණනාවකගේ ක්‍රියාත්මක කිරීම් ඔය ආසනයේ සිටි හිටපු ජනපති විසින් ක්‍රියාත්මක කලේද යන්න ගැටළුවකි... සමාජයේ නොදියුණු එදා රජ සමයේ ඔවැනිම පුටුවක අසුන්ගත් රජු විසින් රජ අණ ලෙස කළ කී දේ ගැනත් මට ප්‍රහේළිකාවක්. එදා දොරටුව මුර කළ දොරටු පාලයාත් රාජ ආසනයේ වාඩිවී කළ කීදේත් රජ අණ වී තිබිණි. ඒත් අද... එදාමෙන් ඔවැනි අසුනකදී එපරිද්දෙන්ම ක්‍රියාත්මක කර සමස්ථ මානව වර්ගයාගේම අති උතුම් සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කළේද?... කරන්නේද?...
ලංකාවම බංකලොත් කරලා නන්දසේන පැනලා ගියා. ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න හයිය නැහැ. මේ පුටුවෙ වාඩි වුණාට අත්අඩංගුවට ගන්නව.
කිසිම නීතිමය පියවරක් ගන්න බෑ වරද පිලිගත්තේ නැතිනම්
No punishment for sitting on the speaker's chair and putting water on it.
රජ පුටුවේ වාඩිවුණේ ආශාවට වෙන්න ඇති ඒක. ඔවුන්ගේ කැමැත්ත නේ. ඔවුන් මුල්ලේරියාවෙ රෝහලට යවලා වෛද්‍ය පරීක්ෂණයක් කරල ප්‍රතිඵලයක් නොදී ගෙදර යවන්න ඒ ඇති