(විමුක්ති එස් රුද්‍රිගු)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට තායිලන්ත රජය අවසර ලබා දුන් නමුත් එම කාලය තුලදී ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන් හට ස්ථිර රැකවරණය ලබා දීමට කැමති රටක් සොයනු ඇතැයි තායිලන්ත අගමැති ප‍්‍රයුත් චාන් ඕ චා මහතා ප්‍රකාශ කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට ලබා දී තිබූ වීසා බලපත්‍රය අද (11) කල් ඉකුත් විය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට මානුෂීය හේතුන් මත තායිලන්තයට පැමිණීමට ඉඩ ලබාදුන් බවත් රාජපක්ෂ මහතා වෙනත් රටක ස්ථිර රැකවරණ සොයන අතරතුර තායිලන්තයේ කිසිඳු දේශපාලන කටයුත්තක් නොකරන බවට පොරොන්දු වූ බවත් තායිලන්ත අගමැති ප‍්‍රයුත් චාන් ඕ චා මහතා පැවසුවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි බැවින් තායිලන්තයේ දින 90 ක කාලයක් රැඳී සිටිය හැකි බව තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පාස්පෝට් එකක් තියනවා, අපරාධ කරලා නැහැ, හිටපු ජනාධීපතිලා තරම් හොරකම් කරලත් නැහැ, සරලව ජීවත් උනා, අවු 70ක් ණයට කාල සැපට ඉඳපු මිනිස්සුන්ගෙ පව් වලට කරගැහුවා විතරයි. මේ ආර්ථීක ප්‍රශ්ණෙ කොහොමත් එනවා, ඒක මේ කොරෝනා නිසා ඉක්මන් උන එක විතරයි උනේ. දැන් ලංකාවට එන්න එපා කියලා කවුද කියන්නෙ. මොකක්ද තියෙන බාධකය.
හොරකම් වංචා දූෂණ කරලා නැත්නම් ආපහු එන්න බය වෙන්න එපා.
ඉන්න හිතෙන රටකට ගියාට බාරගන්න කැමති රටක් වෙන්නත් ඕනනේ.
අනේ දිගටම තියා ගන්නකෝ තායිලන්තය, කියන තැනකට වඳින්නම්
ඔහොමම සෞදියට බාරදෙන්න... ඒ අය සරණාගතකම දෙයි…
ඔබතුමා තැන තැන යන්න ඕන නෑ මෙහේ ඇවිත් ජීවත් වෙන්න. කළගුණදත් සිංහලයන් සැමදා ඔබ සමගයි
ඝෝඨාභය මහතා වෙනත් රටවල රැකවරණය සොයන්න වරදක් ලංකාවේ හෝ රටින් පිට කර නැහැ. ඔබතුමාගේ පැමිණීම අපි ආදරයෙන් බලාපොරොත්තු වෙනවනවා . එත් ටිකක් ඉවසන්න ජෙප්පෝ දියකර හැරීමේ කර්තව්‍ය පටන්ගෙන තිබෙනවා. අපි ජෙප්පන් විනාස කිරීමේ කර්තව්‍යට දායක වෙනවා. වැඩිකල් නොගොස් අනුරට රැකවරණය ලබා දීමට කැමති රටක් සොයන්න වෙනවා. එතෙක් ඉවසන්න.
මොකද උගන්ඩාවට යන්නෙ නැත්තෙ? සහෝදරයාගෙ ඔබලගෙ සේරම හොර වියාපාර තියෙන්නෙ එහෙනේ
කරුණාකර එතුමාට සියලු ගෞරව සහිතව ලංකාවට එන්න කියා ආරාධනා කරන්න.
ගෝඨාභය එක ඩොලරයක් ණය අරගෙන නැහැ.මහින්දගේ කාලේ ණය අරගෙන තිබුනේ ඩොලර් බිලියන 3යි 2014-2020 කාලේ යහපාලකයෝ ඩොලර් බිලියන 12 ණය අරගෙන තිබුනා කියලා පාර්ලිමේන්තුවේ කියන්නේ අනුර.මම you tube. එකේ ඇහැව්වා එහෙනම් මොන බම්බුවකටද මිනිහෝ රාජපක්ෂලා රට ණය කෙරුවා කියලා පට්ට බොරු කිවිවේ කියලා.