ඉන්දිකා රාමනායක
මහනුවර දුම්රිය ස්ථානයේ දී විදේශීය යුවළකට වැඩි මිලට දුමිරිය ප්‍රවේශ පත්‍රයක් අලෙවි කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
රුපියල් 2600 ක ප්‍රවේශපත්‍රය සැකකරු විසින් රුපියල් 7600ට අලෙවි කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.
සැකකරු මෙම ප්‍රවේශ පත්‍රය අලෙවි කරමින් සිටියදී දුම්රිය ස්ථානය ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඔහු අත්අඩංගුවට ගෙන පොලීසියට බාර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
449
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1038
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2600 දුම්රිය ටිකට්ටුව 7600ට විකුණලා
sachith Sunday, 14 August 2022 08:05 AM
ඕක අලුත් දෙයක් නෙවෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් ඕවට සම්බන්ධයි. අපට ලේසියෙන් බුකින් එක්ක් දාගන්න බෑ මාසෙකට කලින් ගියත්. හැබැයි එළියේ කලුකඩේ ඒ දවසට ටිකට් තියනව ඕනි තරම්.
mena Sunday, 14 August 2022 08:52 AM
පිලී පැනීම් වැඩියි. වර්ජන වැඩියි, වැසිකිලි අපිරිසිදුයි. දුගඳ වැඩියි. ලංකාවේ රේල්පාරට නොගැලපෙන විදියට අසාමාන්‍ය මිලගණන් වලට දුම්රිය මැදිරි ආනයනය කරනවා. දුම්රිය මැදිරි නඩත්තුව මන්දගාමී. දුමිරිය මැදිරි හෝදන්නේ නැහැ. අප්රිසිදුයි. රේල්පාරවල් නඩත්තු කරන්නේ නැහැ. හැමවෙලාවෙම ගැස්සී ගැස්සී දුවන්නේ. ස්ටේෂන් අපිරිසිදුයි. දොස්තරවරුන්ට පසුව දෙවනියට වැඩිම විශ්‍රම වැටුප තියෙන්නේ දුම්රිය සේවයටලු. වෘත්තිය සමිති මොකට තියෙනවද නොදනී. ගමනාගමන කොමිෂන් සභාවටද මෙය කිවයුත්තේ?
de silva Sunday, 14 August 2022 09:56 AM
මම ලංකාවේ දැකපු ටිකට් විකුණන පුද්ගලයන් හැම දෙනෙකුගේම මූනේ කිසිම හිනාවක් නැහැ. ගාන ඇහුවත් තරහින් කතා කරන්නේ. ටිකට් එක අරන් කවුන්ටර් එක යටින් නිකම්ම විසි කරලා දානව. නිතරම හෑන්ඩ් ෆෝන් එක ඔබමින් ඉන්නේ. මුල්න්ම මේ ගොල්ලන්ට රාජකාරි කාලය තුලදී ස්මාට් ෆෝන් භාවිතය තහනම් කරන්න. ඉන්පසුව ඩිසිප්ලීන් උගන්වන්න. අපි මේ ගොල්ලොන්ගෙ යටත් වැසියො නොවේ.
Prabha Sunday, 14 August 2022 11:11 AM
අර නෝනා කිව්වෙනම් විදේශිකයෝ එන්නේ නැත්තේ අරගලකරුවෝ හින්ද කියලා.
Nihal Sunday, 14 August 2022 02:18 PM
රේල් පාර දෙපැත්ත ගැනත් බලන්න... කෝච්චිය ආප්පයක් මැදින් යනවා වගේ පාරෙ දෙපැත්තේ ප්ලාස්ටික් කුණු ගොඩවල් නිමක් නෑ.
HARAMANIS Sunday, 14 August 2022 03:29 PM
අපේ රටේ, කෝච්චි සමිතිකාරයෝ එළවපු දාට හොඳ දුම්රිය සේවයක් බලන්න පුළුවන් වේවි...!
D. Kannangara Monday, 15 August 2022 10:31 AM
නියමිත ප්‍රවේශපත්‍ර නිකුත් කරන ස්ථානය තියනකොට වටින්ගොඩින් ටිකට් ගන්න මෝඩයින් ඉන්නවාද? විදේශීය සංචාරකයින් වැඩිපුර සංචාරය කරන ස්ථානවල මේ පිළිබඳව දැනුවත් කරලා අවවාදාත්මක පුවරුවක් අදාළ ස්ථානවල ප්‍රදර්ශනය කරන්න බැරිද? සමහරවිට දුම්රිය නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව මේවා වෙනවා වෙන්නත් පුළුවනි. රටේ සංචාරක කටයුතු අමාත්‍යවරයා කප්පම් ගන්නකොට අපි කීයක් හරි හොයාගත්තාම මොකද කියලා හිතන එකත් වැරැදි කියන්න අමාරුයි. සංචාරක ඇමැතිට දාන්න ටිකක් ප්‍රසන්න මිනිහෙක් නැද්ද මේ හොරු ගොඩේ...