(මහින්ද නිශ්ශංක සහ දෙවලපොල කීර්ති ප්‍රනාන්දු)
පාන් මිල වැඩි කළ පසු පාන් ගෙඩියේ බර හා රසය බෙහෙවින් අඩු වී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති .
සාමාන්‍යයෙන් පාන් ගෙඩියක් ග්‍රෑම් 450 ක බරකින් සමන්විත වුවත් බොහෝ පාන් ගෙඩිවල බර ග්‍රෑම් 300, 333, 350, 400, අතර මට්ටමක පවතින බවද වාර්තා වේ.
ප්‍රධාන බේකරි වල නිෂ්පාදනය කරන පාන් ගෙඩියේ බර ග්‍රෑම් 450ක් වුවද කුඩා බේකරි වල නිෂ්පාදනය කරන පාන් වල බර අඩු මට්ටමක පවතින බව ද දැනගන්නට ඇත
මේ සම්බන්ධව කළ විමසීමකදී සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන කියා සිටියේ පාන් වල බර අඩු මට්ටමක තිබේ නම් එය ඉතා අසාධාරණ බවත් රුපියල් 190ක්, 200 ක්, වැනි මිලකට ග්‍රෑම් 450 කට වඩා අඩු බර පාන් අලෙවි කිරීම මහජනයා සූරා කෑමක් බවත් මේ නිසා රජය මැදිහත්වී අඩු බර පාන් වැටලීමට වහා පියවර ගන්නා ලෙසද සංගමය වගකිවයුතු රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ජයවර්ධන මහතා පවසයි .
මේ වන විට මිළ වැඩි කිරීමත් සමග පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල අලෙවිය ද 50% කින් පමණ පහළ බැස ඇතැයි ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද අදහසක්. පලමුව මේ සභාපති කියන කෙනාගේ බේකරිය පරික්ෂා කරන්නකෝ. ප්‍රමිතිය, නිෂ්පාදන සෞඛ්‍ය කොටින්ම කිව්වොත් පිටි ටික ලබා ගත්ත තැන සිට පාන් ගෙඩිය පාරිභෝගිකයා මිලදී ගන්න අවස්ථාව දක්වාම දැඩි පරික්ෂණයට ලක් කොට ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් පලකරන්න.
පාන් බනිස් කනවා වෙනුවට බත් ටිකක් හදාගෙන කන්න පුරුදුවෙන්න. වත්තේ ගස්වල පොල් තිබෙනවානම් කඩේ හාල් තිබෙනවානම්. බේකරි උඩුකුරුඥන් උනත් අපිට කමක් නැහැ.