
(අංජුල මහික වීරරත්න)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර මංගල්‍යය සහ සතර මහා දේවාලවල වාර්ෂික පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව ජනාධිපතිවරයාට සැළ කිරීමේ සම්ප්‍රදායික උත්සවය මහනුවර ජනාධිපති මන්දිරයේ අද (12) පස්වරුවේ පැවැත්විණි.
පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි ශ්‍රී දළදා මාලිගාවෙි දියඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබීය.
අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙරහර මංගල්‍යය සාර්ථකව කළ බව දැනුම් දෙන සාම්ප්‍රදායානුකූල සංදේශය ජනාධිපතිවරයාට පිළිගැන්වූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ මහනුවර නගරාධිපති කේසර සේනානායක මහත්වරු ද මෙහි සිටිති.
2025 දෙසැම්බර් මස 18
452
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දළදා පෙරහර අවසන් බව ජනපතිට දැනුම් දෙයි
arschfikaa Saturday, 13 August 2022 02:10 AM
තඩි බඩවල් තියන මහ ගොඩක් ඉන්න ඔය නිලමේවරුන්ගෙන් රටට ඇති ඵලය කුමක්ද?
SudheshSaturday, 13 August 2022 09:46 AM
ඒ ඒ නිලමේවරුන් සතුව දළඳා මාලිගයේත්, උත්සව සංවිධානයේත් සතු බාරධූර වගකීම් රැසක් පවතිනවා. අනිත් එක ඔය මිනිස්සුන්ට ඔය පේනතරම් බඩක් නෑ. ඇඳුම නිසයි එහෙම පේන්නේ... අනුන්ගේ ඵලය කෙසේවෙතත් දැනුමේ තරමින් තමුන්ගෙන් නම් කිසිම ඵලක් නැති බව මුලු රටම දැක්කා.
menna Saturday, 13 August 2022 05:16 AM
මේ පින්තූර දැක්කාම පෙනෙන්නේ කන්ද උඩරට කැබිනට එක වගේ ...!