(ඩී.ජී.සුගතපාල)

මෙරට ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන අහංගම මිදිගම නදුන් චින්තක හෙවත් හරක් කටා අද (11) දහවල් ඩුබායි ගුවන් තොටුපොලේදි අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඔහු ලංකාවට ඒම සඳහා ඩුබායි ගුවන් තොටුපොලේ රැඳි සිටියදි අද දහවල් එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මොහු හෙට දිනයේ ලංකාවට ගෙන ඒමට නියමිත බවද පොලිසිය පවසයි.