ඒ - නවය මාර්ගය දඹුල්ලෙන් වහයි ඒ නවය කොළඹ - යාපනය මාර්ගය දඹුල්ලෙන් හරස් කර ගොවීහු පිරිසක් විරෝධතාවක නිරතව සිටිති. සිය ගැටළුවලට වහා විසැඳම් දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. 12 April 2022
ශාන්ත කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේ දී අද (11) පස්වරුවේ දිවුරුම් දුන්නේය. 11 April 2022
අවුරුද්දට ගමට යන්න සෙනඟ නෑ: දුම්රිය අටක් නවතී සිංහල අලුත් අවුරුද්දට ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුව සඳහා යොදවා තිබූ විශේෂ දුම්රිය අටක් මගීන් නොමැතිවීම හේතුවෙන් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. 11 April 2022
ජලවිදුලිය ඉහළට විදුලිබලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් තිබෙන හෙයින් ජලවිදුලි නිෂ්පාදනය සියයට 31 දක්වා ඉහළ නැංවු බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 11 April 2022
මාස 2ක් තිස්සේ කුණු මාළු කන්ටේනර්වලට විදුලිය දීලා කොළඹ වරාය තුළ නරක් වූ මාළු කන්නේටර් 100 ක් මාස දෙකක් තිස්සේ විදුලිය සපයා තිබීමෙන් ඒ සඳහා රුපියල් කෝටි 15 ක (ලක්ෂ 1500) විදුලි ගාස්තුවක් ගොඩගැසී ඇති බව වාර්තා වේ. 11 April 2022
තරුණයන්ගේ ඉල්ලීම පිළි නොගත්තොත් එය දේශපාලන විප්ලවයක් තරුණයන්ගේ ඉල්ලීම පිළි නො ගත්තොත් එය දේශපාලන විප්ලවයක් බවට පත් වෙිවි යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පැවති සාකච්ඡාවකදී පැවසීය. 11 April 2022
පුද්ගලයන් 226 දෙනෙක් මිලියන 21 ක ජනතාවගේ අනාගතය විනාශ කරලා පුද්ගලයන් 226 දෙනකු මිලියන 21ක ජනතාවගේ අනාගතය විනාශ කර ඇතැයි මෙරට හිටපු ටෙස්ට් නායකයකු වන කුමාර සංගක්කාර මහතා පවසයි. 11 April 2022
ජනපති ඉවත්වුණොත් රට තවත් අරාජික වෙනවා මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වන බවත්, ඇති හොඳම විසඳුම අන්තර්වාර පාලනයකට ගොස් නව අගමැතිවරයෙක් හා සර්වපාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීම බවත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් එකමුතුව පවසයි. 11 April 2022
‘‘අර්බුදයෙන් ගොඩ එන්න ඉක්මන් පියවරක් ගන්නවා‘‘ මේ රටේ ප්‍රාජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය කඩා බිඳ නොදැමෙන ආකාරයේ තීන්දුවක් ගැනීම ජනතා පරමාධිපත්‍යය ලබාගත් ආණ්ඩුවේ වගකීම යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවැසීය. 11 April 2022
‘මහ නා හිමිවරු දේශපාලකයන්ගේ හැසිරීම ගැන කණස්සල්ලෙන් ‘‘ පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා වගකිව යුතු මහජන නියෝජිතයන් පවත්නා සමාජ,ආර්ථික, දේශපාලනික අර්බුදයනට පැහැදිලි විසැදුම් ඉදිරිපත් කරනු ඇති බවට අපෙක්ෂා කළ ද ජනතා අභිලාෂයන් නොසලකා වගකීම් විරහිතව කටයුතු කළ ආකාරය ගැන ත්‍රෛනිකායික මහ සංඝරත්නය දැඩි කණගාටුව පළ කරන බව දන්වා සිටිති. 11 April 2022
‘‘බලතල අඩුකරන්න ජනපති අකමැත්තක් නෑ‘‘ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තම බලතල අඩුකරන්නේ නම් එයට අකමැත්තක් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 11 April 2022
සැඟවූ ඉන්ධන තොග පිටින් එළියට නීති විරෝධී ආකාරයට රැස්කර තිබූ ඉන්ධන (ඩීසල් සහ පෙට්‍රල්) ලීටර් 10,000 ක් පමණ පොලිසිය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 April 2022
ඉන්ධන තොග රැස් කළ 68ක් මාට්ටු ඉන්ධන රැස්කර බලපත්‍ර නොමැතිව අධික මිල ගණන්වලට විකුණා ජාවාරම් කරන ලද පුද්ගලයන් 68 කු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 11 April 2022
එතෙරින් ගෙනා පතොක් පැල 200 ක් ගුවන් තොටුපළේදී මාට්ටු තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියකුගේ ගමන් මලු දෙකක් තුළ සඟවා ගෙන ආ පතොක් වර්ගයේ පැල 202 ක් සහ සුරතල් මසුන් 6 දෙනකු ශ්‍රී ලංකා රේගුවේ කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 11 April 2022
ඖෂධ ගන්න විදේශ තානාපති කාර්යාලවලිනුත් සහය ඉල්ලයි අත්‍යවශ්‍ය ඖෂධ 273 ක් විදේශයන්හි දානපතියන් මාර්ගයෙන් කඩිනමින් සපයා ගැනීමට මැදිහත් වන්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය විදේශීය තානාපති කාර්යාලවලින් විශේෂ ඉල්ලීමක් කර ඇත. 11 April 2022
විදුලිබල මණ්ඩලයට කෝටි 4800ක පොල්ලක් ලබාගත් විදුලිය වෙනුවෙන් පාරිභෝගිකයන් විදුලිබල මණ්ඩලයට ගෙවීම මේ දක්වා පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 4800ක් දක්වා ඉහළ නැග ඇතැයි එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම්.ආර් රණතුංග මහතා ලංකාදීපයට පැවැසීය. 11 April 2022
කොවිඩ් මරණ 3 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් තිදෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය. 11 April 2022
ඉල්ලුමට සැපයුමක් නැති බන්දුලගේ සහන මල්ල අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස මගින් ජනතාවට ලබාදෙන සහන මල්ල බොහෝ අළෙවි සැල්වල නොමැති බවට ජනතාව මැසිවිලි නගති. 11 April 2022
පාර්ලිමේන්තුවේ කෑමබීම සීමා කෙරේ රටේ පවතින ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ ආහාර සහ ලිපි ද්‍රව්‍ය පාවිච්චිය හැකි උපරිමයෙන් සීමා කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහි නිලධාරීන්ට උපදෙස්දී ඇත. 11 April 2022
ඖෂධ නැතිව රිජ්වේ රෝහලත් ලෙඩ වෙයි රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ දරුවන් සඳහා විශේෂිත ඉන්සියුලින් දැඩි හිඟයක් පවතින බවත් පරිත්‍යාගශීලීන්ට එම ඉන්සියුලින් වර්ගය ලබාදිය හැකි නම් වටිනා බවත් එම රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය. 11 April 2022
සති අන්තයේ විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක් මෙම සති අනතයේ (16 සහ 17) විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 15 කට සීමා කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනත රත්නායක මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 April 2022
කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවයි ඩීසල් සහ පෙට්‍රල් පිරවුම්හල්වලින් කෑන් සහ බූලිවලට නිකුත් කිරීම හෙට (12) සිට 14 වැනිදා දක්වා දින තුන තුළ අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 April 2022
ජනාධිපතිට සහය දැක්වූ පාගමනකට ගල් ප්‍රහාරයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව අනුරාධපුර නගරයේ අද (11) සංවිධානය කරතිබු පා ගමනක් අතරතුරදි එම පාගමනට එක්වු පිරිසට ගල් පහරක් එල්ල කළ පුද්ගලයකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 11 April 2022
රජයේ රෝහල්වලට ඖෂධ ගන්න සහය ඉල්ලයි රජයේ රෝහල් මුහුණ දී සිටින ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය ධානපතින්ගේ සහයෝගය බලාපොරොත්තු වන බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 April 2022
කොල්ලකරුවකු වෙඩි තබා අල්ලයි හොරණ කොරළඉම ප්‍රදේශයේ නිවැසියන් පිරිසකට තියුණු ආයුදවලින් පහරදී කොල්ල කෑමට ආ අයියා මලෝ දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරියකුට තියුණු ආයුද ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. 11 April 2022
ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් ඉහළට විදුලි බලාගාර අශ්‍රිත ජලාශ ප්‍රදේශවලට පසුගිය දින කීපයේදී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය සියයට 4 කින් පමණක් ඉහළ ගොස් ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි. 11 April 2022
නාවික යාත්‍රා දෙකක් එකිනෙක ගැටී සෙබළෙක් අතුරුදහන් කරෙයිනගර් මුහුදු සීමාවේදී ඊයේ රාත්‍රියේ මුර සංචාරයේ යෙදුනු නාවික හමුදා යාත්‍රා දෙකක් එකිනෙකට ගැටීමෙන් එක් නාවික සෙබළකු අතුරුදහන් වී තවත් සෙබළුන් දෙදෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය. 11 April 2022
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවලිය පාර්ලිමේන්තුවට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාවලිය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ. 11 April 2022
අගමැති අද ජාතිය අමතයි රටේ ඇතිවී තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (11)රාත්‍රියේ ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිතය. 11 April 2022
රුපියල තවත් බාල්දුවෙයි මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 310.88වූ අතර විකුණුම් මිල 321.49 ලෙස සටහන් විය. 11 April 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026