
(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ආධාර වශයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යූරෝ ලක්ෂයක (රුපියල් කෝටි හතරක පමණ) මුදලක් ලබා දී ඇති බව කොළඹ අගරදගුරු පදවිය පවසයි.
පාප් වහන්සේ මෙම මුදල මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමන් වෙත ප්‍රදානය කර ඇති බවත්, එම ආධාර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට බෙදාදීම කොළඹ අගරදගුරුතුමන්ගේ සහ ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (13) සහ අනිද්දා (14) දිනවල සිදුකෙරෙන බවත් ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.
කාදිනල්තුමන් ඉකුත් පෙබරවාරි මාසයේ වතිකානයේ කළ සංචාරය අතරතුරදී පාප් වහන්සේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැකබලා ගන්නා වැඩපිළිවෙල සම්බන්ධයෙන් විමසා බලා ඇති අතර, එම වැඩපිළිවෙල ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම ආධාර මුදල ලබාදී ඇතැයි ද පියතුමෝ සඳහන් කළහ.
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී මිය ගිය අය වෙනුවෙන් හා ඉන් තුවාල ලබා සදාකාලික ආබාධිත තත්වයට පත්වූවන් වෙනුවෙන් මෙම ආධාර ලබාදීමේදී වැඩි අවධානයක් යොමු කරන බව ද ජූඩ් ක්‍රිසන්ත පියතුමෝ පැවසූහ.
2025 දෙසැම්බර් මස 18
452
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්කු වින්දිතයන්ට පාප් වහන්සේගෙන් යූරෝ ලක්ෂයක්
randil Friday, 12 August 2022 05:04 PM
දැන් කියාපල්ලා ජාත්‍යාන්තර කුමන්ත්‍රණයක් කියලා
Bamunuarachchi Friday, 12 August 2022 05:40 PM
අන්න රටට විදේශිය විනීමය යුරෝ ලක්ෂයක්ආ වා
randilSaturday, 13 August 2022 08:49 AM
තොපේ මහ එකාලා හොරා කාපුව වගේ පවුලත් එකක් මේ මිනිස්සුන්ට දෙන්න කියපන්කො. නිවට බත් බැලයා. තවත් හෝදන්නේ නැතුව හිටපල්ලා.
බද්රානි Friday, 12 August 2022 06:45 PM
ස්තූතියි! පාප් තුමෙනී.අසරණයින් වෙනුවෙන් ඒ කල උපකාරයට ඔබතුමාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය හිමිවේවා!කාදිනල් තුමාට මේ ආධාර මුදල ලබා දුන් නිසා එය නිසි ආකාරයට පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ලැබෙන බව සිකුරුයි.මොනා උනත් නව ජනාධිපති වරයාගේ පත්වීමෙන් අනතුරුව මේ ආධාරය ලබා දීම නුවණට හුරුයි.එසේ නොමති වුවා නම්, රාජපක්ෂ නමැති හොර කල්ලිය ඔය මුදලත් කුමන ආකාරයකින් හෝ මංකොල්ල කන එක වලක්වන්න බැහැ. ඒ උනාට මට තියන සැකය, මේවා දැකලා, රාජපක්ෂ නිකායේ පුජක රැල චීවරය ගලොවා, ලෝගුව ඇඳගෙන වතිකානුව පැත්තේ හිඟමනේ යයිද කියලයි. දහම පමණක් නොවෙයි, අම්ම අප්පවත් විකුණගෙන කයි මුදල් ලැබෙනවා නම් මේ අය.
SudheshSaturday, 13 August 2022 06:10 AM
යුරෝ ලක්ශෙට ඔච්චර උඩ යන්න එපා. මොකද බෝම්බෙ ගහන එක ලොකු ලෝගු හැමෝම දැනගෙන හිටියෙ. ඉස්ලාම් අන්තවාදයේ තරම වලදාලා, ඒක රාජපක්ශලා පිට පටවලා ඔය ප්‍රශ්නෙ ඔහොම විසඳිලා ඉවර වුනොත් හොඳයි. ඒත් ඔච්චරම මෝඩයි නම් කියන්න තව ලක්ශ කීපයක් ලෑස්ති කරල තියා ගන්න කියලා. මොකද ගංවතුරකින් හානි වෙච්ච මිනිස්සුන්ට, ඒක උනේ ලැව් ගින්නකින් කියල කියනව නම් උන් ඊලඟ ගං වතුරට ලෑස්ති වෙන්නෙ නෑ.
AlfreadSaturday, 13 August 2022 06:18 AM
පව් බං උඹල. ඉතාලියේ නොට්‍රඩෑම් පල්ලිය ගිනිගත්තු වෙලාවේ සැනෙන් යුරෝ මිලියන ගානක් යවපු අය ලංකාවෙ උන් 300ක් මැරෙන්න රටපුරාම බෝම්බ ගැහුවම අවුරුදු 3කට පස්සේ එවනව ඩොලර් ලක්ශයක්. ඒකට එලදෙනක් ගිය උඩ දැක්කම පව් කියල හිතෙනව. බෝම්බෙ ගහල මාස ගාණක් යනකම්ම නායකය හිටියේ දැන් ඉන්න රනිල්ම නේද. ඒ දවස් වලම ඕක එව්ව නම් ඒකට තුවාල වෙච්ච අහිංසක මිනිස්සු උන්ගේ සැත්කම් වල වියදම්, බෙහෙත් වල වියදම් පියව ගන්නව නේද. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්නත් ඉගෙන ගන්න.
විපරමා Saturday, 13 August 2022 02:09 AM
අගරදගුරු තුමාට ලැබුණු නිසා වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරයි. දේසපාලුවෙකුගේ අතට ගියානම් සුනාමි ආධාර වලට වෙච්ච් දේ තමා වෙන්නේ?