
(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ආධාර වශයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යූරෝ ලක්ෂයක (රුපියල් කෝටි හතරක පමණ) මුදලක් ලබා දී ඇති බව කොළඹ අගරදගුරු පදවිය පවසයි.
පාප් වහන්සේ මෙම මුදල මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමන් වෙත ප්‍රදානය කර ඇති බවත්, එම ආධාර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට බෙදාදීම කොළඹ අගරදගුරුතුමන්ගේ සහ ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (13) සහ අනිද්දා (14) දිනවල සිදුකෙරෙන බවත් ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ.
කාදිනල්තුමන් ඉකුත් පෙබරවාරි මාසයේ වතිකානයේ කළ සංචාරය අතරතුරදී පාප් වහන්සේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් රැකබලා ගන්නා වැඩපිළිවෙල සම්බන්ධයෙන් විමසා බලා ඇති අතර, එම වැඩපිළිවෙල ශක්තිමත් කිරීම වෙනුවෙන් මෙම ආධාර මුදල ලබාදී ඇතැයි ද පියතුමෝ සඳහන් කළහ.
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී මිය ගිය අය වෙනුවෙන් හා ඉන් තුවාල ලබා සදාකාලික ආබාධිත තත්වයට පත්වූවන් වෙනුවෙන් මෙම ආධාර ලබාදීමේදී වැඩි අවධානයක් යොමු කරන බව ද ජූඩ් ක්‍රිසන්ත පියතුමෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියාපල්ලා ජාත්‍යාන්තර කුමන්ත්‍රණයක් කියලා
අන්න රටට විදේශිය විනීමය යුරෝ ලක්ෂයක්ආ වා
ස්තූතියි! පාප් තුමෙනී.අසරණයින් වෙනුවෙන් ඒ කල උපකාරයට ඔබතුමාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය හිමිවේවා!කාදිනල් තුමාට මේ ආධාර මුදල ලබා දුන් නිසා එය නිසි ආකාරයට පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ලැබෙන බව සිකුරුයි.මොනා උනත් නව ජනාධිපති වරයාගේ පත්වීමෙන් අනතුරුව මේ ආධාරය ලබා දීම නුවණට හුරුයි.එසේ නොමති වුවා නම්, රාජපක්ෂ නමැති හොර කල්ලිය ඔය මුදලත් කුමන ආකාරයකින් හෝ මංකොල්ල කන එක වලක්වන්න බැහැ. ඒ උනාට මට තියන සැකය, මේවා දැකලා, රාජපක්ෂ නිකායේ පුජක රැල චීවරය ගලොවා, ලෝගුව ඇඳගෙන වතිකානුව පැත්තේ හිඟමනේ යයිද කියලයි. දහම පමණක් නොවෙයි, අම්ම අප්පවත් විකුණගෙන කයි මුදල් ලැබෙනවා නම් මේ අය.
අගරදගුරු තුමාට ලැබුණු නිසා වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරයි. දේසපාලුවෙකුගේ අතට ගියානම් සුනාමි ආධාර වලට වෙච්ච් දේ තමා වෙන්නේ?