IMG-LOGO

ඡන්දයක් තිව්වොත් බහුතර පිළිගැනීම රනිල්ට

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

 ජනමත විචාරණයක් හෝ ඡන්දයක් තිබුනොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය, විශිෂ්ට නායකත්වය රටේ බහුතර ජනතාව කිසිම පැකිලීමකින් තොරව පිළිගන්නා බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අභියෝගයට නිර්භීත ලෙස ඉදිරිපත් වූ යුග පුරුෂයෙක් බව ද අමාත්‍යවරයා  පැවසීය.

 ඔහු තමන්ගේ දේශපාලන අනාගතය ගැන හෝ වෙනත් කරුණක් ගැන කතා කරන්නේ නැතිව අභියෝගය බාර ගත් බව අමාත්‍යවරයා කීය.

මෙි වන විට රටේ තිබෙන ප්‍රශ්න ටිකෙන් ටික විසඳෙමින් තිබෙන බව කී නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපතිගේ නායකත්වය යටතේ රට යන දිශාව ඉතා පැහැදිලි බවද පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ  පාර්ලිමේන්තු විවාදය අමතමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසීය.



අදහස් (21)

ඡන්දයක් තිව්වොත් බහුතර පිළිගැනීම රනිල්ට

de silva Wednesday, 10 August 2022 02:51 PM

අනේ තියලා බලන්නකෝ... කොළඹින් ඡන්ද 3000ක් විතර ගනීවි. ලොක්කා අර ජපන් සමාගම එහෙම කොහොමද?

:       13       71

senaWednesday, 10 August 2022 04:46 PM

මට නම් 3000ක් වත් ශුවර් නැහැ - නිකම්ම යන එන මගක් නැතිව වේලි වේලී ඉදලා - අරගලකරුවන්ගේ පිහිටෙන් අගමැති වෙලා ඊලගට ජනාධිපති වෙලා දැන් කිසිවක් නොකර සිද්දවෙන දේවල් ඔහේ සිද්ද වෙන්න දීලා බලන් ඉන්නවා - ඒ මදිවාට කියනවා 2048 රට දියුණු කරනවාලු - ඉතින් හිතපල්ලාකො තව අව්රුදු 26ක් මේ විදිහට.

:       1       0

pradeep Wednesday, 10 August 2022 03:02 PM

ව්‍යාපෘතිය නතර වුණත් කේස් එක දාලා දුන්නා නේද?

:       2       63

pathiraja Wednesday, 10 August 2022 03:02 PM

කොච්චර නිදාගන්න එපා කීවත් අහන්නේ නෑනේ...!

:       3       58

Perera Wednesday, 10 August 2022 03:04 PM

ඉතින් තියලා බලන්නකෝ... රටේ හැමෝම ඉල්ලන්නෙත් මැතිවරණයක් තමයි...

:       6       59

100% Wednesday, 10 August 2022 03:08 PM

අනුන් ගැන වර්ණනා නොකර තමන්ගේ රාජකාරිය හරියට කරලා රටේ බහුතරයටම පෙන්වන්න! මොකද වරාය කියන්නේ රටේ දූෂිතම තිප්පලකි...!

:       2       56

වර්ණකුලසූරිය Wednesday, 10 August 2022 03:20 PM

2019 දි විශිෂ්ඨ, නිර්භීත නායකයා අන්ත පරාජිතයෙක් කර පලවා හැරීම ගැන අද ඔබලා ජනතාවගෙන් සමාව ඇයද සිටිය යුතුයි. එසේ නම් අද රටේ අර්බුදයට ඔබලා නිරන්තරයෙන්ම වගකිව යුතුයි. ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළ නම් ඔබලාගේ හැසිරීම නින්දිතයි. අද විශිෂ්ඨ, නිර්භීත කියන පුද්ගලයා තනතුරක් වෙනුවෙන් හෙට බැංකු හොරා කීමට තරම් මෙතුමා වැනි දේශපාලකයින් බොහොමයක් දකින්නට ඇත. මේ වගේ දේශපාලකයින් සිටින රටක ඉපදීම ඇත්තටම කණගාටුවටත්, ලැජ්ජාවටත් කරුණකි...

:       2       40

fairoosWednesday, 10 August 2022 03:54 PM

කියන්න තියෙන දේ හරියටම කියලා තියෙනවා. දැන් ඡන්දයක් තිබ්බොත් ඉන්න 225න් ඉතුරු කෙරුවේ 25ක් විතරයි..

:       1       28

sharm warn Wednesday, 10 August 2022 04:05 PM

ඔය වයසට ටිකක් වැඩිපුර නිදාගන්න ඕනෑ තමයි.. ඒක තේරුම් අරන් ඔහෙත් ගෙදර යන්න ලෑස්තිවෙන්න. අසහාය නායකයෙත් එක්කම...

:       1       26

jagath Wednesday, 10 August 2022 04:08 PM

තමුන්ට නැවත ඇමති පට්ටම දීම පිළිබඳව කලගුණ සැලකීම සඳහා කරන ප්‍රකාශන...!

:       1       27

Shashika519 Wednesday, 10 August 2022 04:11 PM

නිදොස් කොට නිදහස්කළාට සලකන්න ඕනෑ හොඳේ...

:       1       28

සඳුන් Wednesday, 10 August 2022 04:25 PM

ඇත්තටම? මෙතුමා කියනකම් අපි රනිල් ගැන ලොකු වැරදි වැටහීමකින්නේ හිටියේ... ඒ වගේම ජපානය ගැනත් ලොකු කළකිරීමක් ඇතිවුණා...!

:       0       0

De Wednesday, 10 August 2022 04:26 PM

මෙයාට බනින එක? ඔය සිද්ධි වෙද්දී මෙයා නිදි, ඉතින් දැන් නැගිටලා බලද්දී ඔක්කෝම හරි වගේ එයාට දැනෙනවා. පව් අහිංසකයා...!

:       0       0

Pubudu Wednesday, 10 August 2022 04:33 PM

ඔව්, ඔවුන්ට කියන්න ඡන්දය කරන්න කියලා...

:       0       0

Dayan Wednesday, 10 August 2022 04:51 PM

තියල බලන්න

:       0       1

ලලිත් අම්බලන්ගොඩ Wednesday, 10 August 2022 05:02 PM

මෙයා කටින්ද කථා කරන්නේ...?

:       1       20

Hafeel Wednesday, 10 August 2022 05:22 PM

134 ඉල්ලීම ඔවුන්ව නිදොස්කොට නිදහස් කිරීම. දැන් මුල් ප්‍රතිඵල නිකුත් වෙලා. සිරිපාල නිදහස්. එහෙමනම්, මහ බැංකු වංචා සාධාරණයි නේද?

:       3       15

ranjith Wednesday, 10 August 2022 05:47 PM

මේ කියන දිව දෙකේ කතා... මෙයාලා ඔක්කොම හොරු....

:       0       1

podi mole Wednesday, 10 August 2022 07:46 PM

අර සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යාලයේදී වැදිච්ච පුටුපාරට මොලේ අවුල් වෙලාද කොහේද?

:       0       0

Willow Drive Wednesday, 10 August 2022 08:38 PM

මෙයා කවදත් ඔරැව පෙරලුණු පැත්තට...

:       0       0

විපරමා Thursday, 11 August 2022 12:02 AM

කිසිම ජනවරමක් නැතුව පිනට ජනාධිපති වුණා. පාර්ලිමේන්තුවේ දූෂිත දේශපාලුවන් 134 දෙනාට නම් හොඳ ඇති. සමහරුන්ට ඇමැතිකම් එහෙමත් හම්බ වුණානේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site