
(ඩයනා උදයංගනී)
වසර 39 කට පසු මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ( MIFF) තරඟකාරී අංශ නියෝජනය කිරීම සඳහා ලාංකීය චිත්‍රපටියක් සුදුසුකම් ලබා ඇත.
ඒ අනුර ජයවර්ධන අධ්‍යක්ෂණය කළ D & D Films වෙනුවෙන් ඉන්ද්‍රජිත් සිල්වා නිෂ්පාදන කළ,” මාරියා ” වෘත්තාන්ත සිංහල චිත්‍රපටයයි.
44 වන මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල මෙම මාසයේ පැවැත්වෙන අතර, මාරියා චිත්‍රපටයේ අන්තරජාතික මංගල දැක්ම ද එම සිනමා උළෙලේදී සිදු කිරීමට නියමිතය.
රුසියාවේ මොස්කව්හි පැවැත්වෙන ”මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙල" දැනට ලොව පවත්වන න අන්තර්ජාතික සිනමා උළෙලවල් අතර කැපී පෙනෙන සිනමා උළෙලකි .
ධර්මසේන පතිරාජයන් 1976 වර්ෂයේ දී නිර්මාණය කරන ලද ''එයා දැන් ලොකු ළමයෙක්'' සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා 1983 දී විසින් නිර්මාණය කළ ''යුගාන්තය'' යන චිත්‍රපට දෙක මීට පෙර මෙම චිත්‍රපට උළෙලේ තරගකාරී අංශය නියෝජනය කර ඇත.
''යුගාන්තය'' චිත්‍රපටයෙන් වසර 39 කට පසු මෙම උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට මාරියා චිත්‍රපටය සුදුසුකම් ලබා ඇත.
මාරියා චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූගත කර ඇත්තේ මුහුද මධ්‍යයේ වන අතර, එහි කාන්තා චරිත කිසිවක් නොමැතිවීම විශේෂත්වයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Never heard that name... probably produced for film festivals only. No idea how they even qualify without even premiering in the country of origin. So sad.
මේ ලිපියේ තියෙන ලොකුම දුර්වලතාවය තමයි මෙහි රඟපාන නලුවන්ගේ නම් සදහන් නොකිරීම.. එකෙන් ඒ රංගන ශිල්පීන්ට කරන්නේ ලොකු අසාධාරණයක්.