වැලි ගේන්න ගිය පියාට පහරදී 13 හැවිරිදි දරුවාට වෙඩි තියලා ටිපර් රථයක ගමන් මඟ හරස් කර, එහි ගමන් කළ පියාට පහර දී, සිය 13 හැවිරිදි පුත්‍රයාට රබර් උණ්ඩ සහිත අවියකින් වෙඩි තැබූ වන සංරක්ෂණ නිලධාරියකු අත්අඩංගුවට ගෙන නොච්චියාගම පොලිසියට බාර දුන් බව රාජාංගනය පොලිසිය පවසයි. 19 June 2022
වත්තල නිවෙසකින් ගිනි අවි පහක් හමු වෙයි වත්තල වැලිකඩමුල්ල ප්‍රදේශයේ නිවසක් වටලා සෝදිසි කිරීමේදී එහි තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි පහක් අඩංගුවට ගත් බව වත්තල පොලීසිය කියයි . 19 June 2022
දොඩම්ගොඩ තරුණයකු පැහැරගෙන යයි රෙද්දකින් අංක තහඩු ආවරණය කළ මෝටර් රථයකින් පැමිණි පිරිසක් බොම්ඹුවල සමනල උයන පෙම්රුක්වත්තේ තරුණයකුට පහරදී පැහැරගෙන ගොස් ඇතැයි දොඩංගොඩ පොලිසිය පවසයි. 19 June 2022
තෙල් ගන්න ඇවිත් හමුදාව හා ගැටෙයි කිලිනොච්චිය,විශ්වමඩු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක් අසළ ඇති වු නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට යුද හමුදාව අහසට වෙඩි තබා ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. 19 June 2022
සීගිරි සංචාරක කලාප පාළුවට යයි රට තුළ පවතින ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව ගෑස් හිඟය සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය හිඟය නිසා මෙරට සංචාරකයන් අඩුවී සීගිරිය සංචාරක කලාපය දැඩි පාලු ගොස් ඇති අයුරු එහි කළ සංචාරයකදි දැකගත හැකි විය. 19 June 2022
පළාත් රැසකට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියයි. 19 June 2022
පාලන මිලට ඩඩ්ලිගෙන් සහල් රජයේ පාලන මිලට හෙට සිට සහල් නිකුත් කරන බව සහල් නිෂ්පාදක ඩඩ්ලි සිරසේන මහතා ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද සවස පැවැසීය. 18 June 2022
සැඟවූ ඉන්ධන තොගයක් අනුරපුර ඉන්ධන හලකින් මතු වේ අනුරාධපුර නගරයේ ඉන්ධන හලක සඟවා ගෙන තිබූ ඉන්ධන ලීටර් තොගයක් පාරිභෝගියන් අතර බෙදා හැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනුරාධපුර ශාඛාවේ නිලධාරීහු කටයුතු කළහ. 18 June 2022
මෙරට අරබුදය ගැන ඉන්දියාවෙදී සාකච්ඡා කරයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දැනුවත් කළ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. 18 June 2022
පොලිසිය හා පොර බැදූ මාළු වෙළෙන්දා වෙඩි වැදී මරුට නෙළුව මැදගම ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ජාවාරමක් සිදු කරන බවට ලද තොරතුරක් අනුව නෙළුව පොලිස් නිලධාරි කණ්ඩායමක් එම නිවස වැටලු අවස්ථාවේ එහි සිටි පුද්ගලයකු පොලිස් නිලධාරියකුගේ ගිනි අවිය උදුරා ගැනීමට ගිය අවස්ථාවේ එය පත්තුවිමෙන් එක් අයකු සවස මියගොස් ඇතැයි නෙළුව පොලිසිය කියයි. 18 June 2022
විශ්වවිද්‍යාල වැසෙන ලකුණු රට තුළ වර්තමානයේ පවතින තත්වය පිළිබඳ අවධානය යොමුකර විශ්ව විද්‍යාල විවෘත කරනවාද වසා තබනවා යන තීරණය ගැනීමේ අයිතිය සියලුම විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 18 June 2022
බයිඩන් පා පැදියෙන් වැටිලා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, උදෑසන මුහුදු වෙරළේ සිය පා පැදිය පදිමින් සිටිද්දී, පා පැදිය සමඟ ඇදගෙන වැටුණු නමුත් ඔහුට කිසිදු අනතුරක් සිදු නොවිණි. 18 June 2022
කපුටා ඉන්ධන බෙදීම ප්‍රමාද කරයි දින පහකට පසුව ලැබුණු ඉන්ධන බෙදාහැරීම කපුටකු නිසා පැය භාගයක් ප්‍රමාද වීමේ පුවතක් බණ්ඩාරගමින් වාර්තා වෙයි. 18 June 2022
‘ලබන සතියේ සියලු පාසල් වැසීමට තීරණයක්‘ කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල මෙන්ම දිවයිනපුරා සියලු ප්‍රධාන නගරවල පිහිටි පාසල් ලබන සතියේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. 18 June 2022
පොලිසීයට අත ඔසවන්නන්ට නීති දැඩි වෙයි ඉන්ධන පිරවුම්හල් අසලදී පොලිස් නිලධාරීන්ට පහර දෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසීය. 18 June 2022
ජාතික ගුවන් සේවයට මේ වසරේදී කරන දේ ඇමති කියයි ජනතාවට බරක් නොවීම පිණිස ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත ගත කිරීම මේ වසරේදී අවසන් කළ යුතුව ඇතැයි වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 18 June 2022
තිස්සේ දී කෘෂි ඇමැතිට විරෝධයක් තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (18) පෙරවරුවේ පැවති රැස්වීමකට සහභාගීවූ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා එම ස්ථානයෙන් පිටව යද්දී ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඉදිරිපිට රැඳී සිටි පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල විය. 18 June 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසී යාමේ අවදානමක් ප්‍රමාණවත් බොරතෙල් ප්‍රමාණයක් නොමැති වීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 23 වැනිදායින් පසු වැසී යාමේ අවදානමක් පවතින බව වාර්තාවේ. 18 June 2022
කොළඹ පාසල් සතියකට වහයි කොළඹ නගර සීමාවේ පිහිටි රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ලබන සතියේ වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසීය. 18 June 2022
ඉන්ධන හිඟයෙන් රෝහලුත් වැසෙන ලකුණු රට පුරා රෝහල් රැසක කටයුතුද ඉන්ධන හිඟය නිසා අඩපණ වී ඇතැයි වාර්තා වේ. 18 June 2022
ඉන්ධන පිරවුම්හලේ ගැටුමෙන් පොලීසියේ 6ක් රෝහලේ අතුරුගිරිය ඉන්ධන පිරවුම් හලක ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් හයදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 18 June 2022
කැලණි ගඟට දැමු දරුවාගේ සිරුර වයික්කාල වෙරලේ මවක් කදිරාන පාලමෙන් කැලණි ගඟට විසි කළ 5 හැවිරිදි පිරිමි දරුවාගේ මළ සිරුර වයික්කාල මුහුදු වෙරළේ තිබී හමුවු බව පොලිසිය පවසයි 18 June 2022
පේරාදෙණිය සරසවිය වහයි රට තුළ මේ වන විට පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය අද සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බවඑම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයකු පැවසීය. 18 June 2022
‘නැගෙනහිර පර්යන්තය අදානිට දෙන්නේ නෑ‘ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ආදානි සමාගමට ලබා නොදෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 18 June 2022
‘ගිය වසරේ අධ්‍යාපනයේ විනාශය ගැන අනාවරණයක්‘ කොවිඩ් තත්වය සහ ආර්ථික අර්බුදය නිසා පසුගිය වසරේදී දරුවන්ගේ අධ්‍යාපනය අහිමිවීම සියයට 88ක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය. 18 June 2022
පිළිතුරුපත් බලන්න යන්න තෙල් ඉල්ලා ගුරුවරු මහපාරේ උත්තර පත්‍ර ඇගයිම් මධ්‍යස්ථානවලට යාම සඳහා ඉන්ධන නැතැයි පවසමින් අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයිමේ රාජකාරි කටයුතුවලට පැමිණෙන ගුරුවරු පිරිසක් අද (18) උදේ ගාල්ල කොටුව සවුත්ලන්ඩ්ස් විදුහල අසළදි උද්ඝෝෂණයක් ඇරැඹුහ. 18 June 2022
‘ලෙස්ටර් කෞතුකාගාරය පිටුපස රජ ගැහිලි‘ සිනමා ඉසිවර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් කෞතුකාගාරයක් හා සිනමා පාසලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) ජාතික චිත්‍රපටි සංස්ථාවේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත. 18 June 2022
කෝටි 11ක කොම්පියුටර් හොර පාරෙන් ලංගමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් අවභාවිතා කරමින් පරිගණක යන්ත්‍ර 800ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව) දැඩි අප්‍රසාදය පළවී ඇත. 18 June 2022
සහතිකයක් දුන්නොත් යළි සලකා බලනවා එරෝෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට සිදු කරන ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට සලකා බැලීම සඳහා නැවත රුසියානු ගුවන් යානයක් රඳවා නොගන්නා බවට ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් අවශ්‍ය බව එරෝෆ්ලොට් ගුවන් සමාගමේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. 18 June 2022
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025