(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට ඇතුළු වීමට අවසර ලබා දෙන්නැයි ශ්‍රී ලංකාවේ වත්මන් රජය තායිලන්ත රජයෙන් ඉල්ලා ඇතැයි තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ටනී සංග්‍රාත් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇති මිත්‍රත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමට අවසර දුන් බව ටනී සංග්‍රාත් මහතා පෙන්වා දුන්නේය.
ඒ අනූව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හෙට දිනයෙන් පසුව කැමති දිනක තායිලන්තයට පැමිණීමට හැකියාව තිබෙන බව ටනී සංග්‍රාත් මහතා පැවසීය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයෙන් දේශපාලන රැකවරණ ඉල්ලා නැති බවත් තාවකාලික සංචාරයක් සඳහා තායිලන්තයට පැමිණීමට නියමිත බවත් බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි බැවින් තායිලන්තයේ දින 90 ක කාලයක් රැඳී සිටිය හැකි බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණීමෙන් තම රටට ශ්‍රී ලංකාව සමඟ කිසිඳු ප්‍රශ්නයක් ඇති නොවන බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මහතා ප්‍රකාශ කළේය.
තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ද විරෝධය දැක්වීමට හේතුවක් නැතැයි ඔහු පෙන්වා දුන්නේය.
රාජපක්ෂ මහතා තායිලන්තයට පැමිණෙන දිනය තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා නැතැයි ප්‍රමුද්විනායි මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මේ ලෝකෙ වටේ රවුම් ගහන්නෙ තවම අපේ සල්ලි වලින් නේද? ඔහොම රවුම් ගහල අන්තිමට ලංකාවට ඇවිත් පස්සෙ දොරින් පාර්ලිමේන්තුවටත් රිංග ගනීවි.
නටපු තොයිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.... බොරුවෙන් ජනපති කම ගත්තා. කිසිම දෙයකට හැකියාවක් නෑ. කරපු දේකුත් නෑ. අවසානයේ පලාගියා. මෙවැනි බියසුල්ලෙක් නැවත මේ රටට ආ යුතුද? කුමටද...
හොරැ කියපු පවුලේ අනිත් සෑම දෙනාම ලංකාවේ නම් ගෝඨා විතරක් ඇයි නැවත එන්නේ නැත්තේ.
මමත් හරිම කැමැති තැනක් තමයි තායිලන්තයේ බැංකොක් වලට .
රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයෙන් යනවා කියන්නේ මේ අපේ සල්ලි වලින්ද සංචාරයේ යන්නේ?
ථේරවාද බෞද්ධ රටක් වශයෙන් ඔවුන් තවත් බෞද්ධ රටක, වෙසෙසින්ම වැඩි බෞද්ධ ජන මනාපයකින් බලයට පත්, එහෙත් එහෙත් දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට හසු වූ නායකයකුට පහසුකම් සැලසීමට ඉදිරිපත් වීම අගය කළ යුතුය.
සෞදි රට මේ වගේ ලෝකෙටම එපාවුණු රාජ්‍ය නායකයින්ට රැකවරණය දෙනවා.
රනිල් කළගුණ සලකනව වෙන්නැති.
ඔබතුමා ලංකාවට එන්න. ඔබතුමා රටට අවශ්‍ය නායකයෙක්. ඔබතුමාගේ කාරුණික බව මේ කට්ටිය හිතුවේ නිවට කමක් කියලා. වීරයෝ වගේ රැඟුවා. ප්‍රබාකරන්ට බැරිඋන දේ මේ මෝඩ රැල අරගලය මැද්දට පැනල කෙරුවා කට්ටියට දැන් හොඳයි නේ. සැපයි.