IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


නැව් සමාගම් ඉන්ධන ප්‍රවාහන නැව් දිම ප්‍රතික්ෂේප කරයි

(අජන්ත කුමාර අගලකඩ)

ඉන්ධන සැපයුම්කරුවන් හත් දෙනකුට ඇමරිකානු ඩොලර් කෝටි 70ක පමණ මුදලක් හිඟ ණය වශයෙන් ගෙවීමට ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වාර්තාවක් මගින් රජයට දැනුම් දී ඇත.

මෙම හිඟ ණය ගෙවීමට නොහැකිවීම නිසා ,ඇතැම් සැපයුම්කරුවන් ඉන්ධන සැපයීම් කොන්ත්‍රාත් අවලංගු කර ඇති බව ද ඇමති කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

මේ අතර,මුදල් ගෙවීමට නොහැකිව, ජල තීරය දිගු කාලයක් ඉන්ධන නැව් රඳවා තබා ගැනීමට සිදු වීම නිසා, නැව් සමාගම් නැව් දීමට අකමැත්ත පළ කරන බවද පෙන්වා දී ඇත

මේ තත්වය හමුවේ ,අලුත් සැපයුම්කරුවන්ගෙන් ඉන්ධන ලබා ගැනීමට සිදු වී ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දී ඇත .



අදහස් (14)

නැව් සමාගම් ඉන්ධන ප්‍රවාහන නැව් දිම ප්‍රතික්ෂේප කරයි

ravin Saturday, 13 August 2022 10:41 AM

ලස්සන කතාවක් නේද? ඔය එන්නේ තව ගැහිල්ලක්. නැව් භාණ්ඩ ප්‍රවාහනයේදී ගාස්තු ගෙවන භාණ්ඩවල මිල නියම වන්නේ රක්ෂණය හා ප්‍රවාහනය ඇතුළත්වයි. නැතිනම් භාණ්ඩවල මිල හා ප්‍රවාහනය පමණයි. රක්ෂණය මිලදී ගන්නා විසින් දැරිය යුතුවේ.. මෙ ලොව සෑම රටකම ක්‍රියාත්මක වන ක්‍රමවේදයයි. මේ මොකටද මෙයා අරඅදින්නේ?

:       5       49

JayamannaSaturday, 13 August 2022 05:23 PM

ඔය දන්න තරම තමයි... එක දවසක් නැවක් පරක්කු වුණොත් කොච්චර පාඩු වෙනවද කියලා හිතෙනවද ඩොලර්වලින්...? නැව් ගාස්තුව ගැන කිසි අදහසක් නැතිව කතා කරන්න එපා. ගොඩබෑමේ ගාස්තු මිලියන ගණනින් ගෙවන්න පාරිභෝගිකයාට වෙලා තියෙනවා. භාණ්ඩවලට විතරක් නොවේ..ප්‍රමාද වුවහොත් රක්ෂණයටත් කිසිවක් කළ හැකි නොවේ..

:       11       15

ravinSaturday, 13 August 2022 07:06 PM

ප්‍රමාද ගාස්තු වේවෙ නැතිනම් නැවෙන් බඩු බාන්නේ නැති විත්තිය දන්නේ නැද්ද. කලට වේලාවට වාප්පු කටයුතු නොකලොත් වරායකින් භාණ්ඩ නිකුත් කරනුයෙත් ප්‍රමාද ගාස්තු ගෙව්වොත් පමණයි. මෙතන කියන්නේ නැව්ගාස්තු ගැන මිස ප්‍රමාද ගාස්තු ගැන නොවේ.

:       1       17

සඳුන් Saturday, 13 August 2022 10:44 AM

සර්, මන්ත්‍රී ඉන්ධන දීමනාව තව වැඩි කරගත්තා නම් ඔය ප්‍රශ්නය ඉක්මණටම විසඳෙනවා...

:       3       54

SL Saturday, 13 August 2022 11:01 AM

රුසියාවෙන් තෙල් ගන්නේ නැති එක ගැන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මොනවද කියන්නේ? ඉන්දියාව දවසෙන් ගත්තු තීන්දුව ලංකාව මාස 6කින් වත් අරගෙන නැහැ. ඒ ඇයි කියලා රනිල් රටට කියන්නම ඕනේ? ඒ පාඩුව රටට ගෙවන්නේ CPC එකේ කොමිස් කාක්කන්ද, රනිල්ද, කාංචන විජේසේකර ඇමතිද?

:       3       48

Raja Saturday, 13 August 2022 12:01 PM

දැන් තමයි වෙලාව අපේ රටේ හා මහ බැංකුවේ හොරාගත් මුදල්වලින් ඒ ණය ගෙවලා ජනතාවගෙන් සමාව ගන්න අප පත්කළ මැතිඇමැතිවරුනි..,

:       6       43

ලුම්බිණි Saturday, 13 August 2022 01:50 PM

නැද්ද අපි වැඳගෙන ඉන්න චීනෙන් උදව්වක්...?

:       6       22

Saman Saturday, 13 August 2022 04:30 PM

ඔය එන්න හදන්නේ තැනට. දැන් නාමල් බබා අධ්‍යක්ෂක තැන දරන සමාගමට ටෙන්ඩරය දෙන්න නෙ හදන්නේ. අපි දන්නව හොඳද කාංචන අයියා.

:       4       27

Mo77 Saturday, 13 August 2022 05:27 PM

ශ්‍රී ලංකාවට බොහෝමයක් පැමිණෙන නැව් විදේශ රටවල ලියාපදිංචි වෙච්ච විදේශ නැව්. මේවා ශ්‍රී ලංකාවේ වරායවලින් ලබාගන්නා සේවාවලට ගෙවන්නේ ඩොලර් වලින්... නැව් ලංකාවට ආවා නම් ඒවට තෙල් දුන්නා නම් ලංකාවට ඩොලර් ලැබිලා ඇති. එම ලැබී තිබෙන ඩොලර් ලාභයක් සමඟයි ලැබී තියෙන්නේ. රජයේ කියන්න ඕනේ ඩොලර් ලැබිය තියෙද්දීත් ඇයි තෙල් ණය නොගෙවා හිටියේ. මේවා කලින් රජයන් වලින් ගහපු සුපිරි සෙල්ලම්. මේ දේශපාලනඥයින් රටේ නිලධාරින් හොරකම් කරපු රුපියල්වලින් තමයි මේ ඩොලර් විදේශ රටවල්වලට පැන්නුවේ...!

:       3       18

Sandaruwan Perera Sunday, 14 August 2022 07:35 AM

හොදයි උබලට අලුතෙන්ම කොමිස් ගහන්න පුලුවන්නෙ එතකොට.

:       2       7

Ananda Premalal Sunday, 14 August 2022 09:21 AM

Dear all, Do not try to give sweet talk.

:       0       4

Athula Sunday, 14 August 2022 11:26 AM

බොරදියේ මාළු බාන රාජපක්ෂ හැතිකරේ කරන අසමජ්ජාති ද්‍රෝහී කම් නිසා රටක ජනතාව විඳින දුකක්. මේ සේරම විනාශයන් ඕකුන්ගේ කොමිස් වලට ඇති ගිජුකම. උඹලටනම් ප්‍රාජතාන්ත්‍රික ක්‍රමයට කථා කරලා පලක් නැහැ . වෙනත් භාෂාවක් ඕන.

:       1       6

fairoos Sunday, 14 August 2022 03:14 PM

රට මේ තත්වයට පත්කරන්න මුල්වූ හැමෝටම හෙණ වදිනවා.

:       0       7

sharm warn Monday, 15 August 2022 11:01 AM

දැන් නිකන් ලාවට වගේ ඔලුවට එනවද අරගලය පටන් ගත්තේ කොහොමද කියලා..? තවත් සුබ ආරංචි සහ අතිවිශේෂ සහන ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න සහෝදරවරුනි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site