(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම අවශ්‍ය බව යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා තිබේ.
යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරුන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කළ බව ශ්‍රි ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
අභියෝගාත්මක කාල වලදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ හවුල්කරුවකු වන බව එම පණිවිඩය මගින් පෙන්වා දී ඇති අතර සිවිල් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ විසම්මුතිය ප්‍රකාශ කිරීමේ අයිතිය ඉතා වැදගත් බව ඒම සාකච්ඡාවේදී අවධාරණය කළ බව සඳහන් කර තිබේ.
ජී.එස්.පී (ප්‍ලස්), ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ මානව හිමිකම් කවුන්සිලය යන දැනට පවතින ප්‍රධාන ක්‍රියාවලීන් තුනක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස යුරෝපා සංගමය ජනාධිපති වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලු බවත් එම නිවේදනය සඳහන් කරයි.
මෙම ක්‍රියාදාමයන් සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ස්ථිර පියවර ගනු ඇතැයි යුරෝපා සංගමය බලාපොරොත්තු වන බව ඒම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවීණයෝ වගේ ප්‍රවීණයින් හමුවුනාට අමනයින් වගේ රට රාජ්‍යය ජාතියපාවලා දීලා එන්න එපා
එයාල කියනව කෙලින්ම.. මානව හිමිකම් වලට බාදා කරන්න එපා කියල.. එතකොට රනිල් කියනව.. "ඇහුන්නෑ. ." කියලා..
යුක්‍රේනයේ අහිංසක මිනිස්සු මැරෙන්නේ යුරෝපා සංගමයයි, ඇමරිකාවෙයි බල තණ්හාව නිසයි. සාම කතා වලට කෙලවලා, තව අවි විකුණලා මෙතන එනවා මානව හිමිකම් කතා කරන්න. ලංකාවෙත් අවුරුදු 30ක් මිනිස්සු මැරුනේ මුන්ගෙ වෙපන් බිස්නස් එක නිසා තමයි. පොල්ලක් අරන් දෙන්න තියෙන්නේ ඕකුන්ට හිමිකම් සිහිවෙන්නම.