(සුජිත් හේවාජුලිගේ )
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොවිඩ් ආසාදනයවීමෙන් රෝහල් ගත කරනු ලැබ සිටිති.
කෙසේ වෙතත් උන්වහන්සේගේ තත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ තත්වය නිසා විශේෂ වැඩසටහන්වලට සහභාගීවීම මෙන්ම හමුවීම්ද කල් දමා ඇත.
මේ සම්බන්ධයෙන් අප අගරදගුරු මැදුරෙන් කළ විමසුමකදී එහි ප්‍රකාශකයකු පැවසුවේ මේ වනවිට සුවය ලබමින් සිටින හෙයින් උන්වහන්සේ අද හෙටම නිල මැදුරට පැමිණෙනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතුවා එතුමන්ලාට කොරනා හැඩෙන්නේ නැහැ කියලා. ඉක්මනින් සුව වෙවා!
ඔබ වහන්සේට ඉක්මන් සුව ලැබේවා...
බලාගෙන කාදිනල් තුමෙනී, ඔබ හැකි තරම් ඔබගේ නිවහන තුලදී පමණක් ප්‍රතිකාර ගන්න. ලංකාවේ කිසිම රෝහලකට නම් ප්‍රතිකාර ගන්න යන්න එපා. ඔබ තුමාටත් සෝභිත හාමුදුරුවන්ට අත්වූ ඉරණම අත්වේයයි මට දැඩි බියක් පවතිනවා. කරුණාකර ඉතාලිය හෝ බටහිර යුරෝපයේ හෝ ඇමරිකානු තානාපති කාර්යාල සම්බන්ධ කරගෙන ප්‍රතිකාර ලබා ගන්න. ලංකාවේ දොස්තර වෙසින් සිටින තිරිසනුන්ව නම් සතේකට විශ්වාස කරන්න එපා. වෛද්‍ය විද්‍යාව දේශපාලකයින්ට උගස් කොට ඇති, මුර්ගයෝ එවුන්!! පාස්කු ප්‍රහාරය සිදුකල අධමයින්ගේ සෙවනැලි තවම මේ පව්කාරයින්ගේ භූමියෙන් මැකී ගොස් නැහැ, ප්‍රවේශමෙන් ජීවත් වෙමු!! උන් සර්පයෝ!!
රටට කෙළියට දෙයියෝ සලකලා තියෙන්නේ.
ඉක්මනින් සුවය ලැබේවා
දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය
දීර්ඝායුෂ ලැබේවා, ඉක්මනින් සුවපත් වේවා, මහනායකවරු කීපනමක් සිටියද දැනට නොනිල සර්ව ආගමික නායකයා ඔබයි. දූෂිත රජය සමග මුහුණට නොබියව ප්‍රකාශ නිකුත් කරනුයේ ඔබ පමණි.
සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමත්‍ත අනුවයි...
ඉක්මන් සුවය.. දෙවි පිහිටයි...!
ඔබවහන්සේට නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා.
Get well soon, our Lordship, we are concerned.
ඉක්මන් සුවය පතමු!!
ඉක්මන් සුවය ලැබේවා..!
ඔබතුමාට ඉක්මන් සුවය පතමු..... සියළු සත්වයෝ නිදුක් නීරෝගී වෙත්වා.
කාදිනල්තුමාව කොරෝනා වලින් බේරා ගන්න බැරි දෙවියන්ගෙන් ජේසුගෙන්ද මේ අපි පිහිට ඉල්ලන්නේ