IMG-LOGO

ගෝඨා ගෝ ගම අනවසර ඉදිකිරීම්: පෙත්සම්කරුවෝ පෙත්සම් 4 ක් ඉල්ලා අස්කරගනිති

 

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

"ගෝඨා ගෝ ගම" අරගල භූමියේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4 ඉල්ලා අස් කරගන්නා බව එහි පෙත්සම්කරුවෝ   අභියාචනාධිකරණයට අද (05) දැනුම් දුන්හ.

ගෝඨා ගෝ ගම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස කොටුව පොලීසිය නිකුත් කළ නිවේදනය ට එරෙහිව ක්‍රියාකාරී අරගලකරුවන් සිව්දෙනකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම් හතරක් අද (10) සලකා බැලූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි

මෙම පෙත්සම් සෝභිත රාජකරුණා ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් අභියාචනාධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර සිටියේ අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බැවින් මෙම පෙත්සම් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන නොයන බව ය.

ඒ අනුව පෙත්සම්කරුවගේ අයිතිය තබාගෙන මෙම පෙත්සම් ඉල්ලා අස්කර ගන්නා බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ පෙත්සම්කරුවන් මෙම පෙත්සම් ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවය.

නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ, පොලීසියේ අයිතිවාසිකම් තබා ගනිමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් තමාගේ ද විරුද්ධත්වයක් නොමැති බව ය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම පෙත්සම් ඉල්ලා අස්කරගැනීමට අවසර ලබාදීම ලබාදෙමින් ඒවා නිෂ්ප්‍රභ කළේය .

අසංක අබේරත්න, ඉරෝශ් අපෝන්සු, වීරගහවත්තේ කාශ්‍යප හිමි සහ ලහිරු මධුෂාන් යන අරගලකරුවන් සිව්දෙනා මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබිනි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, නාගරික සංවර්ධන අධිකාරිය සහ නීතිපතිවරයා ය.



අදහස් (2)

ගෝඨා ගෝ ගම අනවසර ඉදිකිරීම්: පෙත්සම්කරුවෝ පෙත්සම් 4 ක් ඉල්ලා අස්කරගනිති

Bamunuarachchi Wednesday, 10 August 2022 07:09 PM

අන්තිමට අරගල කරුවෝ ගුටිකා ගෝ උනා. කාටද ආඩම්බර?

:       5       8

ravin Thursday, 11 August 2022 12:18 AM

පාලකයින්ගේ අසුචි කාපු 4 දෙනෙක් , සියලුම අරගලකරුවන් පාවාදෙමින් කරපු අසික්කිත වැඩක්. ඔවුන් දැනගත යුතුයි...අරගලය දැන් පටන් ගත්තා විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site