(නිමල කොඩිතුවක්කු)
කොළඹ සහ බදුල්ල අතර නගරාන්තර අධි සුඛෝපභෝගී දුම්රියක් එළඹෙන සති අන්තයේ සිට සෑම සෙනසුරාදාවකම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
ඒ අනුව සෑම සෙනසුරාදාවකම පෙ.ව.05.30 ට කොළඹ කොටුවෙන් පිටත්වන නව “ඇල්ල ඔඩෙසි” අධි සුඛෝපභෝගී දුම්රිය පස්වරු 3.55 ට බදුල්ලට ලඟා වීමට නියමිතයි.
ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්කන, පේරාදෙණිය, මහනුවර, නාවලපිටිය, නානුඔය, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල,ඇල්ල සහ බදුල්ල යන දුම්රිය ස්ථානවල මෙම දුම්රිය නවත්වනු ඇත.
සෑම ඉරිදා දිනකම බදුල්ලෙන් පෙ.ව.09.50 ට පිටත්වන දුම්රිය රාත්‍රී 07.20 ට කොළඹට ලඟා වනු ඇත.
දුම්රිය ගමන අතරතුර හමුවන ආකර්ෂණීය නැරඹුම් ස්ථාන වල දුම්රිය නවත්වන බවත් දුම්රිය ප්‍රකාශකයකු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙි වෙලාවෙ බස‍් ගාස‍්තු දරා ගත නොහැකි මට‍්ටමකක පවතතින බැවින‍් දුමිරියයෙන‍් ගමන‍් පහසුව සලසා ගන‍් නන‍් ශිග්‍රයෙන‍් වැඩිවි අැතබව දැන දැනත‍් දුමිරිය බලධාරීන‍් සාමාන්‍ය මගීන‍් සදහා දුමිරියයන‍් වැඩිනොකාට සුඛේපභෝගී දුමිරියක‍් දැමිමිෙන‍් කුමක‍් බලාපොරොත‍් තු වෙිද