(අංජුල මහික වීරරත්න)
ඉන්දීය රජය ශ්‍රී ලංකාවට සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානාවක් ප්‍රදානය කිරීමට කටයුතු කර තිබේ.
මෙම සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ඩෝනියර් 228 වර්ගයට අයත්ය.
ගුවන් යානය ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමෙි උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී සඳුදා(15) පෙරවරුවේ පැවැත්වෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඉන්දියාව ලංකාවට ගුවන් යානයක් තෑගි දෙයි
ganegoda Saturday, 13 August 2022 04:21 PM
මේ ගුවන් යානයට කැමරා 100ක් විතර සවිකර ඇත. දැන් ඉන්දියාවට පුළුවන් ලංකාවේ තියෙන සහ කරන දේවල් සජීවීව නරඹන්න...!
siri Saturday, 13 August 2022 04:30 PM
මෙය ඉන්දියාවේ නිෂ්පාදිත එකවරකට මගීන් 20 දෙනෙකු රැගෙන යාහැකි ගුවන් යානයකි... ඉන්ධන ටැංකිය පිරෙන්න ඉන්ධන සමඟ තෑගි දුන්නා නම් හරිම වටිනවා. නැත්නම් වෙන්නේ හැම නිරීක්ෂණ චාරිකාවකදීම ඉන්ධන ගන්න තිවේන්ද්‍රම් බලා පියාසර කරන්න වෙන එකයි.
ganegoda Sunday, 14 August 2022 11:09 AM
හිනා කරවයි කියන දෙයට සීමාවක් නැහැ. මොනවටද මේ හිගන මඟුල්?
රනේ Saturday, 13 August 2022 04:34 PM
තෙල් ටිකකුත් ඉතින්.... දන්නවනේ...!!!
priyamala Saturday, 13 August 2022 09:00 PM
මෙය චීන නැවට එකටඑක කිරීමක්... චීනනැව දින කීපයක් ප්‍රමාද කරන ලෙස ඉල්ලීමට හේතුව මෙයයි. චීනය ප්‍රකෝප කිරීමක්. දීර්ඝ කාලීන ප්‍රතිඵල ගෙනදෙන්නක්. අපේ පාලකයින්ගේ අමනකමෙන් ඉන්දියානුවන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ලැජ්ජයි. මෙවැනි කපටි වැඩවලින් මෙරට ජනතාව පාලනය කළහැකි නමුත් චීනය මට්ටු කිරීමට නොහැකි බව ජනාධිපතිවරයා වහා තේරුම් ගත යුතුයි...!
chandima Sunday, 14 August 2022 01:32 AM
යානයේ මෘදුකාංගවල ඉඳන් කැමරා පද්ධති, රේඩාර් පද්ධති දක්වා සෑම දෙයක්ම පරීක්ෂා නොකර උදේට නම් නග්ගන්න එපා. මේක අපිව ආක්‍රමණය කළාට වඩා භයානකයි.
menna Sunday, 14 August 2022 11:47 AM
ලංකාවේ රේල්පාරවල් වල දුවන්න බැරි specification එකේ දුම්රිය මැදිරි හදනවා. බොරුවට කසිකබල් ගුවන් යානාවක් දීල මහා ලොකු වැඩක් කරා වගේ.
ganegoda Sunday, 14 August 2022 12:08 PM
පාලකයින්ගේ තරමට තමයි තෑගි භෝග ලැබෙන්නේ.
fairoos Sunday, 14 August 2022 01:52 PM
චීන නෞකාවේ ඔත්තු බලන්න වෙන්න ඇති.