(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
"ගෝඨා ගෝ ගම" අරගල භූමියේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4 ඉල්ලා අස් කරගන්නා බව එහි පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයට අද (05) දැනුම් දුන්හ.
ගෝඨා ගෝ ගම අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස කොටුව පොලීසිය නිකුත් කළ නිවේදනය ට එරෙහිව ක්‍රියාකාරී අරගලකරුවන් සිව්දෙනකු අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම් හතරක් අද (10) සලකා බැලූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විණි
මෙම පෙත්සම් සෝභිත රාජකරුණා ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් අභියාචනාධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර සිටියේ අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බැවින් මෙම පෙත්සම් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යන නොයන බව ය.
ඒ අනුව පෙත්සම්කරුවගේ අයිතිය තබාගෙන මෙම පෙත්සම් ඉල්ලා අස්කර ගන්නා බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ පෙත්සම්කරුවන් මෙම පෙත්සම් ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවය.
නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ, පොලීසියේ අයිතිවාසිකම් තබා ගනිමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් තමාගේ ද විරුද්ධත්වයක් නොමැති බව ය.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම පෙත්සම් ඉල්ලා අස්කරගැනීමට අවසර ලබාදීම ලබාදෙමින් ඒවා නිෂ්ප්‍රභ කළේය .
අසංක අබේරත්න, ඉරෝශ් අපෝන්සු, වීරගහවත්තේ කාශ්‍යප හිමි සහ ලහිරු මධුෂාන් යන අරගලකරුවන් සිව්දෙනා මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබිනි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, නාගරික සංවර්ධන අධිකාරිය සහ නීතිපතිවරයා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට අරගල කරුවෝ ගුටිකා ගෝ උනා. කාටද ආඩම්බර?
පාලකයින්ගේ අසුචි කාපු 4 දෙනෙක් , සියලුම අරගලකරුවන් පාවාදෙමින් කරපු අසික්කිත වැඩක්. ඔවුන් දැනගත යුතුයි...අරගලය දැන් පටන් ගත්තා විතරයි.