IMG-LOGO

මැතිවරණ වියදම් සීමා කිරීමට මැකෝ ගෙන් උපදෙස්

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයන්ගේ වියදම් සීමා කිරීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට  උපදෙස් දුන්නේය.

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවූ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත කතානායකවරයා සහතිකය සටහන් කිරීමෙන් පසු බලාත්මක වන හෙයින් ඒ පනත ප්‍රකාරව කටයුතු කිරීමට සිදුවන නිසා පක්ෂ ලේකම්වරුන් සමග ඒ සම්බන්ධයෙන් මෙසේ සාකච්ඡා කළ බවද ඔහු ප්‍රකාශ කළේය.

මැතිවරණයේදී අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇත. මැතිවරණයේදී ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් 15ත් 20 ත් අතර මුදලක් පමණක් වැය කිරීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් එහිදී ප්‍රකාශකර ඇතැයි වාර්තා වේ.

එසේම මැතිවරණ ප්‍රචාරක කටයුතු විභාග කටයුතුවලට බාධා නොවන ආකාරයෙන් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දුන්නේය.

පළාත් පාලන මැතිවරණයට අදාළ සෙසු කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාවට මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා ලබා දුන් දේශපාලන පක්ෂවල ලේකම්වරුද කොමිසමේ සෙසු ප්‍රධානීහුද සහභාගී වූහ.

 



අදහස් (0)

මැතිවරණ වියදම් සීමා කිරීමට මැකෝ ගෙන් උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site