(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
හදිසි අනතුරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම රෝහලට ඊයේ (11) පෙරවරුවේ ගියේය.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනි මහතාගේ තත්වය පිළිබඳව ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් සමග දීර්ඝ වේලාවක් කතාබහ කර ඇතැයි දැනගන්නට ඇත.
ජැක්සන් ඇන්තනි මහතා සුවපත් කර ගැනීම සඳහා හැකි සෑම උදව්වක්ම කරන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවුලේ සාමාජිකයන්ට දැනුම්දී ඇත.
චිත්‍රපටයක රූගත කිරීම් අවස්ථාවකට සහභාගීවී නවාතැන් ගෙන සිටි ස්ථානයට පැමිණෙමින් සිටියදී සිය මෝටර් රථය අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී ඉකුත් ජුලි මස 2 වැනිදා අලියකුගේ හැපීමෙන් සිදුවූ අනතුරකින් ජැක්සන් ඇන්තනි මහතා බරපතළ තුවාල ලැබීය.
ජැක්සන් ඇන්තනි මහතා එම අනතුරින් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැය 7ක ශල්‍යකර්මයකටද භාජන කෙරිණ.
මේ අතර කලාකරුවන් ඇතුළු විවිධ සංවිධාන විසින් ජැක්සන් ඇන්තනි මහතාට සුවය පතා රට පුරා බෝධි පූජා ඇතුළු පින්කම් රැසක් පසුගිය දිනවල සංවිධාන කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම බලන්න යන්න ඕන- මස්සිනා පොඩ්ඩ නේද?
තවත් මේ මනුස්සයව රවටන්න එපා හලෝ… ජැක්සන් අයිති රටට මිසක් දේශපාලක පිසාචයින්ට නොවේ…! නුඹලා මේ උතුම් මිනිහව වෙන්දේසි කලා….!
තැඹිලි උගුරක් පෙව්වා නම් වීරවංශ නැගිට්ට වගේ නැගිටියි.
ගුටි කන වටපිටාවක ඔබතුමා කරපුදේ අගය කරනවා.
අනේ හොඳයි බුදුන් දැක්කා වගෙ ඇති ජැක්සන්ට
He is compelled to go.
අපොයි දෙයියනේ දැන් මොකද කරන්නේ?
උපතින්ම කතෝලික සම්භවයක් හිමි ජැක්සන් ඇන්තනි සිංහල භාෂාවට,සංස්කෘතියට එහි ඉතිහාසයට දැක්වූ ආසාව ගෞරවය නිසාම අති මහත් දැනුම් සම්භාරයකට උරුමකම් කියන අති දුබල ලාංකිකයෙකි. ඔබ හට කළගුණ අමතක නොකරන අතලොස්සකගේ කළගුණ සැලකීම් ලැබීම අපගේ සිත්වලට දැඩි සතුටක් ගෙනදේ....ඔබ හට ඉක්මන් සුවය පතමි.
කලාකරුවෙක් විදියට ජැක්සන් ඇන්තිනි රටක් වටින මනුස්සයෙක් .ඔහුට ඉක්මන් සුවය ලැබේවා .
වෙස් වලාගෙන ගිහින් තියෙන්නේ?
මහින්දට කඩෙ ගිය තරමට බලන්න යන්න ඔන තමයි. . අපිට ඉන්න දක්ශතම රන්ගධරයව කුනු කෑල්ලක් කරපු දේශපලුව... හැබැයි ජක්සන් ආයෙමත් සුව වෙලා ආවම කඩෙ යන්නෙ නතුව ඉන්නහිතනව නම් හොදයි.. මොකද කලාකරුවන් අයිති දේශපලුවන්ට රෙදි අපුල්ලන රස්සවට නොවෙන නිසා..
ඉතුරු ටිකත් මරා ගන්න හදන්න එපා ඒ මිනිහගෙ
ජැක්සන් ගොඩ ආවොත් සියලුම ලකුනු ටික යන්නෙය් උඩ ඉන්න ඩෙවියන් වහන්සෙට. ඇයි ඩෙවියන් වහන්සෙය් ජැක්සන්ට හෙම කරේ කියල ප්‍රශ්න කරන්න නොන්ද පන තියෙන එකෙක් ඉන්නවද???
නැගිටල ගහපංකො ජැක්සන් මිනිස්සු උබට බැන්න තරමට...
ජැක්සන් ඇන්තනි ලොකු පවක් කරගත්තා නීල කාස හොර තක්කඩියෙක් බුදුන් වහන්සේට ඥාති සම්බන්දයක් ඇති බවට බොරු ප්‍රබන්දයක් ගොතල.
ජැක්සන් කලාවට දායකත්වයක් දුන් බව සැබෑවක්. නමුත් ඔහු සමාජයට නරක ආදර්ශයක් දුන් දේශපාලන බඩගොස්තරවාදියෙක්. උපතින් කතෝලිකයෙක් උන ඔහු, ශාක්‍ය වංශයෙන් පැවත එන බුදුන් වහන්සේටත් අපහාස කල අයෙක්. නීලකාශ හොර තක්කඩි වංශයකට, බුදුන් වහන්සේගේ රාජ්‍ය වංශය සැසදීමට අමනොඥ උත්සාහයක් කල අඥාන පුද්ගලයෙක්. සමහරවිට කතෝලිකයෙක් උන ඔහු “වස් වැදීමේ ආදීනව“ ගැන නොදන්නවා විය හැකියි. දිවට වචන ගලාගෙන ආ පමණින් දෙඩවීම නොකළ යුතුයි. ධාතු කරඬුව කරමත තබා ගැනීමට තරම් පින ඇති ඇතා (අලි වංශය) ගැන කතෝලිකයෙක්වූ ජැක්සන්ට අවබෝධයක් නොතිබෙන්න ඇති. රාජ වංශය(අලි) නිහීනයන් පාගා දමනු ලබන බව මම අසා තිබෙනවා එය සත්‍යයක්. කතෝලිකයෙක් ලෙස නොදැන කල පවට මනස්තාපවී, බුදුන් ගෙන් පව් කමාව ලබා ගන්න. එවිට සුවය ලැබේවි!!
ජැක්සන් මහත්තයෝ..., ඔබගේ මුදල් පසුම්බිය පරිස්සම් කරගන්න.
රට මේ තත්වෙට පත්කරපු අයට නම් සොබාදහමින් පඩිසන් ලැබේවා.