(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
යහපත් වචන වලින් පිරුණු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති කතාව යථාර්තයක් කර ගැනීම සඳහා මොනතරම් අභියෝගයක් තිබේදැයි හැම දෙනාටම වඩා "එතුමාට" පුළුල් අවබෝධයක් තිබෙන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා (පොපෙ) පැවසීය.
ජනාධිපතිවරයාගේ කතාවේ භාෂාව,වචන ඉදිරිපත් කිරීම,අන්තර්ගතය පිළිබඳව කිසිම ගැටළුවක් නැති නමුත් එම කතාව කියවා ගත යුත්තේ භාෂා අලංකෘත වලින් නොවේ යැයිද ඒ සඳහා වෙනම මිනුම් දණ්ඩක් තිබෙන බවද අලහප්පෙරුම මහතා කීය.
භාෂාවට එහා ගිය සමස්තය වෙනුවෙන් පෙනී සිටින ජනතාව සමඟ ඇත්ත බෙදාගන්නා නායකත්වයක අවශ්‍යතාවය මේ මොහොතේ පැන නැගී තිබෙන බව කී අලහප්පෙරුම මහතා වචන වලින් ඔබ්බට ඇතුලේ අර්බුදය ආමන්ත්‍රණය කිරීමට ගත් ක්‍රියාමාර්ග කුමක්දැයි ප්‍රශ්න කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දා සිට මාස තුනක කාලයේදී පක්ෂයේ පරාජිත මිත්‍රයන්ගේ අර්බුද සහ පාර්ලිමේන්තුවේ දී එතුමාට උදව් පදව් කළ මන්ත්‍රීවරුන්ගේ අර්බුද විසඳන්නට කටයුතු කර තිබෙන නමුත් ජනතාවගේ අර්බුදය විසඳන්න යම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන අයුරු දුටුවේ නැතැයි ඩලස් අලහපෙරුම මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ජනාධිපති වුණානම් අරගලකරුවන් ටික ඉන්නේ මෙයාගේ ඔළුව උඩ
මේ කථාව කියන්නේ කටින්ද? එහෙම නැතිනම් ඊළඟ ඡන්දය එනකල්ද අපි බලමුකෝ 22 සම්මත කර ගන්න යද්දී අත ඉස්සෙන්නෙ මොන පැත්තටද කියලා. මොනව නැතත් ලංකාවේ පුරසාරම් පුරාජේරුවලින් නම් අඩුවක් නැහැ.
දැන් ගිලෙන්න යන අපි නගින්න නැව් හොය හොයා ඉන්නෙ නැතිව ළඟ තියෙන පිදුරු ගහේ එල්ලිච්ච එකයි වුණේ. ඒ ගැන හිතලා කවුරුත් වැඩ කළොත් තමා හොඳ. හුස්මක් අරගෙන පස්සේ නැවක් හොයා ගමු.
මගේ කුඩා මොලේට තේරෙන විදිහට නම් කතාව හොඳ වැඩිවෙන්න වැඩිවෙන්න ක්‍රියාව අන්ජබජල්... පහුගිය වතාවේ අපි ඒක හොඳටම දැක්කා...
යහපත් චේතනාවක් නැති නම්, ඔබ යන්නෙ කෙටිම කෙටි දුරක් රනිල් මහත්තයෝ.
ලොක්කො තමුන්නැහැ ජනාධිපති වුනානම් කරන කතාව කියන්නකෝ.(තමුන්ට) බැරිදේ පුලුවන්ද දත්මිටි කෑවාට