
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව වරකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සහ කිව්.ආර්. කේතයට ලබාදුන් ඉන්ධන ප්‍රමාණය සමාන වියයුතු යැයි නියමක් පනවා ඇති බවත් රාජ්‍ය ආයතනවල වාහනවල කිව්.ආර්. කේතයට ඇතුළත් නොකර ඉන්ධන ලබාගැනීම නිසා පිරවුම්හල් කළමනාකාරිත්වය ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවත් ඉන්ධන පිරවුමහල් හිමියෝ කියති.
මානුෂික හේතුන් මත කිව්.ආර්. කේතය නොමැතිව ඉන්ධන ලබාදීමට සිදුවන අවස්ථාව ද ඇති බව කී ඉන්ධන පිරවුම්හල් හිමියන් රෝහල්ගත වීමට වාහනයට ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා සිටි විට නොදීසිටීමට නොහැකි බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජයේ ආයතනවලටත් සතියකට ලිටර් 20 හොදටම ඇති. සුදු අලියන් නඩත්තු කරන එක රටට බරක්. පුලුවන් තරමි මෙිවා පුද්ගලික අංශයට දිය යුතුයි.
එව්වා මානසික හේතු නෙවෙයි වෙන හොර වැඩ. QR ක්‍රමය ඉතා සාර්ථකයි.
QR කේතය හඳුන්වා දීමෙන් අනතුරුව මෙතෙක් නිරීක්ෂණය වු දිගු පෝලිම් යම් ආකාරයකට අඩුවි තිබේ. එහෙත් රාජ්‍යය වාහන සඳහාද යම් ක්‍රමවේදයක් ඉක්මනින් හඳුන්වා නොදුන්නොත් ඉන්ධන පිරවුම් හල්වලට ලැබෙන ඉන්ධන ප්‍ර්‍රමාණයට සරිලන සේ ඉන්ධන නිකුත් කළ ආකාරය හා ඊට ඉන්ධන ගිණුම් පිළිබඳව නිසි විස්තරයක් ඛනිජ තෙල් සංස්ථාවට ලබාදීමට නොහැකිවීම තුළින් ඉන්ධන පිරවුම්හල වෙත ඉන්ධන යම් ආකාරයකට ප්‍ර්‍රමාදවිම පමණක් නොව ඉන්ධන නොලැබීම නිසා නැවත පෝලිම් වැඩිවී නොසන්සුන්කාරී තත්වයත්ද ඇතිවේ.
ඉන්ධන පිරවුම්වල සේවකයෝ උන්ගේ නෑදෑයන්ට හිතවතුන්ට තෙල් ගැසීමක් සිද්ද වෙනවා. QR ක්‍රමයට බැහැරව.
මෙහෙම වංචා කලොත් ලෙඩක් ගෙනයන්න කියලා පෙරදින ඉන්ධන ගත්තු අයෙකුට පසුදින නැවතත් ඉන්ධන ගන්න පුළුවන් වේවි එහෙම කලොත් නැවතත් පෝලිම් යුගයක් ඇතිවේවි එනිසා QR ක්‍රමය වෙනසක් නොකරන්න ඉන්ධන පිරවුම් හල් කරන්නෙ මගඩියක් වෙන්න පුළුවන්.
දැන් මඟුල් කපුවලගෙ කේන්දර ගැලපීමට පමණක්ම කසාද කරලා දෙන එක ගැටලුවක් නිසා අම්මලා රුධිර කිව්.ආර්. කේතයද සොයා බලන බව ඔබලා දන්නවද..??
හා හා ඒහෙමයි කියල බවුසරේ පිටින් දෙන්න විදියක් නෑනේ
QR. එකෙන් පස්සෙද මානුෂික හේතූන් මතක් වුණේ
QR code ක්‍රමය සාර්ථකයි. දැන් පෝලිම් අඩුයි. ඉන්ධන පිරවුම්හල් හිමියන්ට හොරාට දෙන්න බැරි නිසයි ඔහොම කියන්නේ. මේ ක්‍රමය දිගටම කරන් යමු. දුර ගමනක් යන්න තෙල් මදි උනත් අත්‍යවශ්‍ය දේ කරගැනීමට ඇති. පොදු ප්‍රවාහනයටත් හුරු වෙමු. දුෂ්කර ප්‍රදේශවලට ලංගම බස් දැම්මනම් හොඳයි.
ඕක තබා වෙලා තියෙන්නෙ, ගසා කන්නයි, හොර වැඩවලටයි පුරුදු වුණාම ලේසි නැහැ යහමගට එන්න. අඩු ගාණේ මෙතැනින්වත් පටන්ගමු. මේ හොර මගඩි, වැඩ නවත්තලා පුනරුත්ථාපනය වෙලා යහමගට එන්න. බලශක්ති ඇමැතිතුමා ගත්තු එඩිතර තීරණයට සහ එයාට සම්මාදම් වූ සැමට මගේ ප්‍රණාමය.
QR කෝඩ් එක සාර්ථකයි. රජයේ වාහනවලට ලීටර් 20 සෑහෙනවා. හොර ජාවාරම් මැඬලන්න නම් නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න. QR තිබුණත් පොම්පකරුට 1000 දුන්නාම ෆුල් ටෑන්ක් ගහන අවස්ථා තිබෙනවා.
මොනව කලත් රාජ්‍ය සේවය රටට බරක් කියල හැම දේකින්ම පේනව. සුදු අලි...... විදුලිය ජලය වැනි සේවා නඩත්තු කටයුතුවල යෙදෙන සහ වෛද්‍ය පොලිසිය වැනි අත්‍යවශ්‍ය සේවාවල සේවා වාහන හැර අන් සියල්ල ලීටර 20 සීමාව යටතට ගන්න.
කවුරු මොනවා කිව්වත් මේ ක්‍රමය දිගටම පවත්වාගෙන යන්න. නිකරුනේ තෙල් නාස්තියත් බොහෝ දුරට අඩු වෙනවා.ලංගමයට දුම්රියට ආදායම් වැඩි වෙනවා. වාහන තදබදය අවම වෙනවා. ත්‍රී රෝද රථ උවදුරෙන් සමාජය ගැලවෙනවා.
පසුගිය සතියේ QR Code එකට අනුව මගේ වාහනයට පෙට්‍රල් ලීටර් 20ක් ලබා ගතිමි. මෙම සතියේ පසුගිය දිනක නැවත පෙට්‍රල් ලබාගැනීමේදී ලීටර් 15 පමණක් ලබා ගත හැකි වූයේ වාහනයේ ටැංකිය පිරුණු නිසාය. ඉතුරු ප්‍රමාණය මේ සතිය තුළම ලබා ගත හැකි බව පොම්පකරු පැවසුවත් පසුව මගේ දුරකථනය විමසීමේ දී ඒ අවස්ථාවේ මම ලීටර 20ත් ලබා ඇති බව සදහන්වී ඇත. ඒ පිළිබදව 1919ට පැවසීමේදී උපදෙස් ලබාදුන්නේ මම පෙට්‍රල් ලබාගත් ඉන්ධනහල ලබා ගත් දිනය හා වේලාව සදහන් කරමින් අදාළ පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන ලෙසයි. එහෙත් මම එසේ සිදු නොකළේ මගේ කාලය පෙට්‍රල් ලීටර් 5 කට වඩා වටිනා බැවින්ය. මෙය කාගෙත් දැනගැනීම සදහා පමණි-කුමාරි
ත්‍රීරෝද රථ හිමියන්ට ඉන්ධන ලීටර් 05ක් ලබා දීමෙන් ඔවුන්ට ගේදොර වැඩ කටයුතු සමග ලීසිං ගෙවීම බරපතල ප්‍රශ්නයක් බවට පත්වී ඇත.
හොඳ විනයක් නොමැති මිනිසුන් සිටින රටකට මෙම ක්‍රමය හොඳයි. හොරා කාලා පුරුදු වුනාම අත් හරින්න හරිම අමාරුයි.
QR කෝඩ් එකෙන් බයික් එකට තෙල් ගන්න අපි දෙවතාවක් පෝලිම් දෙකක පැය 9ක් සහ පැය 12ක් විතර හිටියා. පෝලිම් දිග අඩු නැහැ. දෙවතාවේම පෝලිම්වලින් භාගයකටවත් තෙල් ලැබුණේ නැහැ. කිව් ආර් එකත් එක්ක නම්බර් තහඩුවේ අවසාන අංක එකක් සලකා, දින 10කට වරක් තෙල් ලීටර 10/15ක් දිය යුතුයි. නැතිනම් එකවරක මාසයකට ඇති වෙන්න තෙල් දියයුතුයි. මිනිස්සු තෙල් හොයන්න ගිහින්ම එක දවසට ලීටර ලක්ෂ ගාණක් නිකන් පුච්චනවා. තව අමතර කෑමබීම වලට වියදම් කරගන්නවා. දුප්පතාට දීමනා ලැබෙන්නේ නැහැ.. මහ අයටයි සියලු දීමනා ලැබෙන්නේ. පෝලිමක දිගක් අඩුකරගන්න බැරි අය කොහොමද රටක් පාලනය කරන්නේ..? ඒ වගේම පොඩි බූලිවලට හෝ දිය යුතුයි. එවිට ෂෙඩ්වලට හොර කරන්න බැහැ. දිනකට මිනිස් පැය ලක්ෂ ගණන් පාරේ අහක යනවා. ගිනි අව්වේ වේලෙනවා.. ඇයි මෙහෙම වදදෙන්නේ? අනෙක ලීටරේට විශාල මුදලක් දීලයි තෙල් ගන්නේ... තෙල් දිය හැකි වාහන ගණන ගැනලා පෝලිමේ කෙළවරේ පොලිසියේ කෙනෙකු තබා පෝලිමට එන අනෙක් වාහන ඉවත් කරන්න පුළුවන්.. එවිට නිකරුනේ මිනිස්සු දින ගණන් පෝලිමේ කාලය නාස්ති කරන්නේ නැහැ.
QR කේතයට පෙර මිනිසුන්ටවූ අපහසුතාවය දැනට වඩා දහස් ගණනින් වැඩිය. එම දිනවල පෝලිම්වල සිදුවූ මරණ කොපමණද?එම නිසා බොරුවට මානුෂීය මුහුණුවරක් ගෙන මෙම QR කේතය කඩාකප්පල් කිරීමට ඉඩ ලබා නොදෙමු!
කිසිම ගැටළුවක් නෑ. QR එක නිසා පැය භාගයක් පෝලිමේ ඉඳලා සතියකට ලීටර 20ක් ගහගන්න පුළුවන්... ඉස්සර දවස් 4-5 පෝලිමේ ඉඳලා යන්නේ හිස් අතින්. හැමෝගේම ගැටළු විසඳන්න එක පාරටම බැහැ.